ඉතිහාසයේ වූ දේ යළිත් සිදුවෙතැයි හැරී බියෙන් ඉතිහාසයේ වූ දේ යළිත් සිදු වනු ඇතැයි තමා බියෙන් පසුවන බව බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ඉවත් වූ, සසෙක්ස් ආදිපාද යුවළෙහි හැරී (කුමරු) පවසයි. 01 March 2021
අටුළුගම කර්මාන්ත ශාලාවක ගින්නක් බණ්ඩාරගම අටුළුගම අලොතියාව ප්‍රදේශයේ කුඩා කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන නිවසක් අද (1) අලුයම සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූ බව බණ්ඩාරගම පොලීසිය කියයි. 01 March 2021
අද කොරෝනා මරණ 7 යි : ආසාදිතයන් 350 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27 වැනිදා) තහවුරු කරයි. 28 February 2021
ගුවන් හමුදා සංවත්සරයට ඉන්දියාවෙනුත් එයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන ගුවන් සංදර්ශනයට සහභාගිවීම සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ සහ ඉන්දීය නාවික හමුදාවේ සෙබළ කණ්ඩායමක් ඊයේ (27) මෙරටට ළඟාවිය. 28 February 2021
නාගමඩුව වැව් රක්ෂිතයේ ගස් දරට කපති වනාතවිල්ලුව නාගමඩුව වැවට අයත් රක්ෂිතයක තිබු වටිනා ශාක වර්ග රැසක් දරට කපා තිබෙනු දක්නට ලැබිණි. 28 February 2021
දුම්රිය කාර්ය සහයක නිලධාරිවරයා රුපියල් 2000 ක අල්ලස් ගනිද්දී අත්අඩංගුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහයක නිලධාරියකු හුනුපිටිය දුම්රිය හරස් මාර්ගය අසලදී ලොරි රියදුරෙකුගෙන් රුපියල් 2000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දි අද (28) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය. 28 February 2021
ශ්‍රී ලංකාව යුදාධිකරණයට ඉදිරිපත් කරන්නැයි උතුරේ මාරාන්තික උපවාසයක් ශ්‍රී ලංකාව යුදාධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් උතුරු නැගෙනහිර පළාත් ආගමික නියෝජිතවරු කිහිපදෙනෙක්, යාපනය හා නැගෙනහිර විශ්වවිද්‍යාල සිසුහු කිහිපදෙනෙක් නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිට අද (28) මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ. 28 February 2021
මධ්‍යම අධිවේගයේ පමාව යහපාලන අමාත්‍යවරයකුගේ කොන්ත්‍රාත් සමාගම නිසයි අවශ්‍ය මුදල් ප්‍රමාදයකින් තොරව ලබාදී තිබියදී යහපාලන රජයේ අමාත්‍යවරයකුගේ කොන්ත්‍රාත් සමාගමේ ඉදිකිරීම්වල ප්‍රමාදය නිසා සැලසුම් කළ දිනට මධ්‍යම අධිවේගී මාර්ගයේ අවසන් කළ නොහැකි වූ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 28 February 2021
මීගමුව බන්ධනාගාර නියාමකවරයකුගේ වැඩ තහනම් ජංගම දුරකථන පහක් සන්තකයේ තබාගෙන රාජකාරියේ නිරතව සිටි මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. 28 February 2021
කම්කරු වන්දිය ලක්ෂ 25 ක් තෙක් වැඩිවෙයි සේවය අවසන් කිරීමේ වන්දිය ලක්ෂ 25 ක් දක්වා වැඩි කළ බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි. 28 February 2021
එම්ආර්අයි ලොව හඳුන්වා දුන් මහාචාර්ය ජෝන් මල්ලාඩ් මියයයි එම්ආර්අයි තාක්ෂණය දියුණු කිරීම සඳහා පුරෝගාමී වූ බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යා මහාචාර්ය වෛද්‍ය ජෝන් මල්ලාඩ් මහතා මියගොස් තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 94කි. 28 February 2021
කෑම හොඳ නැතැයි වලපනේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථායේ විරෝධතා වලපනේ කොරෝනා රෝගීන් සඳහා පවත්වගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථායේ ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාවන් අද (28) උදෑසන කෑම වර්ජනය කර විරෝධතාවය දක්වා ඇත. ඔවුන් පවසන්නේ ඔවුන්ට ආහාරයට ගැනීමට නුසුදුසු ආහාර එම මධ්‍යස්ථානය මගින් ලබා දෙන බවය. 28 February 2021
මුලට ගිනිතියා ගස පාරට පෙරළයි ගම්පහ දාරළුව දොරණාගොඩ මාර්ගයේ ජපන් මිත්‍රත්ව පාලම ආසන්නයේ රෝපණය කර තිබූ ඉන්දියානු නුග ගසක මුලට ඊයේ රාත්‍රියේ ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි. 28 February 2021
පොලිස් ජීප් රියක් - ත්‍රිරෝද රථයක ගැටීමෙන් දෙදෙනෙක් මරුට රඹාවැව නාරම්මල මාර්ගයේ කටුමුලුව ප්‍රදේශයේ දී කටුපොත පොලිසියට අයත් ජිප් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් අද (28) සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 28 February 2021
අමනුෂ්‍ය දෝෂ දුරුකරන්න වේවැලකින් පහරදීමෙන් දැරියක් මරුට මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ නව හැවිරිදි දැරියකට සිහිසුන් වනතුරු වේවැලකින් පහර දී මරණයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වාසී කාන්තාවක් මීගහවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 28 February 2021
යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 52 කට කොරෝනා යාපනය බන්ධනාගාරයේ කොවිඩ් පොකුරක් සෑදීමේ දැඩි අවධානමක් පවතින බවටත් මේ වන විට රැඳවියන් 52 දෙනෙකු කොවීඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි. 28 February 2021
අනුරාධපුරේ බුලංකුලම වැව් රක්ෂිතයත් කොටස්කර විකුණලා අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසික ජයවැව (බුලංකුලම) රක්ෂිතය ප්‍රදේශයේ ඇතැම් දේශපාලඥයන්ගේ අනුදැනුම මත පිරිසක් විසින් කොටස්කර විකුණන බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී විරාජ් රණවීර මහතා පවසයි. 28 February 2021
ආසාදිත සා.පෙළ අපේක්ෂකයෝ දෙදෙනෙක් රෝහලේදීම විභාග ලියන්න යති කොරෝනා වයිරසය ආසාදනයවීම නිසා ප්‍රතිකාර සදහා රෝහල්ගතව සිටින දකුණු පළාතේ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් දෙදෙනෙකුට හෙට (1) ආරම්භවන අපොස සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටිම සදහා ඔවුන් ප්‍රතිකාර ලබන රෝහල්වලම සියලු පහසුකම් සලසා ඇතැයි දකුණු පළාත් අතිරේක අධ්‍යාපන අධ්යක්ෂ (සංවර්ධන) ශාන්ති සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය. 28 February 2021
දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආරියතිලක නික්ම යයි දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වූ නීතිඥ යූ.ජී.ඩී.ආරියතිලක මහතා අද (27) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වූයේය. 27 February 2021
අපරාධ රැසකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට මිනීමැරුමකට සහ අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු වෙනත් නමකින් අඹන්පොල ප්‍රදේශයේ කාන්තාවකගේ නිවසේ සැඟවී සිටියදී , ව්‍යාජ රියදුරු බලපත්රයක්ද සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය කොට්ඨාශ පොලිස් විශේෂ කාර්යාංශය අද (27) පැවසීය. 27 February 2021
නාරංගල කන්දේදී අතුරුදන් තරුණයාගේ මෘතදේහය සොයාගනී මිතුරන් 6 දෙනෙකු සමග පැමිණ බදුල්ල නාරංගල කන්දේ රාත්‍රී කූඩාරමක් ඉදිකර එහි දිකර රාත්‍රිය ගත කරමින් සිටියදී ඊයේ (26) රාත්‍රී අතුරුදන්වූ තරුණයෙකු මෘත දේහය එම කන්දේ ප්‍රපාතයක තිබී අද (27) දහවල් සොයාගෙන තිබේ. 27 February 2021
කෝටියක මත්කුඩු සමග කාන්තාවක් අල්ලයි රුපියල් කෝටියකට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් කොහුවල ,කලුබෝවිල රෝහල පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 27 February 2021
නාරංගල කන්දේදී තරුණයෙකු අතුරුදන් මිතුරන් 6 දෙනෙකු සමග පැමිණ බදුල්ල නාරංගල කන්දේ රාත්‍රී කූඩාරමක් ඉදිකර එහි රාත්‍රිය ගත කරමින් සිටි තරුණයෙකු අතුරදන්ව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 27 February 2021
උඩ දියලුම රාත්‍රි කූඩාරම් ගැසීම තහනම් කරයි ආරක්ෂක වැඩපිලිවලක් ක්‍රියාත්මක කරන තෙක් කොස්ලන්ද උඩ දියලුම සිංචාරක ප්‍රදේශයේ රාත්‍රි කුඩාරම් ඉදිකර නවාතැන් ගැනීම සංචාරකයින්ට තාවකාලිකව තහනම් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.අශෝක් කුමාර මහතා පැවසීය. 27 February 2021
ලක්ෂ 75 ක මත්ද්‍රව්‍ය සමග අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 15,20,000 ක මුදලක් සමඟ රාගම තේවත්ත පාරෙ නිවසක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුර පවසයි . 27 February 2021
ගෝඨා - සජිත් - රනිල් ගංගාරාම විහාරස්ථානයේ කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් මහ පෙරහර වීදි සංචාරය කිරීම ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක සමඟ ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරු එක්ව සිටි අයුරු... 26 February 2021
ගාලු කොටු දොරකඩ මාසයක් වහයි ලෝක උරුමයක් වූ ගාල්ල කොටුව සංරක්ෂණය කිරීමේ වැඩ සටහනේ එක් කටයුත්තක් ලෙස ප්‍රධාන දොරටුව සංරක්ෂණය කිරීම වෙනුවෙන් මේ මස 28 වැනි දින රාත්‍රී 12 සිට පුරා මාසයක් එම ස්ථානය මහ ජනතාවට සහ කොටුවට පිවිසෙන වාහන වෙනුවෙන් වසා තැබෙන බව උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ ගාල්ල කොටුව සංරක්ෂණ කටයුතු භාර ප්‍රධාන උපදේශක නිලාන් කුරේ මහතා අද (26) පැවසීය. 26 February 2021
කොරෝනා සිරුරු භූමදානය සතියකින් කල්යයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම සිරුරු භූමාදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය ඊයේ (25 වැනිදා) රාත්‍රියේ ප්‍රකාශයට පත්කළ නමුත් ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වන තුරුත් නියම කර නොතිබීම ඊට හේතුව බවද එම ප්‍රකාශකයා පැවසීය. 26 February 2021
රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එක තනතුරකට වඩා දෙන්න එපා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් එක් තනතුරකට වඩා තනතුරු නොදැරිය යුතු යැයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරිමේ ජනාධිපති කොමිසන් සභාව සිය වාර්තාවෙන් නිර්දේශ කර ඇත. 26 February 2021
චීනයේ සහාය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පක්ෂපාතී යැයි එක්සත් ජාතීන් වෙනුවෙන් පත් කර සිටින චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂූ මහතා ප්‍රකාශ කළේය. 26 February 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026