මිශ්‍ර සමානුපාතික ක්රමයේ වැරැදි හදාගැනීම වැදගත්
මිශ්‍ර සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කර නව මැතිවරණ ක්‍රමයක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මෙරට සියලුම දේශපාලන පක්ෂ, මහජන නියෝජිතයන්, සිවිල් සමාජ සංවිධාන, රජයේ නිලධාරීන් සහ මහජනතාවගෙන් යෝජනා ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරමින් එම අමාත්‍යාංශය මගින් දැන්වීමක්ද පළ කර තිබිණි.