
(අජිත්ලාල් ශාන්තඋදය)
කෝවිඞ් 19 වයිරස් මර්දන එන්නත් දෙකම නොගත් කිසිදු පුද්ගලයකු ඔක්තෝම්බර් 31දායින් පසු විවාහ උත්සව ශාලාවලට ඇතුලූ කර නොගැනීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා සුලූ සහ මධ්‍යම පරිමාන විවාහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති උපුල් ජයසේකර මහතා සඳහන් කළේය.
දැනට පනස් දෙනෙකුගේ උපරිම සීමාව යටතේ විවාහ මංගල උත්සව පැවැත්වීමට කෝවිඞ් මර්දන කමිටුවෙන් තම සංගමය අවසර ලබාගත් බව ද එම සංගමය කියයි.
නිරෝධායන සෞඛ්‍ය නීති ගැන වගකිමක් ගන්න කෙනෙක් නැති නිවෙස්වල එම උත්සවයන් පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ද ඔහු බළධාරින්ගෙන් ඉල්ලා සිටියේය.
විවාහ මංගල උත්සව වලදී යම් පුද්ගල මීටරයේ දුරස් බව නැතුව, මුව අවාරණ නැතුව සිංදුවලට නටන්න ආවොත් විතරක් නෙමෙයි බීලා නටන්න ආවත් ඒ අයට සංගීතය සැපයීමෙන් වලකින්න ඇණවුම බාරගැනීමට පෙර කොන්දේසි දමා බාරගන්න කටයුතු කරන්නැයි එම සංගමයේ උසභාපති සංගීත ශිල්පී සාලිය දිනේෂ් මහතා සංගීත ශිල්පීන්ගෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිස් ගැවසෙන තැන් වල මුව ආවරණ පැළදීම දැන් මේ රටේ නීතියක්. එහෙව් එකේ මාධ්‍ය සම්මන්ත්‍රණ වලදී කොරෝනා හැදෙන්නේ නෑ කියලා විශේෂයක් තියෙනවද?
නිකන් බොරු ෂෝ දාන්න එපා. එන්නත් දෙකම ගත්ත අයට මාස්ක් අත්‍යවශ්‍ය වන්නේ කොහොමද. අනිත් රටවලනම් එහෙම නෑ.
මෙහේ මිනිසුන්ට කන්න නැහැ . මොනවද මේ කියවන්නේ
අපේ මාම පාරම්පරික වෙදෙක් කිසිම විටෙක එන්නත ගහන්නේ නැහැ. ඔහු තමයි ඒම ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර් එතකොට ඒ පැත්තේ මිනිස්සුන්ට කසාද බදින්න බැරිද?
බොහෝ දෙනා කරන්නේ වැල යන පැත්තට මැස්ස ගහන එක. ඒ කියන්නේ තමන්ගේ උවමනාව කරගන්න බලවතුන්ට කිසිදු වග විභාගයකින් තොරව කීකරු වෙන එක. එන්නත් දෙකම විඳපු අය කොරෝනා වලින් මැරුනේ නැතිද ? මේ රටේ එන්නත් විඳපු ආකාරය ගැන,එන්නත් ගැන බොහෝ මති මතාන්තර තිබුණා.මේ අය ඒ කිසිවක් දැන සිටි බවක් නොපෙනේ.ඒ අය මේ රටේ නෙමෙයි ඉඳලා තියෙන්නේ.
බලන්නකෝ එන්නත් ගහපු අයට වෙන දේ 2022 අගෝස්තු වෙද්දී
අනුන්ට බණ දෙසන්න කලින් තමන් මාස්ක් එකක් දාගෙන කතා කරන්න පුරුදු වෙන්න.අනිත් එක මේ බොරු මගුල් කොහොමත් නොකරම ඉන්න මිනිස්සු පුරුදු උනා නම් සල්ලිත් ඉතුරුයි.
යෝගා, එන්නත ගැන ඔබට සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් ඇති බව මට විශ්වාසයි. ඔබට එන්නත ලබා ගත හැකි අවස්ථා දෙකක් තිබුනත්, ඔබට COVID-19 ලබා ගැනීමේ ඉහළ සම්භාවිතාවක් ඇත. පූර්වාරක්ෂාවක් වශයෙන් වෙස්මුහුණක් පැළඳීමට සහ ආරක්ෂිත දුරස්ථභාවයක් තබා ගැනීමට වග බලා ගන්න. කරුණාකර අනෙක් අයටත් කියන්න.
හදපානේ පැනල යන එක ජනප්‍රිය කලානම් ඔය නීති මොකුත් ඕන නෑ...!
වසංගතය නිසා බොහොමයක් බුද්ධිමත් ජනතාව තුල විශාල වෙනස් කම් සිදුව තිබෙනවා. එක දවසක් වෙනුවෙන්, විශාල ගෝශාකාරී පරිසරයක ලෝකෙට විශාල සද්දයක් කර ලක්ෂ ගණනක් වියදම් කිරීම වෙනුවට, ඉතා අඩු පිරිසක් සහභාගිත්වයෙන් ඉතා චාම්ව, චාලිත්‍ර වලට මුල් තැන දෙමින් විචිත්‍රවත් ලෙස ඉතා අඩු මුදලකින් විවාහ උත්සවය නිවසේ පවත්වා, ඉතුරු වන ලක්ෂ ගණනක මුදල තම ඉදිරි ජීවිතය වෙනුවෙන් තබා ගන්නට පටන් ගෙන ඇත. pre-shoot එකේ සිට මගුල අවසානය දක්වා විවිද පැකේජ හරහා වෙළද උගුල් වලට අසුවීම වෙනුවට, අවශ්‍ය යුතුකම් වලට මුල් තැන දෙමින් චාම්ව විවාහ උත්සව ගැනීම නුතන බුද්දිමත් තරුණ තරුණියන් අතර මෑත කාලයේ trend එකක් වෙමින් තිබේ.
මේ අයගේ ජාම බේරගන්න අනුන්ගේ මගුල් ගෙවල් වල බුලත් බෙදනවා