
'කොවිඩ් 19' වයිරසය ආසාදනය වූවන් ඉක්මණින් සුවපත් කිරීමට ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති 'මොල්නුපියවියර්' නමැති බෙහෙත් පෙත්ත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට 'කොවිඩ් 19' රෝගීන් සුවපත් කිරීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඖෂධ වර්ග කීපයක් නිර්මාණය කර තිබේ. එහෙත්, එම ඖෂධ ලබා දීම සිදුවන්නේ කොරෝනා ආසාදිත අසාධ්‍ය රෝගීන්ට පමණක් වන අතර, එසේ වන්නේ රෝහලක් තුළ වෛද්‍ය අධීක්ෂණයක් යටතේය. එහෙත්, 'මොල්නුපියවියර්' බෙහෙත් පෙත්ත එසේ අවධානම් එකක් නොවන බවත්, එය නිවසේ දී පවා වෛද්‍ය උපදෙස් අනුව භාවිතයට ගතහැකි බවත් පැවැසෙයි.
'මොල්නුපියවියර්' බෙහෙත් පෙත්තෙන් සිදුවන්නේ, 'කොවිඩ් 19' ආසාදිතයන් රෝහල්ගත වීමට ඇති ඉඩ සහ මරණයට පත්වීමට ඇති ඉඩ අවම කිරීමය.
තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් ද මේ වනවිට සිදුකර අවසන් හෙයින්, බෙහෙත් කරල භාවිතයට අවසර ඉල්ලා 'මර්ක්' සමාගම සියලු සායනික දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට යොමු කර තිබේ.
ඉදිරි දෙසතිය ඇතුළත 'මොල්නුපියවියර්' ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා කියන්නේ තනිකර ව්‍යාපාරයක්... දැන්නම් ඒක හොඳටම පැහැදිලියි...
මීට කළිනුත් සාර්ථක ඒවා කොච්චර නම් හොයාගත්තුවා සෑහෙන ප්‍රමාණයක්...
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...
හොද පුවතක්. නමුත් මට හිතෙන්නේ නැහැ ලෝකෙ කොයි රටට මේ පෙත්ත ගියත් ලංකාවට එයි කියලා. මොකද මේක චීනෙ හදපු එකක් නෙමේ නිසා. ඔන්න චීනෙ මේ වගෙ පෙත්තක් හැදුව නම් පහු වෙනිදම බඩු ලංකාවේ
අම්මෝ ඇමරිකාවෙන් නම් එපා. චීනෙන් නං හා.
ලෝක බලවතුන් ආදායම් සෙවීමට ආයුධ වෙළදාමත් බෙහෙත් වෙළදාමත් කලා .මේ වන විට රටවල් යුද්ධයට අකමැති තත්වයක් දක්වන නිසා බෙහෙත් වෙළදාම උපක්‍රම මගින් කර ආදායම් තරකර ගන්නවා. ලෙඩක් හදල, බෙහෙතුත් හදනවා. හදපු ලෙඩ ගැන දන්න කෙනෙකුට ගැලපෙන බෙහෙතුත් හදාගන්න පුළුවන්
ලෙඩේ හදලා පතුරවපු උදවිය ඒකට බෙහෙතුත් දන්නවා ඇතිනේ. මේක එයාලගේ ආර්ථිකේ ගොඩ දාගන්න කරපු වැඩක්
ඩොලර් 700.00 හෝ ශ්‍රී ලංකා රුපියල් 140,000.00. අපිට මිලදී ගත හැක්කේ කෙසේද?
මෙම බෙහෙත ඉතාමත් කම්මැලි කකුලෙන් අදින මනසක් ඇති ගෑස් පාන් තෙල් නිෂ්පාදනයට අඩුවෙන් ඉල්ලන ජාතික ධනය ගසා කන්නන් පාලනයට පත් කරන ජාතියකට හරි යන්නෙ නැතිලු
සල්ලි මිලදී ගන්න අය ඉන්නේ ලංකාවේ පමණයි.
ඒ අලුත් රෝග 9 ක් එන්න නම්, ඒ එන්නත නිසා වෙන්න පිලිවන්නේ. එන්නත නොගත් අයට කිසි ලෙඩක් නැහැනෙ. දැන් කැප්සූල්ස්.. මේවා නම් විකාර.. මීට කලින් මිනිස්සුන්ට කැස්ස හෙම්බ්රිස්සාව හැදුනම ඉඟුරු මිශ්‍ර කොත්තමල්ලි බීල දින 3න් සුව වෙනව.. නිවසෙ ඉන්න අයටත් වැළදෙනව තමා.. ඒත් ඡීවිතක්ෂයට පත් වෙනවද.. මේක මුලු ලෝකයේම ව්‍යාපාරයක් බවට පත් කරන් ඒ නමින්.. බෙහෙත් විකුනාගන්න..