රට රැකියා වලදී හිරිහැර වූ කාන්තාවෝ 249 ක් ලංකාවට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී, එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී, යළි මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 249 දෙනෙකු අද (10) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා පැවසීය.