(නිමල කොඩිතුවක්කු)

බස් රථ සේවකයන් වෙනත් රැකියාවල නිරත වීම හේතුවෙන් බස්රථ සේවකයන්ගේ උග්‍ර හිඟයක් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවසීය.

නිරෝධායන ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු බස් රථ සේවකයන් 50,000ක ගෙන් 30000ක පමණ ප්‍රමාණයක් සේවයට වාර්තා කර නොමැති බවත් විජේරත්න මහතා සඳහන් කළේය. දීර්ඝ කාලයක් තිස්සේ ආදායම් අහිමි වීම හේතුවෙන් ඔවුන් වෙනත් රැකියා තෝරාගැනීමත් සමඟ මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද ඔහු පැවසීය.

බස්රථ සේවකයන්ගේ පවතින හිගය හේතුවෙන් බස් රථ ධාවනයට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මේ හේතුවෙන් බස්නාහිර පළාත තුල ධාවනය වන බස්රථ 6800 න් ධාවනයට එක් කර ඇත්තේ 800 ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය