(නිමන්ති රණසිංහ)
බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ගිනි අවි පෙන්වා එහි සිටි සිරකරුවන් පිරිසකට මරණ තර්ජන කළැයි කියන සිද්ධියකට අදාළව වහාම පරීක්ෂණයක් පවත්වා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් කර ඇත.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලට අනුව ඉකුත් 12 වැනිදා සවස් වරුවේදී අමාත්‍ය රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි දෙමළ සිරකරුවන් පිරිසක් බලහත්කාරයෙන් සිරමැදිරිවලින් එලියට ගෙන දණ ගස්වා මරණ තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදුකරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සභාපති නිතීඥ සේනක පෙරේරා මහතා සිය පැමිණීල්ලෙන් දක්වා තිබේ.
එදින බන්ධනාගරය තුළ සිදුවූ සිදුවීම වසන් කිරීමට බන්ධනාගාර බලාධිකාරිය ද කටයුතු කර ඇති බව ද නිතීඥවරයා සිය පැමිණීලෙන් සදහන් කර ඇත.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලොහාන් රත්වත්තේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය, සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක යන අයවලුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතීඥවරයා සිය පැමිණීල්ලෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගැනීමක් සිදු නොවනු ඇත. ඇමතිතුමා බාර වී ඒ මොහොතේම අප දී නිදහස් කරනු ඇත. ඊට වඩා දෙයක් සිදු නොවනු ඇත. ඇමතිතුමා හත්පොලේ ගාගෙන ඇත. ආණ්ඩුව හත්පොලේ ගාගනු ඇත.
මේවා ජිනීවා යන්න ඉස්සරවෙලා අපි විසින්ම සාධාරණ පරීක්ෂණයක් කරලා විසඳා ගන්න එක ඉතා වටිනවා.
ඉල්ලා අස්වීම නිසා ප්රශ්නය විසඳුණා යැයි සිතන්නේ නම් මේක අමුතු රටකි. සොරෙකු වුවද සොරකමෙහි වගකීම බාරගත්තේ යැයි කියා නිර්දෝෂී වන්නේ නැත. සොරකමට අදාළ දඬුවමක් හිමිවිය යුතුමය. රාජ්‍ය අමාත්‍යවරයා කර තිබෙන්නේ බරපතළ දඬුවම් ලැබිය යුතු වර්ගයේ වරදකි. කාටත් නීතිය එක සමාන නම් සිදුවිය යුත්තේ එයයි. එම නීති කෘත්‍ය දෙස අපි වගකීමෙන් බලා සිටිමු.
විමර්ශනයක් කර මොහුව අත්අඩංගුවට නොගත්තොත් ආණ්ඩුව හත්පොලේ ගා ගන්නවා.
පසුගිය දිනවල නිතරම ඇමති වෙනුවෙන් පෙනිසිටී ගොඩ පෙරකදෝරැවෙක් සිටියා. බමුණු ආරච්චි වශයෙන්. අන් අයගේ අදහස් වලට බයි භාෂාවෙන් පිළිතුරැ සැපයූ ඔහු අද කෝ.