
(ඩයනා උදයංගනී)
ක්රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අනුමැතිය ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ඩිජිටල් ව්‍යාපාරික පරිසර පද්ධතියක් ඇති කිරීම පහසු කිරීම සඳහා ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්රිප්ටොකරන්සි මයිනින් ඇතුළු අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම යන ක්ෂේත්‍ර ඇතුළත්ව ඒකාබද්ධ පද්ධතියක් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇතැයි අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්ය.
දකුණු ආසියාවේ බොහෝ රටවල් එම ක්ෂේත්රයන් ඇගයීම හා සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර එම රටවල් සමඟ තරගකාරී පදනමින් කටයුතු කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි කඩිනමින් අවධානය යොමු කළ යුතුව ඇතැයි ද එහි දැක්වේ.
ඒ අනුව, එකී ක්ෂේත්රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නිපුණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමටත්, 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනත සහ ඊට අදාළ සංශෝධනයන්හි විධිවිධානයන්ට යටත්ව, ක්රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අනුමැතිය ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා භයානක තාක්ෂණක්, මුදල් විශුද්ධිකරණය, කළු වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැනි නීති විරෝධී කටයුතු සඳහා පහසුවෙන් අවභාවිතා කළ හැකිය.
ඉතා හොඳ තීරණයක් .ක්‍රිප්ටො සමග ගනු දෙනු කරන තරුණයන්ට හොඳ කලක් ලැබේවි .ඒ වාගේම කළු සල්ලි සුදු කිරීමේ මාර්ග වලට දොරටුවද ඉතා ඉක්මනින් විවෘර්ත වේවි
ක්ර්රිප්ටො කරන්සි කියන්නෙ මොකක්ද කියල ඔය කැබිනට්ටුවේ කී දෙනෙක් දන්නවද? අත උස්සන්න.
බොරු වැඩක් . මේ දුපත් වාසීන් ආයෝජනය යන්නෙහි තේරුම නොදනී . දැන් නොදැක්කා වාගේ හිඳ මෙවැනි දේ දියත් කරන්නට යන අවස්ථාවේදී පවුල් පිටින් පාරට බැස මෙවැනි දේට විරුද්ධව විප්ලව කරති. එනිසා බොරුවට අර කොම්පැනියේ කාලය කා නොදමන්න. අපගේ හිස් ඉඩම් දිහා බල බලා සහ මුකුත් දෙයක් කරගන්නට බැරි සම්පත් දෙස බලාහිඳමින් ජාතික අභිමානයෙන් උද්ධාමයට පත්ව හිඳ චිරාත් කාලයක් අප දරුවන්ට කන්න බොන්ට නැතිවූවත් ආඩම්බරයෙන් ජීවත්ව හිඳ නිර්වාන සම්පත් පතමු.
ඒගොල්ලෝ මයින් කරයි අපිට ටැක්ස් වැඩි කරලා කරන්ට් බිල් එන්නේ මාසේ අන්තිමට .තවත් සුදු අලියෙක් තමයි .හරියට රටට කරන්ට් එක දී ගන්න බලා ගාර නෑ .ක්‍රිප්ටො මයින් කරන්න කතාව