(යොහාන් භාසුර)
සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 12 ක් හෙවත් රුපියල් කෝටි 1200 ක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඉදිරියේදි සෞඛ්‍ය සේවාවන් රැසක් අඩාලවීමේ අවදානමක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
මෙම කෝටි 1200 න් කෝටි 500 ක් පමණ මාස හයත් වසරත් අතර කාලයක් පැරණි ගෙවීම් පැහැරහැරීම් බවත් ඔක්සිජන් සැපයුම් සදහා පමණක් රුපියල් කෝටි 15 ක් ද, රසායනාගාර සේවා සදහා රුපියල් කෝටි 250 ක් පමණ ගෙවීමට ඇති බවත් රවී කුමුදේශ් මහතා කීය.
මෙම තත්වය හමුවේ සමාගම් ගණනාවක් ඉදිරියේදී සිය සේවාවන් අත්හිටුවීමට තීරණය කර ඇති බවත් පසුගිය සතියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඔක්සිජන් සැපයුම අදාල සමාගම නතර කළ බවත් ඒ මහතා පැවසීය.
මෙම තත්වය සැලකිල්ලට ගෙන ගොඩගැහෙන ණය මුදල් ගෙවා දැමීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් ලබා නොදෙන්නේනම් සහ රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන සේවාවන් අඩාල නොකරමින්, වියදම් පාලනය සදහා දක්ෂ පරිපාලකයන් පත්නොකරන්නේ සෞඛ්‍ය සේවය බරපතල කඩාවැටීමකට ලක්වීම නොවැලක්විය හැකි බව රවී කුමුදේශ් මහතා වැඩි දුරත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොගින් ට්‍රැක් වලට දැම්ම සල්ලි මේවට දානනකො
ලබන අවුරුද්දෙ සෞඛ්‍යට වෙන් කරන ප්‍රතිපාදන ගොඩක් කපා හැරලාලු. අඩුවෙන්ලු මුදල් වෙන් කරලා තියෙන්නේ. ඉතිං මේ විදියට ගියාම ලබන අවුරුද්දේ මහජනයාට අසනීපයක් උනාම ගොඩක් අමාරු වෙයි. දැන් මේ ණය නොගෙවා හිටියාම සැපයුම් කරුවන්ගේ සැපයුම අඩු වෙයි. ලොකු අය නම් ඉතිං පුද්ගලික රෝහල් වලට හෝ සිංගප්පූරු හරි යාවි. පොඩි මිනිහාට තමා තට්ටු වෙන්නේ. වැඩියෙන් මෙයාලට ඡන්දය දුන්නෙත් පොඩි මිනිසුන්. නැතිකරන්න හදන්නෙත් ඒ අයමයි.
මෙයා බලාගෙන ඉන්නේ තවත් වැඩ වර්ජනයක් කරලා නැවතත් කොරෝනා ව්‍යාප්ත කරලා සැපයුම් කරුවන්ට තවත් කෝටි 1200ක් විතර ලබාගන්න ක්‍රමයක් හදන්න.
ඒ ණය ගැන රජය බලාගනියි, මුකුත් නොකියා හිටියම අවුල් වගේ මොනවා හරි කියන්නේ නැතුව ඉන්න කොට. ටයි පොල්ලක් එල්ල ගෙන මහාචාර්යවරු වෙන්න දගලන්නේ.
එකත් එහෙමද .. මෙතුමා ඕවට වග කියන්ඩ ඕනි නැතිව ඇති. මෙතුමා වැඩ කරන්නේ වෙන ආයතනයකනේ. තව කට්ටිය එකතු කරගෙන උද්ගෝෂණයක් කරමු..
ඔක්සිජන් වලින් ඔය රෝහල් වල මහත්තුරු කොමිස් ගන්නකොට තවත් ණය බර වැඩි වෙන එක අහන්න දෙයක් ද? අම්පාර මහ රෝහලේ එක මහත්තයෙක් සිලෝන් ඔක්සිජන් සමාගමේ චෙක් එක දෙන්න ලොකු කොමිස් කුට්ටියක් ගන්නවා. ඒ වගේ අනිත් රෝහල් වලත් කරාම ඔක්කොම හරි.
මෙහෙමයි සමහරු මේ වෙලාවේ ඔය ගැන කියන්නේ රටට තියෙන ආදරේට නෙවෙයි. සමහරු ඩීල් දාලා තියෙන රසායනාගාර කොම්පැනි වලට සල්ලි හම්බවෙන්නේ නැති නිසා. මහා ලොකු ජාත්‍යාලයක් බොරුවට මවා පෙන්නනවා. එකරලා තමන්ගේ පුද්ගලික රසායනාගාරයට ප්‍රතික්‍රියක කොමිස් විදිහට ඉල්ලගන්නවා.
තවත් එක්කෙනෙක්. බොරු මාධ්‍ය සංදර්ශන