(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරින් 200 දෙනකු රැපිඩ් ඇන්ටිජන් (ක්ෂණික ප්‍රතිදේහජනක) පරීක්ෂණවලට ලබන 21 වැනිදා යොමු කිරීමට කටයුතු යොදා ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට මෙදින උදේ 9.00 සිට දහවල් 12.00 දක්වා යොමුකෙරේ.
මෙම පරීක්ෂණවලට යොමු කිරීමේදී කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්වු සේවකයන්, පාර්ලිමේන්තු භෝජනාගාර යන්හි සේවක පිරිස්, ප්‍රවාහන අංශයේ සේවය කරන අය, පොදු ප්‍රවාහනවලින් පැමිණෙන සේවකයන් සහ ගෘහ පාලන හා නඩත්තු කටයුතුවල යෙදී සිටින පිරිස් කෙරෙහි වැඩි අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ සේවකයෝ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට මෙයට පෙරද යොමු කරනු ලැබූහ.
පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා අඟහරුවාදා රැස්වීමට නියමිතය.
එදින මෙම පරීක්ෂණ වැඩපිළිවෙළ ආරම්භ කරන්නේ මන්ත්‍රීවරුන්ගේ පහසුව සඳහා යැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ සේවකයෝ 50කට වැඩි පිරිසක් කොවිඩ් රෝගයට මෑත භාගයේදී ගොදුරු වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙසිය විසිපස් දෙනාත් එම පවුල් වල සියලු දෙනාගේත් මානසික සුවතාවත් පරීක්ෂා කරන්න
ඉස්සරහට ඇන්ටිජන් කම්පැනි වලට හොඳට හම්බ කරහැකි .මොකද වැස්සත් එක්ක සෙම ,උන රෝග වැඩි උනාම කොරෝනා වලට වාසි .කොරනා මුවාවෙන් අපේ මුදල් වැඩිපුරම ගලා ගිය රටවල් හොයා බලන්න .එතකොට බලා ගන්න පුළුවන් මේවා පිටුපස ඉන්නේ කවුද කියලා