(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ නිමන්ති රණසිංහ)
දක්ෂිණ අධිවේගී අපරැක්ක පිවිසුමේදී අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකු බව කියූ අයකුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කළැයි උරණ වී පොලිස් නිලධාරියකුට බැණ තර්ජනය කර වෙනත් ස්ථානයකට මාරු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
එම නිලධාරියා ප්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත එම මාරුව සිදු කර ඇතැයි වාර්තා වෙයි.
මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සමග පසුගිය දිනෙක දන්දෙණියට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි වාර්තා වෙයි
පොලිස් නිලධාරියා එම පුද්ගලයාගෙන් රියැදුරු බලපත්‍රය ඉල්ලූ අවස්ථාවේදී ඔහු පොලිස් ප්‍රධානීන්ගේ නම් ගම් කියමින් යම් අයකුට දුරකථන ඇමතුමක් ලබා දී ඔහුගේ බලය පෙන්වා ඇති අතර, මේ අවස්ථාවේදී අසල සිටි අයකු එම සිදුවීම ජංගම දුරකථනයකින් පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.
අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අධ්‍යක්ෂවරයා තමන්ට උපදෙස් දී ඇති බවත් ඒ හේතුවෙන් තමන් රියැදුරු බලපත්‍රය පරීක්ෂා කර උපදෙස් දුන් බවත් එම නිලධාරියා සඳහන් කරන අයුරු එම වීඩියෝවේ දැක්වේ.
කෙසේ වෙතත්, රියැදුරු බලපත්‍රය නොදී දිගින් දිගටම දුරකථන ඇමතුමක රැඳී සිටිමින් ඉහළ නිලධාරීන් දැනුවත් කරමින් සිටි මෙම පුද්ගලයා පසුව රියැදුරු බලපත්‍රය දෙන අවස්ථාවේදී ඔහුගේ බිරිඳ ද පොලිස් නිලධාරියාට බැණ වදින ආකාරය එම වීඩියෝවේ දැක්වේ.
එම අවස්ථාවේදී සිදුවූ දෙබස මෙසේය.
පොලිස් නිලධාරියා:- සර්ව අපි අපහසුතාවයට පත් කරන්නේ නැහැ. මම ඩ්‍රයිවින් ලයිෂන් එක ඉල්ලුවේ විස්තර ටික ගන්න. ඒ කියන්නේ දැනුවත් කිරීම් කරන්න ඕන මහත්තයා. මොකද ඩිරෙක්ටර් මහත්තයා අපට කියලා තියෙනවා රියැදුරන් දැනුවත් කිරීම් කරන්න කියලා.
රියැදුරු:- (ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගනිමින්) “ගන්නකෝ. රෝහණට. මේ කියන්නකෝ, මෙතන සිද්ධියක් වුණා කියලා. රෝහණට, එස්.පී.ට”
පොලිස් නිලධාරියා:- හරි ඔබතුමාගේ විස්තර ටික මම ගත්තා. ෂීට් බෙල්ට් එක දාගෙන මාස්ක් එක දාගෙන වේගෙන් යන්න එපා. සියයනේ.
රියැදුරා:- හැමදාම ඔහොම තමයි යන්නේ. නීතියක් කියන්න දෙයක් නෑ. අමාත්‍යාංශ ලේකම්වරයකු විදිහට.
පොලිස් නිලධාරියා:- ඩිරෙක්ටර් මහත්තයා කියලා තියෙන්නේ. ඔබතුමන්ලා දැනුවත් කරන්න කියලා.
රියැදුරු:- (ජංගම දුරකථනයේ පෙර ඇමතුමේම රැඳී සිටිමින්) “ඔයා මේක දා ගන්නකෝ. 40938. ඒ.එස්.පී.ට කියන්න. රෝහණට. මෙතන අපහසුතාවයට පත් කලා කියලා. අයි.ඩී. එක අර ගන්නවා. අයි.ඩී. එක බලනවා. ලියා ගන්නවා.
පොලිස් නිලධාරියා:- අයිඩෙන්ටිය නොවෙයි. ඩ්‍රයිවින් ලයිෂන් එක. අයිඩෙන්ටිය ගන්නත් පොලිස් නිලධාරියට බලතල තියෙනවා.
රියැදුරු:- (පෙර දුරකතන ඇමතුමේම රැඳී සිටිමින්) “ඔයා දැන් එස්.පී.ට කියන්නකෝ. මම දැන් වාහනය අයින් කර ගන්නකම්. අරන් කියන්නකෝ. මෙහෙම සිද්ධියක් වෙලා. රිපොට් කළා කියලා. දවුලගලට කියන්නකෝ.” ඔය ගොල්ලෝ පුරුදු වෙන්න ඉස්සෙල්ලා.
පොලිස් නිලධාරියා:- ඔබ තුමාගේ ඩ්‍රයිවින් ලයිෂන් එක මෙන්න. මගේ සර්විස් එක 16 ක්. මට පුරුදු වෙන්න දෙයක් නෑ සර්.
රියැදුරු:- මටත් පුරුදු වෙන්න දෙයක් නෑ. මමත් අවුරුදු 20 ක් විතර.
පොලිස් නිලධාරියා:- මම ඔබතුමාව නවත්තගත්තේ ඔබතුමාගේ විස්තර ටික ලියා ගන්න මහත්තයා.
රියැදුරු:- කවදාවත් අමාත්‍යාංශයේ වාහන මේ එන්ට්‍රන්ස් එකේ නවත්වලා නැහැ.
පොලිස් නිලධාරියා:- ඉතින් මහත්තයා මෙහෙමනේ. ඩොක්ටර් බෝඩ් එක ගහගෙන ඩොක්ටර් නෙමෙයි යන්නේ. අමාත්‍යාංශ ලේකම් බෝඩ් එක ගහගෙන අමාත්‍යාංශයේ ලේකම් නෙමෙයි යන්නේ.
රියැදුරු:- ඔයාට මේක විශ්වාස නැද්ද?
පොලිස් නිලධාරියා:- හරි ඕක විශ්වාසයි.
රියැදුරු:- කවුද දන්නවද? අමාත්‍යාංශයේ දෙවැනියා.
පොලිස් නිලධාරියා:- හරි හරි සර්. ඕක විශ්වාසයි. ඒක තමයි ඔබතුමාගේ විස්තර ටික අරගත්තේ ලියාගත්තේ.
රියැදුරු:- විශ්වාස නම් විස්තර ටික ගන්නේ මොකටද?
පොලිස් නිලධාරියා:- නැහැ. විස්තර ගන්නේ දැනුවත් කරන්න. අධිවේගී මාර්ගයේ යනකොට දැනුවත් කරන්න ඕන. හරි හරි දැන් පස්සෙන් වාහනයක් ඇවිත් තියෙනවා. මිස් යන්න.
යාබද අසුනේ සිටින බිරිඳ:- මේ වගේ ටියුටිකරන හින්දා.
පොලිස් නිලධාරියා:- අයිනට කර ගන්න. මේ සර් යන්න.
රියැදුරුගේ බිරිඳ:- නැහැ. නැහැ. අපි ඉන්නවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, පොලිස් නිලධාරියාට ලබාදුන් ස්ථාන මාරුව වහාම අවලංගු කිරීමට කටයුතු කළ බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය පොලිස් සේවයේ ගෞරවය ආරක්ශා කිරීමට ලේකම්ට විනය පියවරක් ගත යුතුය.
ඕක තමා ලංකාව තවමත් නොදියුණු තුන්වෙනි ලෝකයේ රටක් වෙලා තියෙන්නේ.
පුලුවන්නම් ඔය ලේකම්ව සතියකට ගෙදර යවලා අපිට පෙන්නන්න
අමාත්‍යංශ ලේකම්වරු කරන පිස්සු තමා මේවා, තමන්ට ලැබිල තියෙන තාවකාලික පත්වීම කිරුළක් කරගෙන හොරා කන, නීතියට පිටින් වැඩ කරන අය මේ.
ලංකාවෙ හොඳට තියෙන එක අමාත්‍යාංශයක් කියන්න, එහෙම තිිබෙනවනම් මේ උද්දච්චකම තිබුනට කමක් නැහැ.
මේ රට වැඩියෙන් කෑවේ නිලධාරීන් හා නිලධාරීන් කියාගන්නා අය
නීතියක් දන්නෙ නැති විනයක් නැති මේ වගෙ මිනිස්සු නිසා කොහොමද රට හදන්නෙ.
අන්තිම කැතයි... ඔහොම නම් ඉතින් නම, තනතුර ගහලා බෝඩ් ගහගෙන යන්න වෙයි. අමාත්‍යාංශ කියලා කීයක් තියෙනවද?
කතන්දරේ රසකරලා ලියනවා වගේම නිලධාරියාගේ නම සහ අමාත්‍යංශය පිළිබඳ විස්තර ලිවීමට ශක්තියක් තිබුණා නම් හොඳයි. සාමාන්‍ය පුරවැසියෙක් කළා නම් හත්මුතු පරම්පරාවේම නම් ගම් මාධ්‍ය මගින් එළියට එනවා.
නූගත් ඇමතිල ඒ අයගේ නූගත් හෙන්චයියන්ව දානවා අමාත්‍යංශ ලේඛම්ලා, අතිරේක ලේකම්ල කරල. ඊට පස්සෙ අස්සයට අං ආවා වගෙ තමයි.
කොහොමද ඉතින් මේ රට හදන්නේ ?
ප්‍රබල දේශපාලනඥයා මැදිහත්වීම මත එම මාරුව සිදු කිරීම කළයුතුව තිබෙන්නේ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයාව මිස නීතිය ක්‍රියාත්මක කල පොලිස් නිලධාරියා නොවේ. කරුණාකර ප්‍රබල දේශපාලනඥයා කවුරුන්ද කියා රටේ ජනතවට දැනගැනීමට අවශ්‍ය වන්නේ ඔවුන්ව පාර්ලිමේන්තුවට පත්කර තිබෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම උදෙසා මිස අවනීතිය ක්‍රියාත්මක කිරීම උදෙසා නොවේ.
රජයේ උසස්ම නිලධාරියෙකු ලෙස නිහතමානීව මෙම අවස්ථාවට මුහුණ දුන්නා නම් වඩාත් හොඳයි. නමුත් මෙම පොලිස් නිලධාරියත් ටිකක් රාජකාරිය හිතට අරගෙන වැඩයි කියල නම් පෙනෙනවා. අමාත්‍යංශ ලේකම් කෙනෙක් බව පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් ඕනවට වඩා පණ්ඩිතකම් කියවන බව පෙනෙනවා. මිනිහ අඳුනන්නේ නැති ඉහල පොලිස් නිලධාරියෙක් සිවිල් පිට ආවොත් මෙයා මේ විදිහට කරනවද? මහේස්ත්‍රාත්වරයෙක් ආවොත් ලයිසන් බලනවද? ඒ වගේම මෙයා හරියටම නීතියටම වැඩ කරන කෙනෙක්ද කියන එකත් හොයල බලන එක අවශ්‍යයි.
ඇමතිතුමා ගත් ක්‍රියාමාර්ගය පැසසිය යුතුය. සිද්ධියට අදාල සියලු පොලිස් නිලධාරින්ට සහ දේශපාලුවන්ට එරෙහිව නිසි පියවර ගන්න.
ඔහු නීතියට අවනත විය යුතුයි
රට දැන් අගාදයට ගිහින්
මේ හා සමාන තත්ත්වයක් තියෙනවා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පරිශ්‍රයේ.
විස්තර අහපුවම හිතට එනවා ඇත මදිකමක් කියලා.
මේ ඔලුව ඉදිමිච්ච අහංකාර නිලදාරියා නීතියට ඉහල පුද්ගලයෙක්ද? ඔහුට එරෙහිව වහාම පරීක්ශන කරන්න
නිතියට ගරු නොකරන මෙවැනි උද්දච්ච නිලධාරින් සමග රජයට ඉදිරි ගමනක් තිබේද යන්න ප්‍රශ්නයකි
ඔලුව ඉදිමිච්ච අයෙක්
එක රටක් එක නීතියක්. ඔයින් ගියා ඇති.
එක රටක් එක නීතියක්, මමයි ඔබේ විරුවා......
ලංකාවේ සමහර මිනිස්සු වැසිකිලියට යන්නෙත් තමන් ලොක්කෙක් කියල හිතාගෙන.
පරිපාලන සේවයේ සමහරක් අය පත්වීම අරගෙන තියෙන්නෙ කොහොමද නොකිව්වත් දන්නෝ දනිති. අතීතයේ සිටී මෙම සේවයේ නිළධාරින් ජනතා දුක හදුනාගෙන සිටියත් මෑතකදී පත්වීම ලැබූ වැඩි දෙනෙකුට ජනතා දුක තේරෙන්නෙම නැහැ. අශ්වයාට අං ආවා වගේ කටයුතු කරන මෙවැනි අය මෙරට දියුණුවට පිළිලයකි. මෙහෙම ගියොත් තවත් අවුරුදු සියයක් ගියත් අපිට ලංකාව සංවර්ධනය වෙමින් සිටින රටක් යැයි කිව හැකිය
නීතිය නැවෙන හැටි
නීතියට ගරු නොකරන මෙවන් අය ඉහල තනතුරුවලට පත්කරන්නේද මෝඩයෝ බවත් සදහන් කරන්නෙමු.
මූණවල් මාරු උනාට ඔක්කොම එක ජාතියෙ අය ඉන්නෙ. එක රටක් එක නීතියක් කියන්නෙ නම් හීනයක්.
සමහර පොලිස් නිලධාරින් අන්තගාමීව කටයුතු කළත් මෙහිදී සමහරක් ඉහළ යැයි කියාගන්නා නිලධාරින් නීතිය අතටගෙන කටයුතු කළ අවස්ථාවක් පෙනුණා. තම බිරිඳට තමාගේ බලය පෙන්වීමට යාමත් බිරිඳ, සැමියාට ජනපතිට මෙන් බලයක් ඇතැයි සිතීමත් මෙයට හේතුවී ඇත. නිලධාරින් මාරු කිරීමට පෙර නිදහසට කරුණු නොවිමසූ මාරුව සිදුකළ නිලධාරියාද රජයේ සේවයට නුසුදුසු අයෙකි...
ස්ථාන මාරුව අවලංගු කරලා විතරක් මදි, අැඳුනුම්කමට ගැතිබවට නීතිය නවන ඔය SSP රෝහණ කියන නිලධාරියාටත් දඬුවම් කළයුතුයි..
උද්දච්චකම ඔලුවටත් ඉහලින්. මෙහෙම අය ඉන්නකොට රට තවත් විනාශයටම යනවා
පොලිස් නිලධාරියාට වූ අසාධාරණය ඉවත් කිරීම පමණක් සෑහෙන්නේ නෑ. රජයේ ඉහල තනතුරක් දරමින් සිටියදී පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළාට දඬුවමක් දියයුතුයි. ඒත් ඉතින් මේක ලංකාවනේ
මේ නාට්‍යය අස්සේ තව ඉඩම් කීයක් විකුනන්න දාලද දන්නේ නැහැ
කවුරු වුනත් මේ අමාත්‍යාංශ ලේකම් වහාම ඉවත් කල යුතුය. මෙවැනි අයගෙන් අමාත්‍යාංශයට සේවයක් සිදු වෙන්නේ නැති බව පැහැදිලියි.
ඔන්න පොලිසියේ ලොක්කන්ගෙ හැටි. හැබැයි කතාව නං
පරිපාලන සේවයේ ඉහළ නිලතල දරන නිලධාරීන් අනික් නිලධාරීන්ට ආදර්ශමත් ලෙස හැසිරිය යුතුයි. නීති ගරුක පුරවැසියන් විය යුතුයි. නමුත් මෙබඳු පුහු නිලධාරීන් එම සේවයටත් ලැජ්ජාවක්. රටේ ඇති වත්මන් ක්‍රමය යටතේ බිහිවී ඇත්තේ මෙබඳු හිස්, තමන් අන් අයට වඩා ලොකුයි කියා පෙන්වන තමන්ගේ ප්‍රධානින් ඉදිරියේ ඇඹරෙන පුද්ගලයින් පමණි. මොවුන් මේ ආකාරයට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට බාධා කරන විට එම නිලධාරින් ස්වාධීනව රාජකාරි කරන්නේ කෙසේද? තම බලතල අවභාවිතා කරන මෙම නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණ පැවැත්විය හැකිද යන්න සොයා බැලීම වටී...
මහ අයගේ උන පහලට පහලට බෝවෙනවා. තව කොහෙද මේ අයගෙන් රටක් දියුණු කරන්නෙ..
මේවගේ නොහික්මුණු ලේකම්ලා අපි පත්කළේ නැහැ.. අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ මේ ඉන්දියානු සම්භවයක් ඇති බමුණන් නිසා...
නිලධාරින්ගේත් මොලේට විස ගහලද කොහේද? ඔය හැමෝම නිලය, බලය නැතිව දවසක මැරෙන බවත් ඉන්පසු අපාගත වෙන බවත් දැනගන්න. එහෙම නොවෙන්න කටයුතු කරන්න හැමෝම උත්සාහ කිරීමයි වැදගත්...
කුමන තනතුරක් දැරුවත් අනෙකාට ගෞරව කරන්න. අප සියලු දෙනාම මනුෂ්‍යයින්...
නිරෝධායන නීතී උල්ලංගණය කරමින් තම බිරිද සමඟ අත්‍යවශ්‍ය රාජකාරී නොවන කාර්යයක් සඳහා පලාත් සංචරණ සීමා හරහා ගමන් කල මෙම උද්දච්ච නිලධාරීයාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කලයුතුයි. තම රාජකාරිය නිසි අයුරින් ඉටුකල පොලිස් නිලධාරීයාව ඇගයිය යුතුයි.
අමාත්‍යංශ ලේඛම්ට මාරු වීමක් දෙන්නේ නැත්තේ ඇයි? මොන අමාත්‍යංශ ලේඛම් වුනත් මාර්ග නීති කාටත් එකයි
රට යන විදිහට, ඕවා මොනවාද?
අවංක ගුණගරුක නීතිගරුක පොලිස් නිලධාරියාට උසස් වීමක් ලබා දී ලේඛම්ව දුර පළාතකට මාරු කල යුතුයි
මේ වගේ අයට හිමි තැන ඉතිහාසය විසින් තීන්දු කරාවි
වීඩියෝ කරපු කෙනාට පින් සිද්ද වන්න සාක්ෂි තියෙනවා. නැත්නම් අර අසරණ මනුස්සයාව හිරේට යවලා නවතින්නේ
මෙය එක රටක් එක නීතියක් ලෙස හැඳින්වේ
දේශපාලන මාර්ගයන් කොහොමහරි ලේකම්කමක් ගන්නවා. අමාත්‍යාංශයේ ලොකු ලොකු වාහන එළවනවා. ඊටපස්සේ පොඩි මිනිහාත්, ඔවුන්ගේ බිරින්දෑවරුන්ගෙයි, ළමයින්ගෙයි ලොකු සීන් බලන්න ඕනේ..!
අප මුකුත් කියන්නේ නැහැ සිද්ධිය ගැන.. මේ විස්තරේ හොඳටම ඇති රටේ තියෙන තත්ත්වය ගැන අවබෝධයක් ලබාගන්න...
විරසේකරට පුළුවන් ස්ථාන මාරුව අවලංගු කරලා ඒ නිලධාරියාට උසස් වීමක් දෙන්න, ඒක තමයි නියම වැඩේ
උගත් යයි සිතා සිටින නූගතුන්. රටේ නීතිය සැමට එකවගේ බව දන්නැති මෙවැනි පුහු අහංකාරයෙන් පිරි මිනිසුන් තමා අද වැඩිපුර ඉන්නේ. නීතිය ක්‍රියාත්මක කල එම පොලිස් නිලධාරියාට සාධාරණයක් කරන්න.
මාර්ග නීතිය කාටත් එකයි.
පොලිසියේ නිලධාරියාව ප්‍රශංසා කරනවා
රටේ නීතියට ගරු නොකරන මෙවැනි හිස් පුද්ගලයින්ට දඬුවම් ලැබිය යුතුමයි. නැත්නම් මේ රට හරි මගට ගන්න බෑ.
අයියෝ..., සෞභාග්‍යයේ...!
හයියෝ, නන්දසේන වැඩ ටික අවුල්ද?
"එක රටක්, නීති ගොඩක්..."
මම ජීවත්වන ඉතාලියේ නම් ලේකම්ගේ ජොබත් ඉවරයි නඩු කීපයක්ම වැටිලා, පොකට් එකත් ඉවරයි. නමුත් මේ රටේ උසස් නිලධාරින් අපේ රටේ වගේ පුහු මාන්නක්කාරයින් නෙවෙයි. උගත් සහ බුද්ධිමත් පුරවැසියන්...
අර දෙවනියාගේ නම දාන්න බයද?
එක රටක්... එක නීතියක් නම්, අමාත්‍යාංශ ලේකම්වරුන්ට කියලා වෙනම නීතියක් තියෙන රටක් ඇහුවමයි. මේ රට ජනාධිපතිතුමාටවත් හදන්න දෙන්නේ නැත්තේ මේ වගේ ඔලුව ඉදිමුවා ගත්ත අය ඉන්න නිසයි.
පිටිගල මිලානෝ මහත්මයාගේ අදහස මමත් අනුමත කරනවා. අපේ රටේ අමාත්‍ය කාර්ය මණ්ඩලවල සේවකයන්ගෙන් 90%ක් මෙවැනි උදවිය.. ලෝකයේ දියුණු රටවල් වන ඉතාලිය, ජර්මනිය, එංගලන්තය නිලධාරීන් සහ දේශපාලකයින් මෙහෙම හැසිරෙන්නේ නැහැ... මොවුන් නිසා අපේ රට හැමදාම දුප්පත්...
අමාත්‍යාංශයේ ලේකම් නිසා රාළහාමිට මාරුවක් දුන්නා.. ලිපිකරුවෙක් හරි, පියන් කෙනෙක් හරි ආවානම් කාර් එකෙන් බැහැලා කණේ පහරක් ගහවි...
එක රටක්, එක නීතියක්... දැන් එක හීනයක්..!!!
වියතුන්ගේ නීති ගොඩ...
වෙන රටකනම් පරීක්ෂණයක් පවත්වන්නෙ එය කියන ලේකම්ට එරෙහිව ඒකට අපේ රටේ. මොකද ආරක්ෂක අමාත්‍යාංශයෙ නෙමේ ජනාධිපති ලේකම් කෙනෙකුට උනත් වෙනම නීතියක් තියෙන්නෙ බෑනෙ කිසිම රටක.
වීඩියෝ ක්ලිප් එක නොතිබුණා නම් පොලිස් නිලධාරියා කම්බස්...
ඒ පොලිස් නිලධාරියාට මගේ උපහාරය...
දැනුවත් කරන්න මොකටද රියදුරු බලපත්‍රය?
උඩ ගිය තරමක්. හරි නම් ඔය කියන ලේකම්වරයාට දුෂ්කර පළාතකට මාරුවක් දෙන්ඩ වටිනවා.
මෙය වරදකි
මේ සිද්ධිය සහ දෙබස් දිහා බැලුවම පෙනී යන්නේ තමන්ට දරාගන්න අපහසු තනතුරක් මේ ලේකම්වරයා කියාගන්න තැනැත්තා සිටින බවක්.
නිහතමානී කෙනෙක් වෙන්න.. එතකොට ස්වභාව ධර්මයත් පිහිට වෙයි... නැත්නම් වාහනේ යද්දිම අනතුරු වෙයි...
අමාත්‍යංශයේ බෝඩ් දාගෙන නීතිය අයුතු ලෙස භාවිත කරලා
මේ පුවතේ ප්‍රතිචාර දැක්කම පේනවා ලංකාවේ මිනිස්සු කොච්චර නොදැනුවත්ද කියලා. පොලිසියට හිතුන හිතුන හැටියට වාහන නවත්වන්න, පුද්ගලයින් නවත්වන්න අයිතියක් නෑ. එහෙම නවත්තුවාම ඒක සලකන්නේ රදවා තබා ගැනීමක් හැටියටයි. එහෙම රදවා තියා ගන්න නම් නීතියක් කඩ කරලා තියෙන්න ඕනේ. දැන් මේ රියදුරා කඩ කරපු නිතිය මොකක්ද? නීතියක් කඩ කරපු නැති මනුස්සයෙක්ගේ හැදුනුම් පතක් පරික්ෂා කරන්න පොලිසියට තියන අයිතිය මොකක්ද? එහෙම බලයක් පොලිසියට නෙමේ, මේ රටේ ජනාධිපතිටවත් නෑ. නිදහස් රටක හැම පුරවැසියෙකුටම තමන්ගේ පුද්ගලික බාවය ආරක්ෂා කරගන්න අයිතියක් තියනවා.
දේශපාලකයින්ට පන්දම් අල්ලන නීතියකට අවනත වෙන්න බැරි මෙවැනි උද්දච්ච රාජ්‍ය සේවකයින් ඉන්නා රටක් කොහොම දියුණු කරන්න ද කොහොම නීතිගරුක කරන්නද මේ වගේ රාජ්‍ය සේවකයින් රාජ්‍ය සේවක එළවලා දාන්න වෙනවා ඒකට හරියන දේශපාලනයක් අපේ රටේ තියෙන්නෙත්.
අදාල සියලු අයවලුන්ට එරෙහිව විනය පියවර ගැනීමට තරම් ආත්ම ශක්තියක් හෝ නිල ශක්තියක් නැත්නම් ඒ බවත් කියන්න.
නූගත් උද්දච්ච මනුස්සයෙක්. මහජන මුදල් කාබාසිනියා කරනවා
මා නම් මේ ගැන හිතන්නෙ වෙනත් ආකාරයකට පොලිස් කොස්තාපල් මේක දැනගෙන ලේකම්වරයා අපහසුතාවයට පත් කිරිමට ගත් උත්සාහක් හැටියටයි. කොස්තාපල් වෙනත් කොස්තපල් කෙනෙකුට ෆොන් එකෙන් වීඩියො කරන්න කියල ලේකම්වරයා අපහසුතාවයකට පත් කලා. ලේකම්වරවා මෙය දැන සිටියේ නැත. දියුණු රටවල් ඩ්‍රයිවින් ලයිසන් එක හැදුනුම් පත හැටියට භාවිතා කිරිමට හැකිය. ලේකම් වරයා පොලිස් කොස්තාපල්ගෙ උපායට අසුවිය. තමන්ගෙ නිසි අවසරයක් නොමැති ව විඩියො කිරිම ,ෆොටො ගැනීම තහනම් කල යුතුයි.
පොලිසිය නීති කඩනකම් ඉදලා කොහොමද මිනිස්සු අල්ලන්නේ
මේකට මම නම් මොකුත් කියන්නේ නැහැ. මොකද මේ ලඟකදී පොලිසිය මගේ වාහනය නවත්වලා මගේ විස්තර අරන් මාව බය කළා. සිද්ධිය වුනේ කටුනායක හයිවේ එකේ පැලියගොඩ පිටවීමේදී. මම කටුනායක ඉදල 100ට එද්දී මගේ පස්සෙන් ආපු වහනයක් මට හෙඩ්ලයිට් ගහලා දිගටම හෝන් ගැහුවා.නමුත් ඒ වෙලාවේ මට අනීති මං තීරුවට වාහනේ ගන්න බැ, ඒ මංතීරුවේ වාහන පෝලිම වැඩි හින්දා අයිනට ගන්න ටිකක් වෙලා ගියා. පස්සේ හෝන් ගහපු වාහනේ මටත් බැනගෙන 150ට වේගෙන් ඉදිරියට ගියා. එයාලා පිටිවිමේදී පොලිසියට කියලා මගේ විස්තර ගන්න කියල. පස්සේ තමයි තේරුනේ මම කවුද කවුරුද වැරදි කියල