
(නිහාල් වෙත්තසිංහ සහ බුද්ධික කුමාරසිරි )
මුව ආවරණයක් නැතිව ඉන්ධන ලබා ගැනීමට මීගොඩ ඉන්ධන පිරවුම්හලකට ආ යතුරු පැදිකරුවෙකුට දුරස්ථභාවය තබාගෙන සිටින ලෙස ඉන්ධන හල් සේවකයකු දැන්වීමත් සමග උරණ වූ යතුරුපැදිකරු පිරවුම්හලේ සේවකයාට තර්ජනය කර පසුව තවත් පුද්ගලයකු සමග පැමිණ පහරදී උස්සා පොළෙවේ ගසා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
එම පහර දීම වැලැක්වීම පිණිස, එම ස්ථානයට පැමිණි පිරවුම්හලේ තවත් සේවකයකුට ද අදාල පුද්ගලයන් පහර දී ඇතැයිද පොලීසිය පවසයි.
පහරකෑමට ලක්වූ ඉන්ධනහලේ සේවකයා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, වැඩිදුර ප්රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
මීගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්රියන්ත මහතාගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුබසිංහ, සහ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර, යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට කිසිම සමාවක් නොදිය යුතුයි.
මෙහෙමත් පව්කාරයෝ. අතේ පයේ හිරි ඇරගන්න වෙන්නැති ගුටිබැට දෙන්න ඇත්තේ?
හොඳ වැඩක්
ඉක්මන් දඩුවම් ලැබේවා. සමාජයට පිළිලයකි.
ළඟකදි ඉඳලා මෙහෙම සිදුවීම් වාර්ථා වෙනවා වැඩියි නේද? මිනිස්සු පීඩනයෙන් ඉන්නේ. හැමෝම තම තමන්ගේ ආරක්ශාව බලාගන්න එක හොඳ වෙයි. ලංකාවේ ගොඩක් බයික් වගේම ත්රී වීල් එලවන්නේ මැරයෝ. ඒ ගැනත් මතක තියාගෙන ඉන්න.
අදහස් පළකිරීමෙන් කවුරු කවුරුත් වැලකී සිටින්නේ උස්සලා පොළොවේ ගහන්න ඉඩ තියෙයි කියලා වෙන්න ඇති. දැන් කාලේ ඒකත් ඇඟට ගුණයි තමයි
ලංකාව තවමත් තුන්වෙනි ලෝකයේ රටක් වී ඇත්තේ මෙවැනි මේ අය නිසයි.
මෙහෙමත් කෘරකම් කරන යක්කුද ලංකාවේ වෙන්නේ . මේ දෙනනව අල්ලලා කූඩු කලොත් හොදයිඉක්මනටම
අන්තිම අසරණ අයටම ඇයි මේ කරදර යන්තං ජිවිතය ගැටගසා ගන්න දඟලන
නිසැකවම මුන් කව්රු හරි දේශපාලුවෙකුගේ සහචරයෝ වෙන්න ඕන
ඔය වගේ චන්ඩි බිහිවීමට පොලීසිය වගකියන්න ඕන. පොලීසිය නිවට වෙලා ලොක්කන්ට පන්දම අල්ලන කොට චන්ඩි රජ කරනව.