
(බුද්ධික කුමාරසිරි)
මුව ආවරණයක් නැතිව ඉන්ධන ලබා ගැනීමට මීගොඩ ඉන්ධන පිරවුම්හලකට ආ යතුරු පැදිකරුවෙකුට දුරස්ථභාවය තබාගෙන සිටින ලෙස ඉන්ධන හල් සේවකයාට පහරදුන් බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් පාදුක්ක ගලගෙදර සහ වැටරැක ගාලබැඳිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 24 සහ 36 වයසේ පසුවන්නන් බව ද පොලිසිය සඳහන් කරයි.
මුඛ ආවරණයක් නොමැතිව පැමිණී සැකකරුවන්ට දුරස්ථභාවය රැක ගන්නා ලෙස දැනුම් දීම මත උරණ වූ යතුරුපැදිකරු පිරවුම්හලේ සේවකයාට තර්ජනය කර පසුව තවත් පුද්ගලයකු සමග පැමිණ පහරදී උස්සා පොළෙවේ ගසන අයුරු ඒ අසල තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව ඇත.
එම පහර දීම වැලැක්වීම පිණිස, එම ස්ථානයට පැමිණි පිරවුම්හලේ තවත් සේවකයකුට ද අදාල පුද්ගලයන් පහර දී ඇතැයිද පොලීසිය පවසයි.
පහරකෑමට ලක්වූ ඉන්ධනහලේ සේවකයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සමාජ පන්ති වල විශමතාවය පේනව නේද? අවුරුදු 24 කියන්නේ ළමයි උසස් අධ්‍යාපනය ලබන, රැකියාවන් කරන වයස. මෙහෙම චණ්ඩි කම් කරන්නේ කාගේ උවමනාව ටද? ඒ ළමයාව දැක්කහම වුණත් පේනවා අසරණ කමෙන් පීඩනයට පත්වුණ කෙනෙක් කියලා.
මේ වගේ මැරයන්ට හොඳ දඬුවමක් දෙන්නම ඕනේ .ඒ සේවකයාට පහර දුන්නේ තිරිසනෙකුටත් අන්ත විදියට
අපගේ ඇස් වල දුර්වලතාවයක්ද මන්දා ,මෙම පහරදීම සිදුකල ( පිරුවුම්හලේ සේවකයාව උස්සල පොළොවේ ගැසූ ඒ මුර්ගයා ටිකක් උස මහත බල්ලෙක්) නමුත් මේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ වෙනත් පුද්ගලයෙක්ද ? සමහරවිට අපගේ ඇස් නොපෙනීමක් විය හැකිය. කෙසේ වෙත්ත මෙම බල්ලන් දෙදෙනාටම තමන්ගේ ඒ ආදරණිය මව්වරුන් ගෙන් බිව් මිල කළ නොහැකි ඒ මව්කිරි මතක් වෙන්නම දෙන එක දිය යුතුය.
අදිකරණයට ඉස්සෙල්ලා පොඩි බයිට් එකක් දුන්නා නම් තමයි හොඳ
අනේ අපේ රටට ගියකලක්.එකෙක්වත් නීතියට ගරු කරන්නෙ නැහැනෙ.අර අසරන මිනිහා රස්සාව කරන්න ඇවිල්ල කොන්ද කඩා ගත්තා.මේ නාටුහාමිලා දෙන්නට පුලුවන්ද මිනිහෙක් උස්සලා පොලොවෙ ගහන්න. හරියට මන්ද පෝශනේ හැදිච්ච එවුන් වගේනෙ. ඒක නෙවෙයි අර ලොරි ඩ්‍රයිවර්ට උඩ පැනලා ගහපු පොලිස් කාරයට මොකක්ද උනේ? මොකුත් නැහැ නේද?
මේ දෙන්නා දේශපාලනයට සම්බන්ද නැතිව වගෙයි
උස්සලා පොලවේ ගැසූ උස මහත පුද්ගලයා ඔතන නැහැ
කොහොමත් අපේ රටේ ගුටිකන අය තමයි වැඩි. ඕක හොදයි, අනේ අපිට ගැහුව කියල කියන්න ගිහාමත් ගුටි කනවනේ අපි.
විදේශ රටක වුනානම් ඉන්දන පිරවුම් හලේ සේවකයා මිලියනපතියෙක් වෙනවා.. ලංකාවේත් එහෙම නීති තිබුනානම් ...
මෙවන් තිරිසනුන්ට වසර 5 ක් යනතුරු සෑම ඉරිදාවකම උදේ පාන්දරම පොලීසියේ පෙනී සිටින්න කියා නියෝගයක් ලැබුනොත් නියමයි
මතක හිටින්න සිරගත කරානම් හරි
නරියෙක් ඉදිරියේ පොලිසිය සිංහයෝ වෙලා