යුරෝපයේ රටවල් 8 කින් හිස්බුල්ලාට සහාය
මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ප්රමුඛ නීතිඥවරයකු වන හිජාස් හිස්බුල්ලා මහතා වැනි මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට ගරු කරන ලෙස ශ්රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමින් යුරෝපීය රටවල් අටක මානව හිමිකම් තානාපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. නෙදර්ලන්තය, ජර්මනිය, එංගලන්තය ස්වීඩනය, එස්ටෝනියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග් සහ ෆින්ලන්තය යන රටවල්වල මානව හිමිකම් තානාපතිවරුන් මෙම නිවේදනය නිකුත් කර ඇත.