(යොහාන් භාසුර)
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇතුඵ පිරිසක් අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට ගොස් කළහාකාරි ලෙස හැසිරුණේ යැයි කියන සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (සැපයුම්) සුනිල් කොඩිතුවක්කු මහතා පත්කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මෙම පත්කිරීම කළ බව කී චන්දන ඒකනායක මහතා බන්ධනාගාර දෙකේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට සුනිල් කොඩිතුවක්කු මහතා පමණක් පත්කර ඇති බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි විජේ ට වෙඩි තියන්න තරම් හයියක් තිබ්බ තාත්තාගේ පුතාටයි ,ඉස්කෝලේ සගයටයි කියන්නේ. බොරු නොකර ඉස්කෝලේ නමයි ,රටේ නමයි තියන්න . මේ කරලා තියෙන අලුගුත්තේරු වැඩේ ඇත්ත නැත්ත වටේ යන්නේ නැතිව සාක්ෂි සහිතව දවසින් දෙකින් එලියට දාන්න. පිස්සු කෙලින ඇමතිලා රකිනවද ,රටේ නම. ඉස්කෝලේ නම රකිනවද ?
පරීක්ෂණ මොකටද?..... මුකුත් වෙලා නෑ කියලා අර කිව්වේ!
සිදුවීම වෙලා දින 2ක් යනකන් කොමසාරිස් ජනරාල් තුමා සහ මාධ්‍ය ප්‍රකාශක තුමා මේ සිද්ධිය ගැන නොදැන සිටීම පිලිබඳව පරීක්ෂා කලයුතුය. දෙදෙනාගේම වගකීම් හරියට ඉටුකර නැත. නිදහසට කරුණු විමසියයුතුය.
සාමාන්‍ය මනුස්සයෙක් ඔයදේ කලානම් වෙනදේ හිතාගන්න පුළුවන්නේ. මොකද මෙයාට විතරක් විශේෂ සැලකිල්ලක්. එක රටක් එක නීතියක් කියල නේද බලය ලබාගත්තේ.
හොරාටම බන්ධනාගාර පරීක්ශනේ කරන්න කරලා වාර්තාවක් දෙන්න කියපන් නිකන් කාලේ කන්නේ නැතුව
බන්ධනාගාර ආඥාපනත ප්‍රකාරව කිසියම් හෝ අයකුට බන්ධනාගාරයට අවි ආයුධ, මත්ද්‍රව්‍ය, පිහි ආදිය රැගෙන යා නොහැකිය. එහෙත් රාජ්‍ය අමාත්‍යවරයා සිරකූඩුවේ සිටි සිරකරුවන් එළියට ගෙන හිසට පිස්තෝලය තබා පාරම්බාන විට නීතිය ක්‍රියාත්මක කිරීමට සමත් එකදු බන්ධනාගාර නිලධාරියකු හෝ එතැන සිට නැත. තුට්ටු දෙකේ දේශපාලනඥයන් ඉදිරිපිට වෘත්තීය ගරුත්වය, වගකීම හා අභිමානය කෙළෙසාගත් එම නිලධාරීන් ලජ්ජා විය යුතුය.
මොන බොරුද මෙයා කියන්නේ..... ලොහාන් දැක්ක ගමන් මෙයා ගොතවෙනවා.... අල්ලයි නැට්ට.....
බන්ධනාගාරයට ගිය වරද පිලිගනිමින් රත්වත්තේ ඉල්ලා අස්වුනා. එතකොට බන්ධනාගාරයේ උන් කියනවා එහෙම සිදුවිමක් උනේ නැහැ කියලා. නියම රටක්
පරීක්ෂණ විතරයි.
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ