(ඉන්දිකා රාමනායක)
තොටළග එල්ලේ කණ්ඩායමේ නායකයා ගේ ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයා අද පස්වරුවේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිද්ධියට සැකකාර ලුතිනන් කර්නල්වරයා සම්බන්ධ බවත් ඔහු අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දෙන ලෙසට පොලිසිය යුද හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව යුද හමුදා පොලිසිය සැකකාර ලුතිනන් කර්නල්වරයා අද පස්වරුවේ පොලිසිය වෙත භාර දීමෙන් පසුව අත්අඩංගුවට ලැබු බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තොටලග එල්ලේ කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරමින් සිටී රාගම බටුවත්තේ පදිංචි අකිල සම්පත් රත්නසිරි (36) නැමැති තිදරු පියෙකි.
ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වූ සමිට්පුර හිටපු ග්‍රාම නිලධාරිනිය සහ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටී සෙබළුන් 13 දෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට ඉස්සරහට මේ වගේ හමුදා ක්‍රියාකාරකම් නිතර අහන්න ලැබේවි. කවුරු කවුරුත් සූදානමින් හිටියොත් හොදයි නේද.
රට පුරා ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවීමට ගත් තීරණය ඉතා හොඳ එකක්. කලින් ඉදන්ම එහෙම ක්‍රියාත්මක වුනා නං මේ මිනීමැරුමටත් කොහේ හරි ඉන්න කුඩ්ඩෙක්ව පටලවලා උදාර රණවිරුවන්ව බේර ගන්න තිබුණා. දැන්වත් රටේ මිනිසුන්ට මිලිටරි පාලනයක මහඟු අවශ්‍යතාවය තේරුම් ගිය එක කොච්චර වටිනවද? හමුදා පාලනයක් තිබුණා නන් නිකමටවත් මේවා නිව්ස් වල වැටෙනවද? අන්න ඒකටයි හමුදා පාලනයක් වැඩියෙන්ම රටට අවශ්‍ය. පවතින මර්ධනය මදියි අපිට. තව ටිකක් වැඩියෙන් පකිස්ථානයේ මියන්මාරයේ වගේ වුනා නං මරු.
දැඩි දඬුවම් දිය යුතුයි, එහෙම නැති උනොත් එය නරක පූර්වාදර්ශයක් වෙනවා, හමුදාවට මිනිස්සු අනියත බියක් ඇතිවෙනවා, යුක්තිය ඉටු කරනු,
මෙවැනි මිනිස්සුන්ට දිය හැකි උපරීම දඩුවම් දෙන්න, තමන්ගේ නිල-බලය සහ හැකියාව සමාජයේ නිරායුධ අසරණ මිනිසුන් පෙලීමට යොදා ගැනීම අතිශයින්ම භයානකය .
පේනවා නේද විශම කාමය මෙළොවදීම මිනිසුන් විනාශ කරන වග.
හැම තැනම විනය පිරිහිලා .මානව ගුණධර්ම පිරිහිලා .මේ ලඟදි අපි දැක්කා තවත් හමුදා නිලදාරියෙක් මහ පාරේදී අසරණ මිනිහෙකුට ලේ වමනේ යන්න ගහනවා .හමුදාපති තුමනි මේ වගේ අයට උපරිම දඬුවම් දීලා හමුදාවේ නම රැක ගන්න
රනවිරු ලේබල් එක අලවල එලියට දායිද දන්නෙනැ. දන්නව නේ අප්පොච්චිගෙ වැඩ
කොටු පැනීම සමහරුන්ට විනෝදයකි... තව කෙනෙක්ට කුතුහලය දනවන පිම්මකි..... මෝඩයන්ට ගිනි ජාලාවකි.....!
මේ "පාහරයා" තමන්ගේ ඒ වටිනා වැදගත් නිළ ඇදුමේ මලපහ කර එම උතුම් නිල ඇදුමට නිගාකර ඇත. උපරිම දඩුවම් ලැබේවා.........
රණවිරු දඩයම පටන් අරන්.
පොලිසියෙන් අත් අඩංගුවට ගත් පමණින් සියල්ල අවසන් නොවේ. කලිනුත් ඔහොම හමුදාවේ අය අත්අඩංගුවට ගත්තා ඔයිට වඩා ලොකු අපරාධවලට... ඒත් දඬුවම් දුන්නු බවක් නම් මතක නැහැ...
දැනුත් ඉස්සර වගේම රණවිරුවන් දඩයම් කරනවා කියලා කියයිද?
මෙයාගේ අවාසනාවට අද විමල් වීරවංශලා ආණ්ඩු පක්ෂයේ කටට ප්ලාස්ටර් අලවලා. නැත්නම් මේ මොහොතේ ඔන්න රණවිරු දඩයම කියමින් පාරට බැහැලා...
රත්නායක වගෙ, රන විරුවා කියල නිදහස් කරයිද දෙය් යො තමා දන්නෙ.