(අජන්ත කුමාර අගලකඩ)
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා අණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයෝ 05 රැස්වෙති .
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න ,ටිරාන් අලස් ,ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු සහ අතුරලියේ රතන හිමියෝ අනිද්දා පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී එන පිරිස අතර වෙති .
මෙම පිරිස යුගය දනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහතා ද ඉකුත්දා හමු වූ නමුත් ,එකඟතාවකට ඒමට නොහැකි විය .
ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට පිරිස තිරණය කර ඇති අතර ,ජනාධිපතිවරයා ඉකුත් සති අන්තය වන තෙක්ම දිවයිනට නොපැමිණි නිසා ,ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් නොලැබිණි .
ජනාධිපතිවරයා ගෙන් සාකච්ඡාවක් ඉල්ලා යැවීමට සකස් කර තිබූ ලිපිය ද තවමත් යවා නැති අතර, කලින් සකස් කර තිබූ ලිපිය සංශෝධනය කර අනිද්දා දිනයේ දී ජනාධිපතිවරයාට යැවීමට නියමිත බව හවුල්කාර පක්ෂයක නායකයෙක් සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හවුල් පක්ෂ කොපමණ රැස්වුණත්, කොපමණ කාලයක් සාකච්ඡා කළත් වැඩක් නැහැ. ඒක දීලා ඉවරයි. ඕනේ නම් පිටවෙලා යන්න කියලා තියෙද්දිත් මේ කරන උත්සාහයන් වැඩක් නැහැ නේද කියලා දැන්වත් හිතන්න...
ඔය කියන හවුල් කාරයින් "නාට්‍ය හා රංග කලාව" විෂය හොඳටම හදාරලයි තියෙන්නේ...
දැන් මේ ගිවිසුම අත්සන් කරලත් අවසන්... මේක අත්සන් කරන බව මේ ගොල්ලෝ කලිනුත් දන්නවා. මේවා කරන්නේ ඇමරිකන් බැසිල්... මේ බැසිල්ව පාර්ලිමේන්තුවට ගේන්න.. මේ දහයේ කල්ලිය දැනදැනම විස්සට සහයෝගය දුන්නා. දැන් බොරුවට ජනතාව මුලා කරන්න සාකච්ඡා ඉල්ලනවා.
තමන්ගේ රටට ගිහිල්ලා ජීවත් වෙන්න ආදායම් මාර්ග හදාගන්න එක ඕනෑම විදේශ රැකියා නියුක්තිකයෙක් කරන දෙයක්... ඉතින් මේ ආණ්ඩුවේ ලොකු අයත් ඒකම තමයි කරන්නේ... ඔවුන් ඇමරිකානුවන්. ඔවුන්ගේ වරදක් නැත...
අපි නොමග ගියා. ඇතුලේ වාද විවාද කළත් මේ වෙලාවේ අපි ආණ්ඩුව සමග සිටිනවා. යුගදනවි එක බලාගාරයක් පමණයි. අපි ආණ්ඩුව ඇතුලේ ඉඳන් වැරදි පෙන්වා දෙනවා. ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරනවා කියලා නිවේදනයක් දායි...
දැන් මොනවා කතා කරන්නද? ඔක්කොම දෙන්නේ ඇමෙරිකාවටයි, චීනෙටයි.... මුල් එන්නත චීනෙටයි... ඇමෙරිකාවටයි... අන්තිමට අපේ දේශීය වෙදකමට පස්පංගුව...
බොරුවට තැන් තැන් වල කටුකුටු ගගා ඉඳල අන්තිමට ලොක්ක කියන දේට අත උස්සනවා. එහෙම නැතුව මේ පක්ෂ 10 ට පැවැත්මක් නෑ. මේ පක්ෂ 10 කරන්නේ නාට්‍යක්.