‘‘අසාද් සාලිට චෝදනා ගොනු කිරීමේ හැකියාව සොයා බලනවා‘‘
අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා තබාගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මාර්තු මස 10 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කල කරුණු සම්බන්ධයෙන් වන විමර්ශනය මේ වන විට අවසන් කර ඇති බවත් , ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමේ හැකියාව සොයා බලන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.