
(ක.ග.කරුණාරත්න)
‘‘පොහොර නැත්නම් අපිට වතුරත් එපා’’යැයි හිඟුරක්ගොඩ පැවැති මින්නේරියේ කන්න රැස්වීමේදී ගොවි නියෝජිතයෝ එක හඬින් කියා සිටියහ.
පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් හිඟුරක්ගොඩ පිහිටි මින්නේරිය ව්‍යාපාර අධිකාරී කාර්යාලයේදී මේ රැස්වීම පැවැත්විණි.
වී වගාවට අවශ්‍ය රජයෙන් ලබාදෙන පොහොර මේ මස 20 වෙනිදාට පෙර අදාල ගොවිජනසේවා මධ්‍යස්ථාන වෙත නිකුත් නොකරන්නේ නම් පෙර කන්න රැස්වීමේදී ගෙන ඇති තීරණයට අනුව ඉදිරි මාස් කන්නයේ වී වගාව සඳහා නොවැම්බර් මස පළමු වෙනිදාට මින්නේරිය වැවෙන් ජලය නිකුත් කිරීම සිදු නොකරන්නැයි ගොවි නියෝජිතයෝ දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියහ.
එසේ එදිනට පෙර පොහොර ලබාදුනහොත් ඊට පසුව ගොවි සංවිධානය මගින් රැස්වීමක් කැඳවා වැවෙන් වතුර නිකුත් කළ යුතු දිනය කවදාද යන්න තීන්දුවක් ගෙන ඒ බව දැනුම් දෙන බවද කියා සිටියහ.
තේ වගාව සඳහා රසායනික පොහොර භාවිතයට රජය අවසර දීමට තීරණයකර ඇති හෙයින් වී වගාව සඳහාද සියයට පණහක් රසායනික පොහොර යෙදීම සඳහා අවසර දෙන්නැයි රජයෙන් ඉල්ලීම් කරන බව ගොවි නියෝජිතයින් එහිදී ප‍්‍රකාශ කළ අතර එසේ ලබාදෙන පොහොර නොමිළයේ නොව මුදල් ගෙවා මිලදී ගන්නට සූදානම් බවද කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිසාපතිතුමා උත්සාහ කළේ ගොවීන්ව කටින් බය කරන්න. මෙම තර්ජනවලට යටත් නොවූ ගොවීන්ට මගේ උපහාරය. ඇවිදින මංතීරු අකුලාගෙන ගොවීන්ගේ දැවෙන ප්‍රශ්න විසඳා දෙන්න.
වතුරයි, පොහොරයි ආණ්ඩුවෙන් අරගෙන වී ටික මෝල්කාරයට දෙනවා. එ්ක හොඳයිද?
ගොවීන්ගේ කතාව ඉතා නිවැරදියි. බඩගිනි කෙනෙකුට බඩගින්නට ආහාරයක් නොදී වතුර කෝප්පයක් දුන්නාට වැඩක් නැහැ.. ආණ්ඩුව කරන්නේ ඒ වගේ වැඩක්... (වගාවකට කාබනික පොහොර පෝෂ්‍යදායක ආහාරයක් නොවෙයි, බත් මාලු ඕනෑ කෙනෙකුට හබරල දුන්නා වගේ වැඩක්..)
අපිටත් පේන විදියට රටින් හාල් ගෙන්වන එක පාරිභෝගිකයින්ට හොඳයි වගේ... 75ට අඩුවෙන් දෙන්න පුළුවන්...