
මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව වසඟ ගත් ශ්‍රී ලාංකික ගායිකා යොහානි සමඟ බීබීසී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක කළ සම්මුඛ සාකච්ඡාවක් බීබීසී පුවත් වෙබ් අඩවියේ ද පළ වී තිබේ.
එම සම්මුඛ සාකච්ඡාව ඇතුළත් වීඩියෝ දසුන් ද බීබීසී පුවත් වෙබ් අඩවියේ දකින්න ලැබෙන අතර, එම වීඩියෝ දසුන් සහ යොහානි සම්බන්ධ පුවත පළ කර ඇත්තේ 'හදවත් දිනූ ශ්‍රී ලාංකික ගායිකාව' යන සිරස්තලය යටතේය.
අන්තර්ජාලය හරහා ඉන්දියානුවන් වසඟ කළ ඇගේ ගායනයට බොලිවුඩ් සුපිරි තරු නර්තනයේ යෙදෙන බවත් එහි සඳහන් වෙයි.
ප්‍රතිනිර්මාණය කර ගැයුණු 'මැණිකේ මගේ හිතේ' ගීතය මෙතරම් පෙරළියක් කරනු ඇතැයි තමන් කිසිවිටෙකත් අපේක්ෂා නොකළ බව සම්මුඛ සාකච්ඡාව අතරතුරේ යොහානී පවසා තිබේ.
යොහානි, සදීෂාන් සමඟ ගැයූ මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට යූ ටියුබ් නාලිකාවේ නැරඹුම්වාර දාහතර කෝටි විසිලක්ෂය ඉක්මවා අවසන්ය.
මීට අමතරව, බොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකික සිනමා තාරකාවක් වන ජැකලීන් ෆර්නෑන්ඩස් සහ යොහානි අතර හමුවක් ද පැවති අතර එම හමුවේ ඡායාරූප ද සමාජ මාධ්‍ය කැලඹීමට සමත් වී තිබේ.

(බීබීසී සහ ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විනාසයක් වෙන්න යනව මන්දා
ලොකයේ බොහෝ රටවල් ඇයව අගය කරනවා නමුත් අප රටේ සමහර කුහක මිනිසූන් ඇයට නින්දා කරත් ඇය තමන්ගේ ගමන යනවා..
හිතේ හිටිය මැණිකෙව ඔය හම්බ වෙලා තියෙන්නේ
ඔබ ගැන සතුටුයි .තව තවත් ඉදිරියට යන්න වාසනාව සහ හැකියාව ලැබේවා
සතුටුයි ,සුභ පැතුම් දුව
ජැකලීන් ගේ පෝස් එක මල කුජීතයි නේ. ඇයි මෙවැන්නක් මන් දැක්කේ? අම්මප
යොහානි ශ්‍රීලංකාවට ආඩම්බරයක් .හැබැයි එයාගේ විනාශය පටන්ගන්නේ දේශපාලුවන් සමග එක්වීමෙන් .ළඟදීම චන්දෙත් ඉල්ලයි .