නාවලපිටියේ දී දුම්රිය ඇංජිමක් පිළිපනී නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ ජයසුන්දරඕවිට ප්‍රදේශයේදි දුම්රිය එන්ජිමක් පිලි පැනිමට ලක් වු බව දුම්රිය පාලක මැදිරිය කියයි. 11 March 2021
ගිනිගත් මෝටර් රිය රස පරීක්ෂකගේ විමර්ශනයට කළුබෝවිල ආසිරි මාවතේ දී ඊයේ (10) රාත්‍රී කාර් රථයක් ගිනිගෙන මියගිය පානදුර පදිංචි 31 හැවිරිදි මොහොමඩ් නෂාර් මොහොමඩ් නෂීර්ගේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (11) පෙරවරුවේ ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය විසින් සිදුකරනු ලැබූවාය. 11 March 2021
කොරෝනාවට නොදෙවෙනි ක්ෂය රෝගයෙන් වසරකට 500ක් මරුට ක්ෂය රෝගයෙන් වසරකට රෝගීන් 500-550ක් අතර ප්‍රමාණයක් මිය යන බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ නිලුපා පල්ලෙවත්ත මහත්මිය කීවාය. 11 March 2021
සේරුවිල ප්‍රා. සබේ ගැටුමෙන් මන්ත්‍රී දීමනා නවතී සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපති අර්බුදය නිසා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට මාස දෙකක මන්ත්‍රී දීමනා නොලැබුණු බවත් මන්ත්‍රීවරු හරහා සිදුකරන සංවර්ධන කටයුතු මාස දෙකක සිට නැවතී සිට ඇති බවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පවසති. 11 March 2021
ශ්රීලනිපය පළාත් සභා මැතිවරණයට අයදුම්පත් කැඳවයි ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරඟකිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට මාර්තු 31 වැනිදා ට පෙර ඉල්ලුම්පත් යොමු කළ හැකි බව එම පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසරි ජයසේකර මහතා පැවසීය. 11 March 2021
ජාතික පාරිසරික පනත සංශෝධනය කරන්න ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දී තිබේ. 11 March 2021
වඩත්තේ සෝමානන්දහිමියෝ ආණමඩුවේ ලේඛකාධිකාරී තනතුරට ආණමඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී තනතුර සඳහා එම තනතුර කලින් හෙබවූ වඩත්ත පිරිවන් කෘත්‍යාධිකාරී වඩත්තේ සෝමානන්ද හිමිපාණන් වහන්සේම නැවතත් පත්වූහ. 11 March 2021
රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට සේවකයාගේ කැපවීම අවශ්‍යයි රාජ්‍ය ආයතනවල ජනතා සේවා කාර්යක්ෂම කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. බත්තරමුල්ලේ සුහුරුපායේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමක් අමතමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාදවීමට ප්‍රධාන හේතුව අන්තර් ආයතනික සම්බන්ධතා දුරස්ථවීම බවද පෙන්වා දුන් බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 11 March 2021
එජාපයෙන් ගිය අයට යළි දොර ඇරේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්වූ ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා ඇතුළත් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට යළිත් පක්ෂයට එක් වීම සඳහා අවස්ථාව දීමට එජාපය තීරණය කර තිබේ. 11 March 2021
ප්‍රථම පුරාවිද්‍යා පුහුණු මධ්‍යස්ථාන දෙක පිහිටුවයි ඓතිහාසික රිදී විහාරය හා රජගලතැන්න පුරා කුටි සංකිර්ණය පුරාවිද්‍යා ශික්ෂණ මධ්‍යස්ථාන බවට පත්කිරීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යෂක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය. 11 March 2021
අශොක් අබේසිංහ සීඅයිඩියට පාස්කු ප්‍රහාරය පිළිබදව සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික සමගි බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය. 11 March 2021
අයිවරි කෝස්ට් හි අගමැති ජර්මනියේ දී සමුගනී අයිවරි කොස්ට් හි අග්‍රාමාත්‍යවරයා ජර්මනියේ රෝහලකදී මියගිය බව එරට රජය නිවේදනය කර තිබේ. 11 March 2021
හොර පාරෙන් කැනඩාවට පනින්න බැරිවෙයි කැනඩාවට නීතිවිරෝධීව මුහුදු මගින් යාමට සූදානම්ව කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ නිවසක ලැගුම්ගෙන සිටි 24 දෙනෙක් කල්පිටිය විජය නාවුක හමුදාව විසින් අද (11)අලුයම අත් අඩංගුවට ගනු ලැබූහ. 11 March 2021
කොහුවල ව්‍යාපාරිකයෙක් මෝටර් රථය තුළ පිළිස්සී මියයයි මෝටර් රථයක් සමග පිළිස්සී මියගොස් සිටි ව්‍යාපාරිකයකුගේ සිරුරක් ඊයේ (10) රාත්‍රී 11 . 30 ට පමණ කොහුවල පොලිසිය මගින් සොයාගෙන ඇත. 11 March 2021
කොරෝනා ආසාදිතයන් අද 300යි කොවිඩ්-19 ආසාදිතයින් තවත් 140දෙනෙක් අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. 10 March 2021
කල්පිටිය ශාසනාරක්ෂක ඡන්ද විමසිම කල්යයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව තිබු කල්පිටිය ශාසනාරක්ෂක බල මංඩල ජන්ද විමසිම උණුසුම් තත්වයක් මතුවිමත් සමග කල් තැබු බව කල්පිටිය ප්‍රාදේශිය ලේකම් ප්රගිත් දනන්සුරිය මහතා පවසයි. 10 March 2021
සූරියවැව ගොවීහු මාරාන්තික උපවාසය අත්හරිති වල්සපුගල යෝජිත වල්අලි කළමනාකරණ රක්ෂිත කලාපය ගැසට් කරන බවට වනජීවි අධ්යක්ෂවරයා හම්බන්තොට දිසාපති ඩබ්ලිව්.එච්. කරණාරත්න මහතා හරහා ලිඛිත පොරොන්දුවක් දීමෙන් පසුව සූරියවැව ගොවීන් මාරාන්තික උපවාසය අද (10) සවස අත්හළ බව ගොවීහු කියති. 10 March 2021
වාහන ආනයන ගැන යෝජනා ඉල්ලයි වාහන ආනයනය කිරීම නැවත ආරම්භ කිරීම සඳහා අදහස් හා යෝජනා ලබා දෙන්නැයි මුදල් අමාතයංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය. 10 March 2021
මත්ද්‍රව්‍ය අවි ආයුධ සමඟ අයෙක් මාලිගාවත්තේදී අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයකු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය තොගයක් අවි ආයුධ කිහිපයක් සමඟ පුද්ගලයකු අද (10) අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි. 10 March 2021
රාජ්‍ය ආයතන දහයකින් ගුවන් හමුදාවට කෝටියක පොල්ලක් රාජ්‍ය ආයතන දහයක් කෝටියකට ආසන්න මුදලක් ගුවන් හමුදාවට ගෙවීම පැහැර හැර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 March 2021
කොරෝනා ආසාදිතයන් 160ක් කොවිඩ්-19 ආසාදිතයින් තවත් 160දෙනෙක් අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. 10 March 2021
සාපෙළ පිළිතුරු පත්‍ර ඇගයීම 27 සිට සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම මෙම මස 27 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාතයංශය කියයි. 10 March 2021
පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවවලට තහංචියක් දිවයිනේ සියලූම පාසල් ලබන සඳුදා ආරම්භ වූවද වාර්ෂික නිවාසාන්ත ක්‍රීඩා උත්සව නොපවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලූම කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී තිබේ. 10 March 2021
යහපාලන රජය කෝටි 1500 එතනෝල් ගෙනල්ලා-කබ්රාල් යහපාලන රජය කාලයේ දී රුපියල් කෝටි 1500 ක එතනෝල් ලීටර් දාහතර කෝටි තිස් ලක්ෂයක් ආනයනය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 March 2021
අයියාගේ පොලු පහරින් මල්ලී මරුට මීරිගම පොදු වෙළෙඳ පොළ භූමියේ දී අද (10) පස්වරුවේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ ආරාවුලකින් එක් අයෙකු මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි. 10 March 2021
මහාචාර්ය ගාමිණී රණසිංහ නව තනතුරේ වැඩ අරඹයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා අද (10) සුබ මොහොතින් සිය ධූරයේ වැඩ භාරගත්තේය. 10 March 2021
40 වැඩි අයට කොරෝනා මාරයා අත වනයි කොරෝනා රෝගයෙන් මියගිය 511 දෙනා අතුරින් 478 දෙනකු වයස අවුරුදු 40ට වැඩි අය බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය කියයි. 10 March 2021
රිෂාඩ්ගෙන් විමල්ට එරෙහිව සීඅයිඩියට පැමිණිල්ලක් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් සමග තමන්ගේ සහෝදරයා දුරකථනයෙන් කතා කළ බවට විමල් වීරවංශ අමාත්‍යවරයා කළ ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා රිෂාඩ් බදියුඩීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(10) පැමිණිල්ලක් , 10 March 2021
ආනවිලුන්දාවේ කඩොලාන ගැලවූ 4 දෙනාට ඇප ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් කලාපයේ සිටුවා තිබු කඩොලාන ශාඛයන් ගලවා දැමීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සිව් දෙනා අද (10) යලි ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ට දැඩි කොන්දේසි යටතේ ඇප නියම කළ හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා වැඩිදුර නඩු විභාගය මැයි මස 20 වන දිනට නියම කළේය. 10 March 2021
කොරෝනා සිසුහු 62ක් සාපෙළ ලියලා අපොස සාමාන්‍ය පෙළ විභාගයට කොරෝනා ආසාදිත සිසුන් 62 දෙනකු පිළිතුරු සපයා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 10 March 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026