මහ කන්නයේ වී අස්වැන්න මිලට ගනියි ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු වතාවට 2020/21 මහ කන්නයේ ගොවින්ගේ වී අස්වැන්න මිලදී ගැනීම අද (30) වළහන්දූව යග්ගහවිල යායේදී සිදුකෙරිණි. ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දේපාර්තමේන්තුවේ හා වී අලෙවි මණ්ඩලයේ මැදිහත්වීමෙන් වී මිලදී ගැනිම සිදුකෙරිණි. 30 January 2021
කොරෝනා මර්දන එන්නත නුවරඑළියටත් මෙරට පැතිර යන කෝවිඩ් 19 වයිරසය මර්දනය කිරීම සඳහා ඉන්දියාවෙන් මෙරටට පරිත්‍යාග කරන ලද කෝවිඩ් මර්දන එන්නත් නුවරඑළිය දිස්ත්‍රික්කයේදී (30) දින එන්නත් කරනු ලැබීය. 30 January 2021
කොරෝනා මර්ධන එන්නත පොලොන්නරුව මහ රෝහලටත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ කටයුතු අද (30) පොලොන්නරුව මහ රෝහලේදී ආරම්භ කරන ලදී. 30 January 2021
හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මෙහෙයවීමෙන් හොරයින් මත්කුඩු බෙදා හැරීමේ නිරත පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 50කට අධික වටිනා මත්කුඩු තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී දෙමටගොඩ මහවිල උද්‍යානය අසලදී අද (30) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 30 January 2021
දකුණු පළාතටත් කොරෝනා මර්දන එන්නත ලබාදෙයි ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ ඔක්ස්ෆොර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත අද (30) සිට දකුණු පළාතේ රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරි කාර්යාලවල පළමු පෙළ සෞඛ්‍ය සේවකයන් වෙත එන්නත් කිරීම ඇරඹූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය. 30 January 2021
මධ්‍යම පළාතේත් කොරෝනා මර්දන එන්නත ලබාදීම ළමා රෝහලින් අරඹයි කොරෝනා මර්දන එන්නත මධ්‍යම පළාතේදී පළමු වරට පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහළේ වෛද්‍යවරුන් ඇතුලු සියලු කාර්ය මණ්ඩලයට ලබාදීම අද (30) සිදුකෙරිණි. 30 January 2021
උතුරට කොරෝනා මර්දන එන්නත ලබා දෙයි ඉන්දියාවෙන් මෙරටට ගෙන එන ලද කොරෝනා මර්දන එන්නත අද (30) සිට උතුරේ ආරක්ෂක අංශ සාමාජිකයින් 5000 කට ආසන්න ප්‍රමාණයකට රෝහල් කාර්ය මණඩල සාමාජිකයින් සඳහා එන්නත් කිරීම ආරම්භ කොට ඇත. 30 January 2021
මඩකලපුවට කොරෝනා මර්දන එන්නත ලබාදෙයි මඩකලපුව දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ කටයුතු අද (30) ආරම්භ කරන ලදී. 30 January 2021
අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ නාලන්දා මහ විදුහල ආසන්නයෙදී අද (30) පෙරවරුවේ සිදුවූ යතුරු පැදි හා බස් අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් යුවලක් මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 30 January 2021
ඝාතනයකට යොදාගත් යතුරු පැදියක් හමුවෙයි පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී පසුගියදා ත්‍රිරෝද රථයක ගමන් ගත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු පැමිණි යතුරු පැදිය බොල්ගොඩ ගඟේ ඌර කඩුව තොටුපලේ ගිල්වා තිබියදී මීට සුළු මොහොතකට පෙර සොයා ගත් බව පානදුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සංජීව ඉරසිංහ මහතා පැවසීය. 30 January 2021
ගම්පහටත් කෝවිඩ් මර්ධන එන්නත එයි කොවිඩ් 19 වයිරසය මර්දන එන්නත ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් 06 කදී සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ දී ලබා දීම අද (30) උදෑසන සිදු කෙරිණි. 30 January 2021
කෑගල්ල ඇටෝරැවාව ග්‍රාමයට සංචරණ සීමා කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශයට අයත් සමගිගම ඇටෝරැවාව ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක මහතා අද (30) පැවසීය. 30 January 2021
රෝහලක් හදන්න දඹුලු විහාරයෙන් ඉඩමක් දඹුල්ල නගරයට අංගසම්පූර්ණ නව රෝහලක් ඉදිකිරීම සඳහා ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථානය සතු අක්කර 5 ක භූමි ප්‍රමාණයක් රජයට බාරදීම සිදු කෙරිණි. 30 January 2021
අද කොරෝනා මරණ 08ක් අද (29) කෝවිඩ් මරණ 08 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. 29 January 2021
අදත් කොරෝනා ආසාදිතයින් 859 ක් අද (29) පෑළියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 458 දෙනෙකුටද, බන්ධනාගාර කෝවිඩ් පොකුරෙන් 07 දෙනෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. 29 January 2021
සරුංගල්, බැලුන්, ඩ්‍රෝන පියාසර කරවීමෙන් වළකින්න නිදහස් සමරුව නිමිත්තෙන් හෙට (30) සිට ගුවන් පෙරහුරු පැවැත්වෙන බැවින් සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන යානා මේ දිනවල පියාසර කරවීමෙන් වළකින්නැයි ලංකා ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි. 29 January 2021
පළමු දිනයේම 5286 කට එන්නත දෙයි ඉන්දියාවෙන් ගෙන ආ කොරෝනා මර්දන එන්නත් කිරීම ආරම්භ කළ පළමු දිනය වන අද (29) 5286 දෙනෙකුට එන්නත් කර තිබේ. 29 January 2021
බටපොළ මන්ත්‍රී අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසළ දී ඉකුත් (25) වැනි දින ඉෂාන් තරිදු (24) නැමැති තරුණයකු කපා කොටා ඝාතනය කිරීම කිරීමේ සිද්ධිය කුමන්ත්‍රණය කළ බව කියන බටපොල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි ශක්ති මධුසංක නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 29 January 2021
කටාර් සිට ආ කුරුල්ලන් 20 නිරෝධායනය නොකර ගෙන ගිය අයකු අල්ලයි කටාර් සිට රැගෙන ආ කුරුල්ලන් 20 දෙදෙනෙකු නිරෝධායනය සදහා යොමු නොකර රැගෙන ගිය බොරැලස්ගමුවේ සමාගමක හිමිකරුවෙක් අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 29 January 2021
සිසුන්ගේ ආරක්ෂාව සඳහා පාසල් 120ක සුවතා කාමර පිහිටුවන්න යයි කොරෝනා වංසගත තත්ත්වය හමුවේ පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් රටපුරා පාසල් 120 ක සුවතා කාමර පිහිටුවීමට ඇමරිකා එක්සත් ජනපදය සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවසීය. 29 January 2021
කප්පම් ගත් වේලාසටහන්කරුවන් තිදෙනෙකුගේ වැඩ තහනම් පෞද්ගලික බස්රථ වලින් කප්පම් ගත් බව කියන පිටකොටුව බැස්ටියන් මාවතේ වේලා සටහන්කරුවන් තිදෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්. ප්‍රසන්න සංජීව මහතා පැවසීය. 29 January 2021
ආසාදිතයෝ 963ක් සුවය ලබති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 963දෙනෙකු සුව වූ බව තහවුරු කර රෝහල්වලින් පිටව ගොස් ඇති බව අද(29) වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ දෛනික වාර්තාවේ දැක්වේ. 29 January 2021
මිනුවන්ගොඩ පැරණි වෙළෙඳ සංකීර්ණය වහයි මිනුවන්ගොඩ නගරයේ පිහිටි පැරණි වෙළද සංකීර්ණයේ වෙලදසැල් කිහිපයක හිමිකරුවන් සහ සේවික සේවිකාවන් 10 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයන් බවට අනාවරණය වීමෙන් අනතුරුව එම වෙලදසැල් සංකීර්ණයේ සියලු වෙලදසැල් වසා දැමීමට කටයුතු කළ බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අනුර රන්දෙණිය මහතා අද (29) පැවසීය . 29 January 2021
අත්බෝම්බයක් ළඟ ඇතැයි කියා ග්‍රාමීය බැංකුවක් කොල්ල කාලා අම්බලන්ගොඩ මාදම්පේ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් මාදම්පේ ග්‍රාමීය බැංකුව අද (29) මංකොල්ල කා පලා යමින් සිටි ගුවන් හමුදා නිලධාරියෙකු ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 29 January 2021
ඇල්පිටියේ කෘෂිකාර්මික කලාපයක බිම් සැකසීමේ ව්‍යාපෘතියක ටෙන්ඩර් වංචාවක් ඇල්පිටියේ ගොලුවමුල්ල කෘෂිකාර්මික අධි කලාපයක බිම් සැකසීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ටෙන්ඩර් වංචාවක් සිදුවෙමින් පවතින බවට දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමය චෝදනා කරයි. ඔවුන් මේ පිළිබඳ රජයේ විගණක දෙපාර්තමේන්තුවට ද අද (29) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 29 January 2021
කොට්ටුකච්චිය නවෝද්‍යා පාසලේ විදුහල්පති,ගුරුවරියන් තිදෙනකු ඇතුළු 81 නිරෝධායනයට ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පතිවරයා, ගුරුවරියන් තිදෙනෙකු ඇතුළු දරුවන් 81 දෙනෙකු සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමු වු බව විදුහල්පති ඒ.එච්.එම් ප්‍රියන්ත සමන්කුමාර මහතා පවසයි. 29 January 2021
විශ්වවිද්‍යාල ආචාර්යවරු 101ක් රජයට කෝටි 29ක පොලු තියලා විශ්වවිද්‍යාල තුනක ආචාර්යවරු 101දෙනෙකු වැඩිදුර අධ්‍යාපනය ලැබීමට විදේශ ගතවී යළි පැමිණි නැති බව අනාවරණය වී ඇත. 29 January 2021
හලාවත-කොළඹ බස් හිමිවරුන්ගේ වර්ජනය අවසන් දින තුනක් කාලයක් තිස්සේ ක්‍රියාත්මකව පැවැති හලාවත කොළඹ මන්දගාමී බස් රථ සේවක වර්ජනය අද ( 29 ) දහවල් හලාවත නගරයේ දි පැවැති විරෝධතාවකින් සහ හලාවත පොලිසිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව අවසන් කිරීමට බස් රථ හිමියෝ කටයුතු කළහ. 29 January 2021
නව සහ වැදගත් වාර්තාව සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ අවධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ නව සහ වැදගත් වාර්තාව සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ අවධානය යොමු වී ඇතැයි ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත ජුලියන් බ්‍රාත්වෙයිට් සඳහන් කරයි. 29 January 2021
ශ්‍රී ලංකාවේ දෙමළ සංස්කෘතික සංහාරයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ ශ්‍රී ලංකාවේ දෙමළ සංස්කෘතික සංහාරයක් සිදුකිරීමට ඉඩ ලබා නොදෙන බවත් එය වළක්වා ගැනීමට ගත හැකි සෑම උත්සහායක්ම ගන්නා බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා පැවසීය. 29 January 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026