ආධුනික ව්‍යාපාරවලට අත් පොතක් නවසිය අසුවේ දී (1980) ආරම්භ කළ එල්.ඕ.එල්.සී. සමාගමට දැන් වයස අවුරුදු 41 කි. මෑත අවුරුදු 15ක දී පමණ ශීඝ්‍ර වර්ධනයකට හිමිකම් කියන ඒ සමාගම ජනතාව දැනගෙන සිටියේ කල්බදු හෙවත් ලීසිං සමාගමක් ලෙසය. 25 February 2021
දේශීය අල අස්වනු එද්දී රට අල බද්ද බස්සන්නේ ඇයි දේශීය අර්තාපල් අස්වැන්න වෙළඳපොළට ලැබෙමින් පවතින අවස්ථාවේ ආනයනික අර්තාපල් බද්ද රුපියල් 40 කින් අඩු කිරීම නිසා තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි දේශීය අර්තාපල් ගොවියන් පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 25 February 2021
මහැදුරු සුනිල් - ආචාර්ය රෝහණ ඔස්කා අධක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙති ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්රයෙහි නියුතු වූවන් නියෝජනය කරන ඔස්කා සංවිධානයේ අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වීමට ප්‍රවීණ ගීත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ යන මහත්වරුන් තීරණය කර තිබේ. 25 February 2021
පාස්කු වාර්තාවෙන් දේශපාලනය කරන්න එපා පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් දේශපාලනය නොකර වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමට වහාම පියවර ගන්නැයි ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා කොළඹදී පැවසීය. තම දේශපාලන හිතවතුන් ආරක්ෂා කිරීම වැඩපිළිවෙළින් බැහැරව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩා විඳි ජනතාවට සාධාරණය ඉෂ්ට කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. 25 February 2021
තවත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් එයි ශ්‍රී ලංකාවට තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (25) කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා පැවසීය . 25 February 2021
බ්‍රිතාන්‍ය රජයට විශේෂ සංදේශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචෙලට්ගේ වාර්තාවට අදාළව එළඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ගැනීමට නියමිත ස්ථාවරය පිළිබඳව නැවත සිතා බලන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය රජයට විශේෂ සංදේශයක් භාරදීම මහජන යුතුකම් කේන්ද්‍රය මගින් අද (25) සිදුකෙරිණ. 25 February 2021
නඩත්තු නොදී බේරෙන්න මන්නෙන් බිරිඳට ගහලා කැස්බෑව අධිකරණය ඉදිරිපිටදී කාන්තාවක ඇතුළු දෙදෙනකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදු කළ පුද්ගලයකු අද (25) උදෑසන අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පවසයි. 25 February 2021
කෝටි 45ක මත්කුඩු හොරණින් අල්ලයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ’’අරුග්ගොඩ සලිදු’’ නැමැත්තාට අයත් රුපියල් කෝටි 45 කට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි හමුදා සෙබළු දෙදෙනෙකු හොරණ දික්හේනපුර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. 25 February 2021
මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාවේ සහාය ඉල්ලයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාවේ සහාය බලාපොරොත්තු වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ලිපියක් යවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 24 February 2021
අද කොරෝනා මරණ 4 යි : ආසාදිතයන් 458 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 4 දෙනෙකු අද (24 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 24 February 2021
සහරාන්ගේ මුල් ඉලක්කය වුණේ දළදා පෙරහැරයි පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇත. 24 February 2021
සාලිය පීරිස් නීතිඥ සංගමයේ මුල් පුටුවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වැනි සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් අද (24) තේරී පත්විය. 24 February 2021
ඉදිරි මාස දෙක තුළ ලංකාවේ සිටින සියලුම භයානක සිරකරුවන් බූස්ස බන්ධනාගාරයට ඉදිරි මාස දෙක තුල මාස ලංකාවේ සිටින භයානක යයි කියන සිරකරුවන් සියලු දෙනාම බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට ගෙන එන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසිය. 24 February 2021
හිජාස් පෙත්සම ඉල්ලා අස්කරගනී රැඳවුම් නියෝග මත රදවා සිටින තමාව වහාම මුදාහරින්නැයි පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණය ගොනු කළ රිට් පෙත්සම අද (24) ඒ මහතා විසින්ම ඉල්ලා අස් කරගන්නා ලදි. 24 February 2021
සුළු සේවක වර්ජනය වැඩ ආවරණයට හමුදාවෙන් 185 ක් රෝහල් කිහිපයක කණිෂ්ඨ සේවක කර්ය මණ්ඩල දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවන් වලක්වා ගැනීම සදහා යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනකු සමග 185 ක භට කණ්ඩායමක් යොදවා ඇති බව යුද හමුදාව පවසයි. 24 February 2021
අමාත්‍ය නිමල් සිරිපාල ලංකා - පාකිස්ථාන මිත්‍රත්ව සංගමයේ නව සභාපති ධූරයට ශ්‍රී ලංකා පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා නිතරඟයෙන් පත්විය. 24 February 2021
පාකිස්තානය ලොව විශාලතම බෞද්ධ උරුමයක් තිබෙන රටවලින් එකක් ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් මුහුණ දෙන පොදු ප්‍රශ්නයක් බවත් ශ්‍රී ලංකාවේ වසර තිහක ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය වෙමින් පාකිස්තානය සිය කාර්යභාරය ඉටු කළ බවත් දෙදින නිල සංචාරයක නිරත වන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පැවැසීය. 24 February 2021
ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න’යි පාකිස්තානු ජනතාවට ජනපතිගෙන් ආරාධනාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පාකිස්තාන ජනතාවට ආරාධනා කරන බව දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා පවත්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (24) ප්‍රකාශ කළේය. 24 February 2021
රන්ජන්ගේ ආරක්ෂාවට තනි සිරමැදිරියක රඳවයි ’’සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා අඟුණකොළපැලැස්සෙ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාට අනෙක් සිරකරුවන් සමඟ මිශ්‍රව සිටින විට ආරක්ෂාවක් නෑ කියලා . අපි පසුව වහාම රංජන් රාමනායක මහතා තනි සිරකුටියක රඳවා තැබීමට කටයුතු කළා.’යැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය. 24 February 2021
සා.පෙළ විභාග රාජකාරි යන ගුරුවරු කොවිඩ් එන්නත ඉල්ලති කොවිඩ්-19 වසංගත අවදානම් තත්වය හමුවේ මෙවර සාමාන්‍යපෙළ විභාග රාජකාරිවල නිරත වන 46,000ක් පමණ ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල සඳහා එන්නත ලබාදීමට වහා මැදිහත් වන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ප්රමුඛ බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා අද (24)දා පැවසීය. 24 February 2021
ට්‍රම්ප්ගේ ෆේස්බුක් තහනම ගැන තීන්දුව මාස දෙකහමාරකින් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට පනවා ඇති ෆේස්බුක් තහනම සම්බන්ධ ස්ථිර තීරණයක් ගැනීම සඳහා මාස දෙක හමාරක් පමණ ගතවිය හැකි බව ෆේස්බුක් අධීක්ෂණ කමිටුවේ සම සභාපතිවරයකු වන හිටපු ඩෙන්මාර්ක අගමැති හෙලේ තෝර්නිං - ෂ්මිට් මහත්මිය පවසයි. 24 February 2021
බදුලු රෝහලේ සේවකයන්ගේ වැඩ ආවරණයට හමුදාව යොදවයි බදුල්ල මහ රෝහලේ සියලු කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද(24) වැඩවර්ජනයක නිරතව සිටින අතර, මේ හේතුවෙන් සෞඛ්‍ය කටයුතු ආවරණය කිරීම සඳහා බදුල්ල එළදලුව යුද හමුදා කඳවුරේ යුද හමුදා සාමාජිකයන් 50 දෙනෙකු යෙදවා තිබේ. 24 February 2021
බස්රියේ පමණට වඩා සිටි මගියෝ පොලිස් අණින් බසිති නිරෝධායනය නිතී උල්ලංඝනය කරමින්, කෑගල්ල සිට දිප්පිටිය නගරය දක්වා බස් රථයක් ධාවනය කළ රියැදුරුට දැඩි අවවාද කර නිදහස් කිරීමට කෑගල්ල සෞඛ්‍ය අංශ සහ පොලීසිය අද(24) කටයුතු කළේය. 24 February 2021
බලන්ගොඩ රෝහලේ කාර්ය සහයකයෝත් ලෙඩ නිවාඩු දමති බලන්ගොඩ මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකයින් සහ තවත් සුළු සේවා අංශ කිහිපයක කාර්ය මණ්ඩලය අද (24) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කර නොමැත. 24 February 2021
නිකවැරටිය මාගල්ල ජලාශ බැම්මේ මහසෙන් ප්‍රතිමාවක් විවෘත කරයි අක්කර දහසකින් පමණ යුතු නිකවැරටිය මාගල්ල ජලාශය ඉදිකරන ලද මහසෙන් රජු සිහිපත් කරමින් , ජලාශ බැම්ම මත ඉදිකරන ලද මහසෙන් රජ ප්‍රතිමාව විවෘත කිරීම අද (24) පෙරවරුවේ සිදුකෙරිණි. 24 February 2021
කරාපිටිය-මහමෝදර රෝහල් කාර්ය මණ්ඩලය වැඩවරති රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩල අද (24) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම නිසා කරාපිටිය සහ මහමෝදර රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර සේවාවන්ට සහ සායන කටයුතුවලට බාධා පැමිණ තිබිණි. 24 February 2021
බදුල්ලේ රෝහල්වල සෞඛ්‍ය සේවකයෝත් ලෙඩ වෙති බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් රැසක සේවයේ නිරත සෞඛ්‍ය කාර්ය සහායකයින් ඇතුළු අංශ කිහිපයක සේවකයෝ අද (24) ලෙඩ නිවාඩු වාර්තාකරමින් රෝහල් සේවයට වාර්තාකිරීමෙන් වැළකී සිටියහ. 24 February 2021
පුත්තලම රෝහලේ කණිෂ්ඨ සේවකයෝත් වැඩවරති ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පුත්තලම දිස්ත්‍රික් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද(24) සිදුකරන වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බව පුත්තලම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි. 24 February 2021
එන්නත් පොකුරුවලට ඉඩක් තියන්න එපා කොරෝනා වයිරසයට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළ අපේ රට තුළ ද සක්‍රීය මට්ටමින් ක්‍රියාවට නැංවෙමින් තිබේ. ඉදිරි මාස කිහිපය තුළ දී රටේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයකට එන්නතේ ආරක්ෂාව ලබාදීමට රජයේ ඉලක්කය බව ද ප්‍රකාශ වේ. මුළු රටේම ජනතාවට එන්නත් කිරීම අවසන් කළ ප්‍රථම රට ශ්‍රී ලංකාව විය යුතු බව ජාතික කොවිඩ් මර්දන ක්‍රියාන්විතයේ අරමුණ බව ද සඳහන් වේ. ඒ අරමුණ ඒ ආකාරයෙන්ම ජය ගත යුතු බව අපගේ ද ප්‍රාර්ථනයයි. 24 February 2021
ගම්පහ රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩ වරති සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙහි බදවා ගැනීමේ පරිපාටිය උල්ලංඝනය කරමින් රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල යටතේ සිදු කර ඇති බදවා ගැනීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරන බව පවසමින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සෞඛ්‍ය කාර්ය සහායකයින් ඇතුළු අංශ කිහිපයක සේවකයින් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටිති. 24 February 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026