(අංජුල මහික වීරරත්න)
රටපුරා තොරතුරු ලබා ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ටත් කෘෂිකර්ම ක්ෂේත්‍ර නිලධාරීණ්ටත් ටැබ් පරිගණක 10,000 ක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මෙම ටැබ් පරිගණක ලබා දීමෙන් පසුව අමාත්‍යංශයේ කෘෂිකර්ම දත්ත ගබඩාවක් ස්ථාපිත කෙරෙන අතර එළඹෙන දෙසැම්බර් මාසය වනවිට මෙම දත්ත පද්ධතියේ කටයුතු 50%ක් නිම කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
මෙම දත්ත පද්ධතිය ක්‍රියාවට නැංවීමෙන් පසු දිවයිනේ කෘෂිකර්ම හා සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්රයේ ඒ මොහොතේ පවතින තොරතුරු ක්ෂණිකව අනාවරණය කර ගත හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර,පොහොර
දවසේ අහපු හොදම ප්රවෘර්තිය .. දැන්වත් තොරතුරු තාක්ෂණයේ වැදගත් කම තේරුම් ගැනීම.. නිෂ්පාදන,අලවිය සහ ගබඩා කරණය යන තැන් සදහා නිවැරදිව තොරතුරු තාක්ෂණය යොදාගත හොත් මාෆියා කාරයන් සදහා තිත තියන්ඩ පුළුවන්..... එලෙසෙම ගුරු ඉගැන්වීමේ කටයුතු සදහා තොරතුරු තාක්ෂණය භාවිතා කරොත් ගුරු මාෆියවටත් තිත තියන්ඩ පුළුවන්...
අනේ මෙහෙම පිස්සෝ රට පාලනය කරනවනේ .පාසලට ටැබ් දෙනකොට විරුද්ධ වෙච්ච අයමනේ මේ
පොහොර රසායනික ද්‍රව්‍ය නොමැති කර ජලාශ විනාශ කරමින් ජලය හිගකර ටැබ් දෙන්න හදන්නෙ ඒ.සී කාමරේට වෙලා ඉදන් කිඹුරු ගොවිතැන් කරන්න වෙන්න ඇති .වගාවට හොඳ පැකේජයක් සහිතවම දෙන්න
පාසැල් ළමුන්ට ටැබ් දෙනවට විරුද්ධ උන උන් ගොවීන්ට දෙන්න යනවා .මෙහෙම පිස්සෝ ඉන්න රටකනේ අපිත් ඉපදුනේ