මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට
බන්ධනාගාර ගතව සිටින ‘දෙමටගොඩ කට් රොෂාන්ගේ’ ගෝලයෙකුද, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ ජාවාරම්කරුවකුගේ ගෝලයෙකු බව කියන සැකකාරියක වන අරුණෝදය මාවතේ ආරි සහ අයිස්, හෙරෝයින්,ගංජා ළඟ තබාගත් සැකකාරයන් සහ වරෙන්තුකරුවන් 7 දෙනෙක් ඇතුළු 22දෙකක් මත්ද්‍රව්‍යද සමග අද (22)ඔබේසේකරපුර දී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.