
(යොහාන් භාසුර)
‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතයෙන් ලොවම වශීකරගත් ශ්‍රී ලංකා යොවුන් ගායිකා යොහානි ද සිල්වා, ඉන්දියාවේ ජනප්‍රියම රියැලිටි රූපවාහිනී වැඩසටහනක් වන ‘බිග්බොස්’හි ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමඟ ගයන ගීතය අද (9) රාත්‍රී 9.00 ට ඉන්දීය රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය වන බව ඇයගේ කළමනාකරු ‘ලංකාදීප’යට පැවසීය.
ඉන්දියාවට ගොස් සිටින යොහානි සහ සල්මන් ඛාන් මෙම ගීතය ඊයේ (8) පටිගත කළ බවත් මෙම අවස්ථාව යොහාන්ගේ කළා දිවියේ වඩාත් සුවිශේෂි අවස්ථාවක් වනු ඇති බවත් කළමනාකරු වැඩිදුරත් කීය.
එම ගීතය මෙම www.instagram.com/p/CUzDVmhjM70/?utm_medium=copy_link එක හරහා නැරඹිය හැකිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බොක්කෙන්ම විෂ් කරනවා අපේ යොහානිට. ඔය ලොකු කලා පොරවල් වල හාට් එක හොඳයි කිව්වට ඒක එහෙමම නෑ...
සුභ පැතුම් යොහානි. ජයෙන් ජය.
දැන්නම් ඔය සින්දුව අහලා ඇතිවෙලා. හිට් වෙන්න තව සිංදුවක් දෙකක්වත් කිව්වානම් හොඳයි.
මේගොල්ලෝ තව ටිකක් යෝහානිව පෙන්නලා වරායේ ඉතුරු කෑල්ලත් දෙයිද.?
අපි අපේ යොහානිට ආදරෙයි. ඒත් ගැහැණු කෙනෙකුට කතා කරන්න දන්නේ නැති පිරිමි ගායකයෝ ඉන්නවා.
මගේ සුබපැතුම්. දැන් අර නොන්ඩි දාපු කට්ටියට මොනවා හිතෙනවා ඇතිද.
ලංකාවේ හුදී ජනයාගේ කැකෑරෙමින් තිබුණු ඉන්දියන් විරෝධය දැන් දැන් පහව යමින් පවතී. ප්‍රමාද වී හෝ සාර්ථක ලෙස එය මැඩපවත්වා ගන්න උත්සාහයක යෙදී සිටිනවා. එසේ නොමැතිව ඉන්දියාවට ලංකාවේ චීන කටයුතු වලට මැදිහත්වීම ප්‍රතිඵල රහිත දෙයක්...
මේ මොකක්ද?