(අංජුල මහික වීරරත්න)
මාස තුනක කාලයක් ගතවී ඇතත් ගෑස් හා කිරිපිටි ප්‍රශ්නයට විසදුමක් නොදුන් ආණ්ඩුව මේ වන විට සිමෙන්ති ගැටළුවක්ද ජනතාවගේ හිස මතට පතිත කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ගෑස් හා කිරිපිටි පෝලිම්වල සිටි ජනතාව දැන් සිමෙන්ති පෝලිමකට තල්ලුකර ආණ්ඩුව අත පිසදාගෙන සිටින්නේයැයි ද විජයවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.
ගෑස්, කිරිපිටි, සිමෙන්ති, පොහොර හිඟයන්ට විසදුම් නොදීම නිසා ජනතාව මේ වන විට මහත් පීඩාවකට පත්ව ඇතැයි කී විජයවර්ධන මහතා මෙය තමන්ට හිතුන විදියට ආර්ථිකය හසුරුවන්න ගිහින් ජනතාව පෝලිම්වලට ගාල්කළ ආණ්ඩුවක් බව ද කීය.
එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධනය පිළිබඳ පක්ෂ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය නායකවරයා මේ බව සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ දාන්න පෝලිමේ යනවා . දැන් ඉති හැම දේටම පොලිම් තමා
මෝඩ දේශපාලනය මේ වගේ ව්‍යසනයකදී මෙහෙම වෙන ඒක නවත්තන්න පුලුවන්ද කවුරු ආවත්
මේක තමයි බඩු මිල වැඩිකිරීමේ අලුත්ම ක්‍රමය මුලින්ම හිගයක් ඇතිකරනවා පෝලිම් ඇතිකරනවා ඊටපස්සේ මිල වැඩිකරන්න ඉල්ලනවා අනිත් ක්‍රමය සීග්‍ර ලෙස මිල වැඩි කරාට පස්සේ ආණ්ඩුවෙන් පාලන මිලක් නියම කරනවා කිලින් පැවතුන මිලට වැඩ වැඩි මිලක් උදාහරණයක් සීනි මිල ගන්න ආණ්ඩුවට පරිභෝගිකයගෙනුත් ව්යපාරිකයගෙනුත් පැසසුම්.