යතුරුපැදිකරු යටකර කපාකොටා මරා දමයි නාරම්මල පහමුණේ ප්‍රදේශයේ දී කාර් රථයකින් යතුරුපැදි දෙකක් යටකර යතුරු පැදිකරුවෙකු කපාකොටා ඝාතනය කළ පුද්ගලයෙකු පොලිසියට බාරවී ඇතැයි නාරම්මල පොලිසිය කියයි. 03 March 2021
අද කොරෝනා මරණ 1 යි : ආසාදිතයන් 335 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයකු අද (03 වැනිදා) දිනයේදී මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 03 March 2021
හජ් වන්දනාවට එන බැතිමතුන්ට එන්නත අනිවාර්යයි මේ වසරේ, හජ් වන්දනාව සදහා සහභාගී වියහැක්කේ කෝවිඩ් මර්දන එන්නත ලබාගත් බැතිමතුන්ට පමණක් බව සවුදි අරාබිය අවධාරණය කරයි. 03 March 2021
කිලිනොච්චියේ මවක් දරුවන් තිදෙනා සමග ළිඳට පනියි කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ මවක් අද (03) සවස සිය දරුවන් තිදෙනා සමග ළිඳට පැනීමෙන් පසුව මව බේරාගෙන ඇති අතර දරුවන් තිදෙනා මිය ගොස් ඇතයි සැකකෙරෙන බවටත් එක් දරුවෙකුගේ සිරුරක් ගොඩගත් බවට කිලිනොච්චිය ධර්ම පුරම් පොලීසිය පවසයි. 03 March 2021
රුපියල් 10,000 ක අල්ලස් ගත් කම්කරු නිලධාරිවරයෙක් අත්අඩංගුවට මහනුවර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකු රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (3) කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය. 03 March 2021
ග්‍රීසියේ භූමි කම්පාවක් රිච්ටර් මාපාංක 6.3 ක තදබල භූමි කම්පාවකින් අද දහවල් මධ්‍යම ග්‍රීසිය හෙල්ල ගොස් තිබේ. මෙම භූමි කම්පාව හේතුවෙන් පාසල් ඇතුළු ගොඩනැඟිලි ගණනාවකට අලාභ හානි සිදුවී ඇති අතර කම්පන කේන්ද්‍රය ආසන්නයේ සිටි ජනතාව බියවී මහා මාර්ග වලට දිව ගියහ. 03 March 2021
සමගි ජන බලවේගය හරිත පක්ෂයක් කරයි ජාත්‍යන්තර වනජීවි දිනය අද (03) දිනයට යෙදී තිබුණු අතර ඊට සමගාමීව සමගි ජන බලවේගය හරිත පක්ෂයක් ලෙස ජනගත කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කරනු ලැබීය. 03 March 2021
ඇවන්ට් ගාඩ් පැමිණිල්ලේ හා විත්තියේ දේශන අප්‍රේල් 23 දාට ඕනෑ ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ චෝදනා මත “ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ දේශන ලබන අප්‍රේල් 23 වැනිදා ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (03) නියම කළේය. 03 March 2021
ආණ්ඩුකාරවරයා තහනම් කළ නගර සභාපති ධූරය උසාවියෙන් දෙයි තනතුරෙන් ඉවත් කළ බළන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා යළි එම තනතුරේ පිහිටුවන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාට නියෝග කළ රත්නපුර අංක එක මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නගර සභාපතිවරයා තනතුරින් ඉවත් කිරිමට නිකුත් කළ ගැසට් නිවේදනය නඩු කටයුතු අවසන් වනතෙක් තහනම් කරන ලෙස අද (3) නියම කළේය. 03 March 2021
ටීනියා දිලීරය උතුරුමැද ගිලගන්න සැරසෙයි උතුරුමැද පළාතේ ප්‍රදේශ ගණනාවක ‘ටිනීයා’ නම් දිලීර අසාදනයක් හේතුවෙන් සමේ රෝගයක් පැතිරෙමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍යය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පැවසුවාය. 03 March 2021
අල්ලස් ගත් නිකවැරටිය ප්‍රා.සබේ මන්ත්‍රී රිමාන්ඩ් පස් ව්‍යාපාරිකයෙකු ගෙන් අල්ලසක් ගනිද්දී කොළඹ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා මේ මස 15 දින දක්වා රිමාන්ඩ් කරන ලෙස නිකවැරටිය මහෙස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය අද (3) නියෝග කළාය. 03 March 2021
මුතුරාජවෙල තෙත්බිම්වල තත්ත්වය ගැන අභියාචනාධිකරණය වාර්තාවක් කැඳවයි මුතුරාජවෙල තෙත්බිම්වල වර්තමාන තත්ත්වය පිළිබඳව සොයා බලා එය මාර්තු 09 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට දැනුම් දුන්නේය. 03 March 2021
මිගාරට පහර දුන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්න නියෝග අවසන් වසරේ නීති ශිෂ්‍යයකු වන මිගර ගුණරත්න මහතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන පෑලියගොඩ පොලිසියට සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. 03 March 2021
ඉරණතිව් වැසියෝ වළවල් වසා දමති කොවිඩ් 19 වයිරස ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය සඳහා ඉරණතිව් දූපතේ සැකසු වළවල් දූපත් වැසියන් විසින් වසා දමා දූපතට මෘතදේහ ගෙන ඒමට විරෝධය පළ කරමින් අද (03) ඉරණමාතා නගර් වෙරළ තීරයේ දී විරෝධතාවයක වුහ. 03 March 2021
ලක්ෂ 16 ක කේරල ගංජා සහ අයිස් සමඟ තිදෙනෙක් අල්ලති මහා පරිමාණයෙන් කේරල ගංජා සහ අයිස් ජාවාරමේ නියුතු පුද්ගලයින් තිදෙනකු පිලියන්දල හැඩිගම ප්‍රදේශයේදී අද (3) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 03 March 2021
අණ නොතකා ගිය කැබ් රියකට ඕමන්තේ දී වෙඩි : දෙදෙනෙක් රෝහලේ බලපත්‍ර නොමැතිව දැව තොගයක් රැගෙන ගිය කැබ් රථයකට ඕමන්ත මානික්කර්වලවු ප්‍රදේශයේ දී අද (3) සිදුකළ යුද හමුදාව විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි ඕමන්ත පොලිසිය කියයි. 03 March 2021
මාස 9 බිළිදාත් - මවත් පරිවාසයට යාපනය අරියාලෙයි මණීයන්තොට්ටම් ප්‍රදේශයේ මාස 09 ක් වයසැති කුඩා දරුවෙකුට අමානුෂිකව පහරදුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් දරුවාගේ මව දරුවා ද සමඟ මාර්තු මස 9 වැනිදා දක්වා පරිවාස බාරයේ තබන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කළේය. 03 March 2021
නිර්මාණ කොපි කිරීමේ කලාකරුවන්ගේ කලාව ‘ඇඩ්රස් නෑ’ චිත්‍රපටයට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ, ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීත අධ්‍යක්ෂණය කළ ‘ඇඩ්රස් නෑ’ ගීතය වෙනත් වාණිජ කටයුත්තක් සඳහා යොදාගැනීම කලා ලෝකයේත් විද්වත් සංවාද මණ්ඩලවලත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. අදාළ චෝදනාව එල්ලවන්නේ මෙරට සිටින ජනප්‍රිය කලාකරුවන් දෙදෙනකු වන භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන්ටය. ‘ඇඩ්රස් නෑ’ ගීතය වෙනත් වාණිජමය කටයුත්තක් සඳහා යොදාගෙන තිබෙන්නේ ඔවුන්ගේ ආයතනයකින් වීම එම චෝදනාවට පදනම වේ. 03 March 2021
රට රැකියාවලට ගොස් හිරිහැර විදි කතුන් 266 දෙනෙකු ලංකාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එහිදී තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර, කරදර වලට ලක් වී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු ඩුබායි සිට අද (3) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. 03 March 2021
ඇල්පිටිය රෝහලේ සිටි කොරෝනා ආසාදිතයකු පැන යයි ඇල්පිටිය මූලික රෝහලේ පළමු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයකු රෝහල් වාට්ටුවෙන් පැන ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය. 03 March 2021
කෝටියකට අධික මත්කුඩු සමඟ පොල් වෙළෙන්දෙක් අත්අඩංගුවට රුපියල් කෝටියකට අධික හෙරොයින් මත්කුඩු සහ රුපියල් ලක්ෂ හතරකට අධික මුදල් සමඟ පොල් වෙළෙන්දෙකු ග්‍රෑන්ඩ්පාස් නාගලගම් විදිය ප්‍රදේශයේදී කොළඹ උතුර පොලිස් කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 03 March 2021
තරුණියගේ සිරුර බෑගයේ දමාගෙන ආ එස්.අයි. වස බී එල්ලෙයි වේල්ල වීදියෙන් හමුවූ 30 හැවිරිදි කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පොලිස් පරීක්ෂකවරයා (52) වස පානය කර සිය දිවි නසා ගෙන සිටියදී අද (3) බඩල්කුඹුර පහේ කණුව ප්‍රදේශයෙන් හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 03 March 2021
සරසවි අහිමි සිසුන් කොතලාවලට යවන්න ඉසෙඩ් අගය මත විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට නොහැකි වූ, විශිෂ්ටම සාමාර්ථ ලබාගත් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බදවා ගැනීමේ හැකියාව පිළිබදව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට අද (02) උපදෙස් දුන්නේය. 02 March 2021
අද කොරෝනා මරණ 7 යි : ආසාදිතයන් 317 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (02 වැනිදා) තහවුරු කරයි. 02 March 2021
රූමස්සල වනජීවී අභයභූමියේත් ගස් කපා අඩි 40 ක පාරක් හදන්න යයි රූමස්සල වනජීවී අභයභූමියට අයත් ප්‍රදේශයේ ගස් කපා හෙළි පෙහෙළි කර රූමස්සල හරහා අඩි 40ක පාරක් ඉදිකරන බවට ආන්දෝලනයට තුඩු දී ඇති ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීහු පිරිසක් එම ප්‍රදේශයේ අද (02) නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.අමරසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් සම්බන්දව මාධ්‍යවේදීන් විසින් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව මෙම චාරිකාව සංවිධානය කර තිබිණ. 02 March 2021
සචිත්රගේ ඇප ඉල්ලීම ඉවතට පසුගිය වසරේ නොවැම්බර් - දෙසැම්බර් මාසවල හම්බන්තොටදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. 02 March 2021
ඉරණතිව් දූපත් වැසියෝ විරෝධතාවකට සැරසෙති කොරෝනා ආසාදිත මළ සිරුරු කිලිනොච්චිය ඉරණතිව් දූපතේ වළ දැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව හෙට (03) දිනයේ දී ඉරණතිව් වැසියන් විරෝධතාවක් පැවත්වීමට සූදානමින් සිටින බවට දූපතේ වැසියන් පවසා සිටිති. 02 March 2021
පාසල් සිසුන් 279 නිදහස් කරලා නයිජීරියාවේ, වයඹ දිග සම්ෆාරා ප්‍රාන්තයේ, ජන්ගබේ නගරයේ පාසල් නේවාසිකාගාරයකින් පැහැරගත් පාසල් සිසුවියන් 280 කට ආසන්න පිරිස නිදහස් කර ඇති බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසයි. ගැහැනු ළමයින් 279 දෙනෙකු නිදහස් කර ඇති බව සම්ෆාරා ප්‍රාන්ත ආණ්ඩුකාර බෙලෝ මතවාලේ නිවේදනය කළේය. 02 March 2021
අල්ලස් ගත් නිකවැරටිය ප්‍රා. සබේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට පස් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 425,000 ක් ලබා ගනිද්දී නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අද (2) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය. 02 March 2021
කොවිඩ් සිරුරු භූමදානයට ඉරණතිව් තෝරාගැනීම ජාතිවාදයක් ඇතිවිය හැකියි කොරෝනා වයිරසය ආසාදනය වී මිය යන මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ භුමිදානය සඳහා කිළිනොච්චිය ඉරණතිවු දුපත තෝරා ගැනීමේ තිරණය මගින් ජාතිවාදයක් ඇතිවිය හැකි යැයි ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. 02 March 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026