කොවිඩ් සිරුරු භූමදානයට ඉරණතිව් තෝරාගැනීම ජාතිවාදයක් ඇතිවිය හැකියි කොරෝනා වයිරසය ආසාදනය වී මිය යන මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ භුමිදානය සඳහා කිළිනොච්චිය ඉරණතිවු දුපත තෝරා ගැනීමේ තිරණය මගින් ජාතිවාදයක් ඇතිවිය හැකි යැයි ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. 02 March 2021
සජබ මහලේකම් ඇතුළු 40 ක් අගවිනිසුරුට පැමිණිලි කරති දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලින් අධිකරණයට අපහාස වී ඇති බවත් , එම කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන්ට නඩු පවරන්නැයි ඉල්ලමින් විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස , සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 අද (02) අගවිනිසුරුට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 02 March 2021
අනියම් සේවකයන් 50,000 ක් ස්ථිර කරන්නැයි පසුපෙළ මන්ත්‍රීවරු ඉල්ලති රාජ්‍ය ආයතනවල වසර ගණනාවක් අනියම් තනතුරුවල සේවය කරන සේවකයන් ස්ථිර සේවයට පත්කරන ලෙස රජයේ පසුපෙළ මන්ත්‍රීවරු ගණනාවක්ම රජයෙන් ඉල්ලා ඇත. 02 March 2021
අධිකරණ නියෝගයක් අරන් ගියත් නිවස ඉවත් කිරීමේදී විරෝධතා කඩවත සිට මහනුවර දක්වා ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ දන්විලාන ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් හා වී මෝලක කොටසක් අධිකරණ නියෝගයක් මත ඉවත් කිරීමට යාමේ දී අද (2) උණුසුම්කාරී වාතාවරණයක් ඇති විය. 02 March 2021
පඬු කරඳ පැල රෝපණය කර සුදුසු පරිසරවලට බෙදන්න යයි මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ හෙවත් කෘඩියා සිලනිකා( CrudiaZeylanica) ශාක විශේෂයේ පැල පරිබාහිර සංරක්ෂණ කටයුතු වලින් රෝපණය කර උද්භිද උද්‍යාන වල හා සුදුසු පරිසර වලට හඳුන්වා දීමට කටයුතු යොදා ඇතැයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව පවසයි. 02 March 2021
හරක්කටාගේ ගෝලයා - හයිබ්‍රිඩ් සුරංග අත්අඩංගුවට මිරිස්සේ හෝටලයක් වටලා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන හරක් කටාගේ ගෝලයෙකු බව කියන පාතාල සාමාජික හයිබ්‍රිඩ් සුරංග සමග තරුණියන් දෙදෙනකුද මත්ද්‍රව්‍ය සහ මෝටර් රථයක්ද අත්අඩංගුවට ගත් බව හියාරේ විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි. 02 March 2021
සීගිරියේ කෝටි ගානක හොර ඉඩම් ගනුදෙනුවක් ප්‍රධාන පෙළේ ධනවත් ව්‍යාපාරිකයකුගේ බිරිඳක අඩු ආදායම්ලාභිනියක ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලේඛන සකස් කර සීගිරිය ප්‍රදේශයේ රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් පවරා ගැනීමේ සිද්ධියක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වාර්තා වේ. 02 March 2021
ඩිජිටල් ගුණාත්මක බවින් අන්තිම තැන ලංකාවට රටවල් 85 ක් ඇසුරෙන් කරන ලද අන්තර්ජාතික සමීක්ෂණයකට අනුව, ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමක රටක් ලෙස ශ්‍රී ලංකාව අවසන් ස්ථානය ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පවසයි. 02 March 2021
ලක්ෂ 16 ක කේරල ගංජා තොගයක් අල්ලයි කොළඹට රැගෙන යාමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 16ක් වටිනා කේරළ ගංජා කිලෝ 12 යි ග්‍රෑම් 730 පණ්නන්කන්ඩි ප්‍රදේශයේ වෙල්යායක තිබී සොයා ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 02 March 2021
අකුරළ මුහුදේ නාන්න ගිය තරුණයින් දෙදෙනෙකු අතුරුදන් ඇද මෙට්ට අලෙවි කිරීම සදහා බණ්ඩාරවෙල සිට පැමිණ ඇති තරුණයින් හය දෙනෙකුගෙන් සිව් දෙනෙකු කහව අකුරළ ප්‍රදේශයේ මුහුදේ දිය නාමින් සිටියදී ඉන් තරුණයින් දෙදෙනෙකු මුහුදේ ගසා ගෙන ගොස් අතුරුදන් වී ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි. 02 March 2021
අම්මා මාස 9 ක ළදරුවාටත් පහර දීලා මාස නමයක බිළිඳෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියකට එම බිළිඳාගේ මව අද (2) යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය . 02 March 2021
මිනිස් සම්පත රකින ගමන්ම අලි සම්පතත් රැකගනිමු අලි-මිනිස් ගැටුම් හේතුවෙන් ලෝකයේ අලි මරණ වැඩියෙන්ම සිදුවන රට ශ්‍රී ලංකාව යැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. බොහෝ අයහපත් ක්ෂේත්රවලින් ලොව අංක එක හිමිකර ගැනීමේ අනවරත අරගලයක යෙදී සිටින රටක් යැයි සැලකිය හැකි තරමට ශ්‍රී ලංකාව පෙරට පැමිණ තිබේ. 02 March 2021
දියේ ගිලී මියගිය තරුණයාගේ සිරුර හමුවෙයි දෙහිවල සේනානායක මාවත මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයන් පිරිසක ගෙන් දියේ ගිලී මිය ගිය 24 හැවිරිදි තරුණයාගේ සිරුරු අද (2) දින උදෑසන දෙහිවල ඕබන් පෙදෙසේ මුහුදු තීරයෙන් හමු වී ඇතැයි දෙහිවල පොලිසිය පවසයි. 02 March 2021
කොරෝනා මෘතදේහ භූමදානයට ඉරණතිව් දුපත කොරෝනා මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉරණතිව් දුපතේ යොදා ගැනීම හා ඒ පිළිබඳ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය මුද්‍රණයට යොමු කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 02 March 2021
ප්‍රංශයේ හිටපු ජනපති සාකෝසි මහතාට සිරදඬුවම් ප්‍රංශයේ හිටපු ජනපති නිකොලස් සාකෝසි මහතාට දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවම් පනවා එය වසර දෙකකට අත්හිටුවා ඇත. 01 March 2021
දූෂණ - වංචා සෙවීමේ කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉකුත් පරිපාලන ආණ්ඩුව සමයේ රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ, වංචා පිළිබඳව සොයාබැලීමේ ජනාධිපති කොම්ෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 01 March 2021
අද කොරෝනා මරණ 5 යි : ආසාදිතයන් 303 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (01 වැනිදා) තහවුරු කරයි. 01 March 2021
පාස්කු ප්‍රහාර වාර්තාව අගරදගුරුතුමන්ට ජනාධිපතිවරයා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්විණ. 01 March 2021
කශෝග්ජි ඝාතනයට සෞදි කුමරුට දඩුවම් කරන්න ප්‍රමාද වෙන්න එපා සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් අනුමැතිය දුන් බව කියන එරට ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරුට ප්‍රමාද නොකර දඩුවම් පමුණුවන්නැයි, කොෂෝග්ජිගේ පෙම්වතිය වන හැටිස් සෙන්ගිස් මෙනෙවිය ප්‍රකාශ කරයි. 01 March 2021
දැරියක් මැරෙනතුරු වේවැලකින් පහරදුන් සැකකාරියන් දෙදෙනාම රිමාන්ඩ් අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීමට යැයි පවසමින් නව හැවිරිදි දැරියකට සිහිසුන් වන තුරු වේවැලකින් පහරදී මරණයට පත් කිරීමේ සිද්ධියට අදාල සැකකාරියන් දෙපල ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් ගත කිරීමට මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (01) වැනිදා නියම කළාය. 01 March 2021
නුග ගස ගිනි තැබූ නිලධාරියාට ඇප දාරළුව දොරණාගොඩ මාර්ගයේ ජපන් මිත්‍රත්ව පාලම ආසන්නයේ තිබූ ඉන්දියන් නුග ගසක් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (1) නියෝග කළේය. 01 March 2021
කොරෝනා සැදී පැන ගිය යාචකයකු සොයා මෙහෙයුමක් දඹුල්ල රෝහලේ කොරෝනා වයිරසය ශරීරගත වී ප්‍රතිකාර ලබමින් සිට පැනගිය යාචකයකු සොයා සෝදිසි මෙහෙයුමක් අද (1) දින සිට ආරම්භ කර ඇති බව දඹුල්ල පොලිසිය කියයි . 01 March 2021
වේල්ලවීදිය පාරේ ගමන් මල්ලක සිරුරක් වේල්ලවීදිය පොලිස් වසමේ වේල්ලවිදිය පාරේ ගමන් බෑගයක මළ සිරුරක් තිබී හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 01 March 2021
ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ ගැන හොයන්න’යි නීතිඥවරු 4 අගවිනිසුරුට ලියති දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට යම් අපහාසයක් වී ඇත්නම් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලා නීතිඥවරු 4 දෙනෙක් අද (1) අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 01 March 2021
කරුවලගස්වැව ප්‍රා. සභාපතිට පොලිස් ඇප පුද්ගලයකුට පහර දීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස් ඇප මත අද (1) දින මුදා හැර තිබේ. 01 March 2021
හමුදා වාහනයටත් රිංගන කුඩු ජාවාරම්මු මෙරට ක්‍රියාත්මක කුඩු ජාවාරම් ජාලයේ යුද හමුදා සෙබළුන්ගේ නම ගෑවුණු අවස්ථා ඉතාම විරල ය. එවැනි විරල අවස්ථාවක් පසුගියදා අපට අසන්නට ලැබිණි. ඒ සුළුපටු කුඩු කතාවක් සම්බන්ධයෙන් නොවේ. රුපියල් කෝටි 45ක කුඩු තොගයක් සම්බන්ධයෙනි. 01 March 2021
යොවුන් පාර්ලිමේන්තුව ඇරඹෙයි පස්වන යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරිණි 01 March 2021
ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය විවෘත කරයි මෙරට ප්‍රථම දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය ලෙස , ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීම අද (1) පෙරවරුවේ සිදු කෙරිණි. 01 March 2021
යුද හමුදා බස් රියක් දුම්රියේ ගැටෙයි යුද හමුදා බස් රථයක් කැළණිය වනවාසල දුම්රිය හරස් මාර්ගය අසලදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් බස් රථය අසළ නිවසකට කඩා වැදීමෙන් නිවැසියන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 01 March 2021
දෙදිනක විවේක නිවාඩු ඉල්ලා ගම්පහ රෝහලේ කණිෂ්ඨ සේවකයෝ වැඩ වරති කොරෝනා වයිරසය හේතුවෙන් හෙද කාර්ය මණ්ඩලයට ලබාදී ඇති දින පහක සේවයෙන් පසුව දෙදිනක විවේකය ලබාදෙන්නැයි ඉල්ලා ගම්පහ මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (1) උදෑසන සිට සේවා කටයුතු වලින් බැහැරව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතව සිටිති. 01 March 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026