(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 55 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,019ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 38 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 15 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු දෙදෙනෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 38 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 17 දෙනෙක් ද වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd