
(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නිඩේෂන් මහතා, ආන්දෝලනාත්මක පැනඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අනිද්දා (08) කැඳවා ඇත.
පැන්ඩෝරා පත්‍රිකා මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති තොරතුරු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කළ දැනුම් දීම මත තිරුකුමාර් නඩේෂන් මහතා කොමිසම හමුවට කැඳවීමට තීරණය කළ බව එම ප්‍රකාශකයා පැවසීය.
පැන්ඩෝරා පත්‍රිකා සිද්ධිය සම්බන්ධයෙන් තමාගේත් බිරිඳගේත් නම සදහන් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂකවරයකු පත්කරන ලෙසත් සඳහන් කරමින් තිරු කුමාර් නඩේෂන් මහතා අද (06) ජනාධිපතිවරයාට ද ලිපියක් යොමු කර තිබිණී.
ඒ අනුව, තිරු නඩේෂන් මහතා කැඳවා පැන්ඩෝරා පත්‍රිකා සිද්ධියට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ප්‍රකාශකයා වැඩිදුරටත්සදහන් කළේය.
ලෝක නායකයින් දේශපාලනඥයින් සහ ප්රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ගනුදෙනු පිළිබදව තොරතුරු රැසක් පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇති අතර, හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය කර තිබිණී.
හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මිය ඇගේ සැමියා සමඟ එක්ව පිහිටවා ඇති සමාගමක් මගින් ලන්ඩන් සහ සිඩ්නි නගරවල සුඛෝපභෝගී නිවාස මිලදී ගෙන ඇති බවට එම පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් නිදොස් කොට නිදහස් ඉමහත් ගෞරවයෙන්
මරු වැඩේ. ලිඛිතවම කියනවා තමාව අල්ලන්න කියලා.
ඔය වගේ දේවල් වලට කියන්නේ නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ කියලා
දන්නේ නැතුව ඇති පව්
නඩේෂන් නිදොස් කොට නිදහස් කිරීමේ මුලික පියවර අරඹා ඇත. අන්තිමට පැන්ඩෝරාව පච වෙනවා. නඩේෂන් ඊළඟ මතිවරනෙට ඉල්ලනවා. එමෙන්ම ඉහල මනාප සංඛ්‍යාවකින් දිනනවා. මේක ශ්‍රී ලංකාවනේ.
විමර්ශනයේ ස්වභාවය පිළිබඳව අපි අවදියෙන් සිටින අතර මල්වානේ මන්දිරය ගැනද පැන්ඩෝරා ඉස්මතු කර ඇති හෙයින් බැසිල්ගෙන්ද ප්‍රශ්න කළ යුතුය.
චෝදනා ගොනු කරලා පස්සේ ඒ චෝදනා ඉල්ලා අස් කරගන්න අල්ලස් කොමිසම .හ ...
යන්න යන්න ගිහිල්ලා එන්න සහතික කරලා කියන්නම් කිසිම කරදරයක් වෙන්නෙ නැහැ. ටික කාලෙකින් මිනිස්සුන්ට ඕව අමතක වෙයි ඊට පස්සේ ආයෙත් මුන්ටම චන්දේ දෙයි. ප්රභාකරන් කිව්වනේ සිංහලයාට මතක තියෙන්නෙ සුමාන 2යි කියලා.ඒක සහතික ඇත්ත.
ජෝඩුව රටින් පැන්නයින් පස්සෙ තමයි, පරීක්ෂන කරන්න නියෝගය එන්නෙ, ඒ තමයි අපේ පාලකයන්ගෙ හැටි.අස්පය පැන්නයින් පස්සෙ ඉස්තාලය වහනව වගේ.
ඒගොල්ලෝ රට ගිහිල්ලා
අනේ සර් මගේ මේ තරහා කාරයෝ මගේ නම බොරුවට පැන්ඩෝරාට දාලානේ .ඉරිසියා කාරයොන්ගේ වැඩනේ