(ටී.කේ.ජී.කපිල)
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණියේය .
ඔහු සමග එම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් තිදෙනෙක් ද දූත පිරිස ලෙස පැමිණියහ .
මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයායි.
යොහානි ඉන්දියාවට යනකොට ශිංග්ලා මෙහෙ එනවා. යොහානි ගියේ සින්දු කියන්න. ශිංග්ලා මෙහෙ එන්නේ මක්කටෙයි? අනේ දන්නා කෙනෙක් කියන්නකෝ.
වැඩිය ගණන් ගන්න යන්න එපා .අතේ දුරින් තියාගෙන ඉඳලා ආපසු යවන්න .කරට ගත්තොත් ඉවරයි
ඔය මනුස්සයව එවලා තියෙන්නේ අර තිරිකුණාමලේ තියෙන අපේ ජාතික සම්පතක් වන තෙල් ටැංකි ටික දිගටම ඉන්දියාවට සින්න කරගන්න. මොකද ඒවා 2023 දී ආපහු අපිට දෙන්න වෙනවනේ. ඔන්න දැන් වත් අපේ මිනිස්සුන්ට තේරෙන්න ඕනි ඔය බදු දෙනවයි කියලා ලියලා දෙන කිසි දෙයක් ඔය යක්කු අපිට අපහු දෙන්න නම් ලෑස්ති නැති විත්තිය.