(තිළිණි ද සිල්වා)
ඇගලුම් නිෂ්පාදන, ඇතුළු නිෂ්පාදන කිහිපයක් අපනයනය කිරීම සදහා යුරෝපා සංගමය මෙරටට ලබා දෙන ජී.එස්.පී ප්ල්ස් සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමක් දින 10 ක නිල සංචාරයක් සදහා ලබන 27 වැනිදා දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹග් මහතා පැවසීය.
යුරෝපා සංගමයට අයත් යුරෝපා කොමිසමේ නියෝජිත පීරිසක් මෙලෙස ලංකාවට පැමිණෙන අතර ලබන ඔක්තෝබර් 04 වැනිදා තෙක් ඔවූහු දිවයිනේ රැදී සිටිති.
එම කාලය තුළ මෙම යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම රජයේ ප්‍රධානීන් , පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන හමුවීම රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
ඔවුන්මෙම සංචාරයෙන් පසුව ලංකාවට තවදුරටත් ජී.එස්.පී ප්ලස් බදු සහන ලබා දීම සම්බන්ධයෙන් වාර්තාවක් යුරෝපා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මානව හිමිකම් පිළිබඳ විවිධ ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීමට එකඟ වීමෙන් පසු ඉකුත් යහපාලන රජය යටතේ අහෝසි කර තිබූ ජීඑස්පී ප්ලස් බදු සහනය නැවත ලංකාව හිමි වූණි.ඒ යටතේ යුරෝපා සංගමයට අයත් රටවල් හී වෙළෙඳපොළට සිය නිෂ්පාදන අපනයන කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විණි.
කෙසේ වෙතත් මානව හිමිකම් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් ලබා නොගතහොත් ශ්‍රී ලංකාව සඳහා ජී.එස්ලපී ප්ලස් බදු සහනය ඉවත් කරන ලෙස යුරෝපා කොමිසමෙන් ඉල්ලා යුරෝපා පාර්ලිමේන්තුව ඉකුත් ජූනි 08 වැනිදා යෝජනාවක් ද සම්මත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"" ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) පවසන්නේ ඇඟළුම් ක්ෂේත්රයෙහි ඍජු රැකියා 300,000 ක් හා වක්‍ර රැකියා 600,000 ක් ඇති බවය. " ආදායම 3% ඊටත් වඩා රැකියා අහිමි වෙන්වා නේද ?
මේ යන විදියට ගියොත් ඒකත් අහිමිවීමේ අවදානමක් තියෙනවා.
අපේ රටේ පිස්සු දේශපාලකයෝ කරන අමන වැඩ නිසා දඩුවම් විඳින්නේ අපේ මුළු රටම.
යුරෝපා සංගමය සමඟ සුහදව කටයුතු කිරීමෙන් ශ්‍රි ලංකාවට ආර්ථික වශයෙන් විශාල පළ ප්රරයෝඡන ලබා ගත හැක. මිලියන් 450 කින් පමණ විශාල ඡනගහනයක් සමග දියුනු හා ආර්ථික අතින් ඉතාමත් ශක්තිමත් යුරෝපා සංගමයට රටවල් 27 ක් අයත් වේ. මේසා විශාල ආර්ථික කාලාපයක් සමග එක්ව කටයුතු කිරීවෙන් ලංකවේ ආර්ථිකයට පමණක් නොව ඉහල වැටුප් ගෙවන නව රැකීයාවන් සපයා ගත හැකි නවීන ආර්ථික වෙළද කලාපයකට පිවිසීමේ අවස්ථාද විවෘත වේ. කරැණු කාරණා නිවැරදිව කල්පනාවට ගෙන සියලු කටයුතු ඉතාමත් සාර්තක වේවායි මම මෙහි සිට ප්‍රාර්ථනා කරමි. ඡයවේවා!
රාජ්‍ය ඇමැතිවරයකු බීමත්ව පිස්තෝල ගෙන සිරකරුවන් කූඩුවෙන් එළියට ගෙන දණගස්වා මරා දමන බවට තර්ජනය කරන විට එම සිදුවීම හරහා රට සම්බන්ධයෙන් මැවෙන චිත්‍රය කුමක් ද යන්න හඳුනා ගැනීම අසීරු නොවේ. මේ රට ප්රජාතන්ත්රවාදයට ගරු නොකරන, මානව හිමිකම් නොසලකන, අශිෂ්ට වනචාරීන්ගේ අසමත් දේශයක් යැයි කටපුරා කිව හැකි පරිසරයක් රාජ්‍ය ඇමැතිවරයාගේ මෙම සිදුවීම හරහා ගොඩනගාගත හැකිය. මෙම සිදුවීම සරළව නොගත යුත්තේ එහෙයිනි. මෙබඳු පාදඩ වැඩ නිසා මෙරට වැසියන්ට “අප ශ්‍රී ලාංකික” යැයි අභිමානයෙන් කීමට තිබෙන පරිසරය ද අහිමි වී යයි.