(අජන්ත කුමාර අගලකඩ)
පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ සමුපකාර දෙපාර්තමේන්තුවේ කටයුතුවලට කිසිසේත් මැදිහත් නොවීමට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ .
දැනට මෙම ආයතන දෙක පවතින්නේ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා යටතේ වුවද බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් අමාත්‍යවරයා ලෙස නිරීක්ෂණ මට්ටමෙන් ඒවායේ කටයුතුවලට සම්බන්ධ විය .
එසේ වුවද ඇමතිවරුන් දෙදෙනා තමන්ට බලපෑම් කළ බවට පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා කර ඇති ප්‍රකාශ සහ ඇතැම් පාර්ශ්ව වලින් එල්ල වෙන චෝදනා සැලකිල්ලට ගනිමින් බන්දුල ගුණවර්ධන මහතා මෙම ආයතන දෙකේ කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ...
ඔබතුමන්ලා කළයුතුව තිබුනේ, වහාම අදාළ හොරකම ගැන, හොරුන් ගැන නිසි පියවර ගැනීමයි. ඒත් සිදුවූයේ වෙනත් දෙයක්... ප්රශ්නය පටලවා ගන්නේ නැතිව ඒ දේ හරියට කළා නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ...
ඔය ඇමතිලා දෙන්නා රඟපාන්නේ රෑ ඩැනියෙල්, දවල් මිගෙල් චරිතය....
කරන්න බැරි වැඩ බාර නොගන්නවා නම් හොඳයි. මදැයි ඩඩ්ලි හාමුගෙන් ඉගෙන ගත්ත පාඩම... තමන් කවුද කියලා... නාගත්තා හොඳටම ඇති...
ටික දවසකට ඉල්ලා අස්වෙන්න. අමතක වුණාම ආයේ ඇමැතිකම ගන්න බැරියෑ...
"කිසිසේත් මැදිහත් නොවීමට" ඒ කියන්නේ මීට ඉස්සෙල්ලා මැදිහත් වුණා...
අනේ යන්න එපා ඔබ තමයි දක්ෂයා
මෙයා කී සැරයක් අස්වුනාද
බන්දුල ගොයියෝ, තමුන් නිර්දෝෂී නම් ඇයි මේ එකඑකාගේ කතාවලට බය වී ප්‍රශ්නෙන් පැනයන්නේ... අවංක මිනිසාව ස්වභාව ධර්මයා විසින් සෑමවිටම ආරක්ෂා කරනු ඇත..
නහින දෙහින කාලේ තායිලන්තයට ගිහින් ඉන්නකෝ... මේ මඩ ගොහොරුවෙන් අයින් වෙලා...
ඔයා කලේ ජනතාව නොමග යැවීමත් ඉන් අනතුරුව කටින් බතල කොළ ඉන්දිමත් පමණයි.
කට වහගෙන ඉන්නෙ කට ඇරලා කියන්න දෙයක් නැති නිසා. අහෝ දුකකි ඉරකි තිතකි
ඔබේ ව්‍යාපාර ගැන සිතන්න!
.සක්කරයාගේ පුතා වයිමා ආවත් වැඩක් නැහැ .ඔන්න ඔහොම කතාවක් ආර්ථික ඔස්තාර් කෙනෙක් කිව්වා වගේ මතකයි.
අහිංසක ජනතාවගේ ඡන්දෙන් සහ අධාරකරුවන්ගේ උපකාරයෙන් බලයට ඇවිත් ,ගෙනාපු මිනිස්සුන්ට ආපු ගමන් කරේ අහින්සක ජනතාවට අඩු මිළට බඩු ගන්න තිබෙන සමුපකාර දෙපාර්තමේන්තුව විනාශ කරන්න පනත් කෙටුම්පතක් ගේනවා. ඊට අමතර මේ කොරෝනා කාලයේ ජනතාවට ඇති ඖෂධිය ආහාරයක් වන සුදුළුනු වලට වලට කරපු දේ. තවද ගුණමකු ඇමතිවරයා, රාජ්‍ය ඇමති ඔහුගේ අමාත්‍යංශ ලේකම්වරු කණ්ඩායම එකතු වී ඔවුන් යැටතේ ඇති ආයතන විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ප්‍රසිද්ධ රහසක් බව කිව යුතුය. නිවැරදි ඇමතිවරයෙක් නම් කළ යුත්තේ මේ ආයතන ආරක්ෂාවට කටයුතු කරන එක වන අතර මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන සම්බන්ධ අය වැඩ තහනම් කර විමර්ෂන ආරම්භ කරන එක වන අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙලිදරව් කරපු අයට විරුද්ධව වන්දි ඉල්ලල නඩු දාන එක නොවෙයි. මේකේ ඇත්ත තත්තවය ජනතාව හොදාකාරව දන්නව, ඒ ක ප්‍රසිද්ධ රහසක්. එබැවින් අතිගරු ජනාධිපතිතුමනි, මෙම අමාත්‍යාංශය ඔබතුමා යටතේ තබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමි. මෙවැනි අය තියා ගැනීම ආණ්ඩුවට දෙයියන්ගේම පිහිටයි .................................... !
ඉවරයක් නැහැ වගේ තාම මේක
මේ තරම් අවංක ඇමති කෙනෙක් වෙන කොහේවත් නැහැ.
හැමදාම දැඩි තීරණ.කෝ ප්‍රතිපල