
(අජන්ත කුමාර අගලකඩ)
පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිදරව් කර ඇති කරුණු සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසුව ආණ්ඩුව පියවරක් ගනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් සදහන් කළේය.
ජනාධිපතිවරයාගේ නියෝගය මත, අල්ලස් කොමිසම දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, පැන්ඩෝරා පේපර්ස් මගින් චෝදනා එල්ල වී ඇති තිරු නඩේෂන් මහතා අල්ලස් කොමිසමට ඊයේ පැමිණ ප්‍රකාශයක් ද ලබා දුන්නේය.
පැන්ඩෝරා පේපර්ස් මගින්,හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියට සහ ඇගේ සැමියා වන තිරු නඩේෂන් මහතා ට චෝදනා එල්ල වී ඇති අතර,ඒ ගැන වහාම පරීක්ෂණයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්නැයි ජනාධිපතිවරයා අල්ලස් කොම්ෂන් සභාවට නියෝගයක් නිකුත් කළේය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් ඇමතිවරුන් ගණනාවක් ප්‍රශ්න කර ඇති අතර,මේ පිළිබඳ රජයේ ස්ථාවරය වහා රටට ඉදිරිපත් කරන්නැයි ඇමතිවරුන් ගණනාවක් එහිදී ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ නෑයින්ගේ නිදොස් බව සත්‍ය නම්, පැන්ඩෝරා පේපර්ස් ඉදිරිපත් කළ විදෙස් මාධ්‍යවේදීන් කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිය හැකියි. එසේ නොකොට මේ රටේ කෙරෙනා මේ විකාර මොනවාද? මෙදා පොටේ සත්‍ය වසන් කරනවා බොරු. තවත් හැට ගාණක් ඉදිරියේදී එළියට එනවා කියා රාවයක් පැතිර යමින් පවතියි. කමෝන් පැන්ඩෝරා...
අනේ අපොයි. මොන පිස්සුද? ඔව්වා මේ සිරි ලංකාවේ සාමාන්‍ය දේවල්නේ. මිනිස්සුන්ට සුමාන 2යිනේ මතක තියෙන්නේ.. අර ප්‍රභාකරන් කිව්වා වගේ. ආයෙත් මේ හොර නඩය හෝ වෙනත් හොර නඩයක් බලයට පත්වේවි. ආයෙත් හොරකම් කරයි. එව්වා වහගන්න මිනීමරයි...
දූෂිත පවුල් පාලනයක් පවතින රටක ආයේ අමුතුවෙන් කියලා මොනවා බලාපොරොත්තු වෙන්නද?
පැන්ඩෝරා පේපර්ස් ලංකාවේ අයට කියන දේ බොරු...
මට වෙච්චි අසාධාරණයක් පිළිබඳව මා විසින් කරන ලද පැමිණිලි මත, මේ වන විට 25 වතාවකට වැඩි වාර ගණනක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා විවිධ ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. නමුත් අදටත් එකම පැමිණිල්ලකටවත් සාධාරණයක් ඉටු කර දී නැහැ. ඒ නිසා මම ඉතා දැඩි කලකිරීමකින් පසුවෙනවා. මම මේක සඳහන් කරන්නේ කාටත් දකින්නට තමයි. නීති විරෝධීව හෝ මට එරෙහිව විනය පරීක්ෂණයක් කළ ගරු ඒක පුද්ගල විනිශ්චය සභාව විසින් මා රජයේ මුදල් වංචාවක යෙදී නොමැති බවත්, ඉතා දීර්ඝ කාලයක් රජයේ ගුරුවරයෙකු ලෙස සේවය කර ඇති බවත්, පෙර වැරදි කිසිවක් නොමැති බවත් සඳහන් කර මා සේවයෙන් නෙරපා නොහරින ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්ට ලිඛිතවම උපදෙස් දී තිබියදී, හිටපු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි මහතා මා සේවයෙන් නෙරපා හැරියා. මේ සියල්ල මම අල්ලස් කොමිසමට දැනුම් දුන්නත් අදටත් කිසිම විසඳුමක් නැහැ. ඉතිං මෙවැනි ආයතන කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබිය හැකිද?
අවසන් වාර්තාව ලොක්කන්ට අවශ්‍ය විදියට, හිර ගෙදරට පිස්තෝලේ අරන් පැන්න මිනිහා ගැනත් කිසිම දෙයක් නැහැ. තමන්ගේ කෙනෙක් නම් නීතිය ඇස් වහගන්නවා.. ඔන්න ඔහොමයි ලංකාවේ වැඩ ළමයෝ...
බයිබරි වාර්තාව? ඒ මොකක්ද?
හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා තියෙන්නේ නිකන්යැ...
මේ රටේ විවිධ දේ ගැන වාර්තා ජනාධිපතිලාට නම් කීයක් නම් ලැබුණාද? නමුත් එකකටවත් පියවර ගත්තාද? මේකත් එහෙම තමයි.
දන්නේ නැති හින්දයි අහන්නේ... අර බයිබරි වාර්තාව කියන්නේ බයියන් ගැන වාර්තාවක්ද..?
රටේ සල්ලි කීප දෙනෙක් ඇද ගන්නවා. රට බංකොළොත් වෙනවා. අනේ මේ පුංචි රටට වුණු අවාසනාවන්ත කමක්..
බයිබරි යන්න මොන පදනමක් මත භාවිතා කලාද යන්න නොතේරේ..
ගරු ජනදිපතිතුමනි දිනෙන් දින ජනතා අප්‍රසදය වෑඩිවනවා මිසක් අඩුවිමක්නම් නෑත. වංචාව දුෂණය අවිනීතිය පෙර කවර්දාටත් වඩා වෑඩි වී ඇත. මෙ ආර්ථික ආගාධයෙන් ගොඩ එමට වහාම පැනඩෝරා ඩොලර් ලංකාවට ගෙන ආ යුතුයි - එය ඩොලර් හිගයට විසදුමක්.
වාර්ථාවේ සාරාංශය : පැන්ඩෝරා ලිපි දෝශ සහිත අතර එම චොදනා පදනම් විරහිතය. එම නිසා නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නැත.