(ඉන්දිකා රාමනායක)
තොටළග එල්ලේ කණ්ඩායමේ නායකයා ගේ ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයා අද පස්වරුවේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිද්ධියට සැකකාර ලුතිනන් කර්නල්වරයා සම්බන්ධ බවත් ඔහු අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දෙන ලෙසට පොලිසිය යුද හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව යුද හමුදා පොලිසිය සැකකාර ලුතිනන් කර්නල්වරයා අද පස්වරුවේ පොලිසිය වෙත භාර දීමෙන් පසුව අත්අඩංගුවට ලැබු බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තොටලග එල්ලේ කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරමින් සිටී රාගම බටුවත්තේ පදිංචි අකිල සම්පත් රත්නසිරි (36) නැමැති තිදරු පියෙකි.
ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වූ සමිට්පුර හිටපු ග්‍රාම නිලධාරිනිය සහ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටී සෙබළුන් 13 දෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් නව ගමනකට සමගි ජනබලවේගය මුලපුරන බව - විපක්ෂ න
මොනරාගල ප්‍රාෙද්ශිය සභාවේ සභිකයින් 20 දෙනාගෙන් සභිකයින් 11 දෙනකු ගේ බලය ජාතික ජනබලවේගය සතු කරගත්තේය.
කුලියාපිටිය නගර සභාවේ වැඩිබලය විපක්ෂයට හිමිව තිබේ. මුළු සභික ගණන 16කි. ඉන් ජාතික ජනබලවේගයට හිමිව ඇත්තේ සභිකධූර 6ක් පමණි.
පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභික ධූර 41කින් සභික ධූර 23ක බලය දිනාගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. විපක්ෂ කණ්ඩායම්වලට හිමි වූයේ සභික ධූර 18කි.
මහනුවර මහා නගර සභාවේ සභික ධූර 46 සභික ධූර 24 ක් හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
එල්ලේ ක්‍රිඩකයාගේ ඝාතනයට මට්ටක්කුලිය කඳවුරේ ලුතිතන් කර්නල් අත්අඩංගුවට
පැරකුම් Thursday, 30 September 2021 08:19 AM
අපට ඉස්සරහට මේ වගේ හමුදා ක්‍රියාකාරකම් නිතර අහන්න ලැබේවි. කවුරු කවුරුත් සූදානමින් හිටියොත් හොදයි නේද.
නිලූක Thursday, 30 September 2021 08:55 AM
රට පුරා ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවීමට ගත් තීරණය ඉතා හොඳ එකක්. කලින් ඉදන්ම එහෙම ක්‍රියාත්මක වුනා නං මේ මිනීමැරුමටත් කොහේ හරි ඉන්න කුඩ්ඩෙක්ව පටලවලා උදාර රණවිරුවන්ව බේර ගන්න තිබුණා. දැන්වත් රටේ මිනිසුන්ට මිලිටරි පාලනයක මහඟු අවශ්‍යතාවය තේරුම් ගිය එක කොච්චර වටිනවද? හමුදා පාලනයක් තිබුණා නන් නිකමටවත් මේවා නිව්ස් වල වැටෙනවද? අන්න ඒකටයි හමුදා පාලනයක් වැඩියෙන්ම රටට අවශ්‍ය. පවතින මර්ධනය මදියි අපිට. තව ටිකක් වැඩියෙන් පකිස්ථානයේ මියන්මාරයේ වගේ වුනා නං මරු.
සෙනෙවිරත්න Thursday, 30 September 2021 12:53 PM
ඇත්ත, මේ නිල ඇඳුම ඇඳගත්ත අයට දේවත්වයක් ආරූඪ කරලා හැම එකම කරන්න පුළුවන් වීරයින් හැටියට මතයක් සමාජගත කරලා මෙයාලගේ වීරකම් පෙන්නලා බලයට ආපු නඩයක් මේ ඉන්නේ... මෙයාලගේ පංචස්කන්ධයත් සාමාන්‍ය එකක් බව හමුදා නිලඇඳුමක් දැක්කම චූන් වෙන අය දැන්වත් අවබෝධ කරගත යුතුයි.
ලක්ෂාන් Thursday, 30 September 2021 09:23 AM
දැඩි දඬුවම් දිය යුතුයි, එහෙම නැති උනොත් එය නරක පූර්වාදර්ශයක් වෙනවා, හමුදාවට මිනිස්සු අනියත බියක් ඇතිවෙනවා, යුක්තිය ඉටු කරනු,
රට වැසියා Thursday, 30 September 2021 09:24 AM
මෙවැනි මිනිස්සුන්ට දිය හැකි උපරීම දඩුවම් දෙන්න, තමන්ගේ නිල-බලය සහ හැකියාව සමාජයේ නිරායුධ අසරණ මිනිසුන් පෙලීමට යොදා ගැනීම අතිශයින්ම භයානකය .
කිරි පුතා Thursday, 30 September 2021 09:38 AM
පේනවා නේද විශම කාමය මෙළොවදීම මිනිසුන් විනාශ කරන වග.
SUMANAWEERA Thursday, 30 September 2021 10:53 AM
හැම තැනම විනය පිරිහිලා .මානව ගුණධර්ම පිරිහිලා .මේ ලඟදි අපි දැක්කා තවත් හමුදා නිලදාරියෙක් මහ පාරේදී අසරණ මිනිහෙකුට ලේ වමනේ යන්න ගහනවා .හමුදාපති තුමනි මේ වගේ අයට උපරිම දඬුවම් දීලා හමුදාවේ නම රැක ගන්න
පැරකුම්Thursday, 30 September 2021 01:27 PM
අපි බලා ඉන්නවා හමුදාපතිතුමා මොනව ක්‍රියාවට ගනීද කියල. නැත්නම් ඉතින් එයත් අර ගොඩටම දාල ගණන් හදමු.
දාස Thursday, 30 September 2021 11:31 AM
රනවිරු ලේබල් එක අලවල එලියට දායිද දන්නෙනැ. දන්නව නේ අප්පොච්චිගෙ වැඩ
පිටිගල මිලානෝ Thursday, 30 September 2021 11:33 AM
කොටු පැනීම සමහරුන්ට විනෝදයකි... තව කෙනෙක්ට කුතුහලය දනවන පිම්මකි..... මෝඩයන්ට ගිනි ජාලාවකි.....!
Raveendra Thursday, 30 September 2021 12:23 PM
මේ "පාහරයා" තමන්ගේ ඒ වටිනා වැදගත් නිළ ඇදුමේ මලපහ කර එම උතුම් නිල ඇදුමට නිගාකර ඇත. උපරිම දඩුවම් ලැබේවා.........
[email protected] Thursday, 30 September 2021 12:27 PM
රණවිරු දඩයම පටන් අරන්.
ලුම්බිණි Thursday, 30 September 2021 01:12 PM
පොලිසියෙන් අත් අඩංගුවට ගත් පමණින් සියල්ල අවසන් නොවේ. කලිනුත් ඔහොම හමුදාවේ අය අත්අඩංගුවට ගත්තා ඔයිට වඩා ලොකු අපරාධවලට... ඒත් දඬුවම් දුන්නු බවක් නම් මතක නැහැ...
Jayampathi Thursday, 30 September 2021 03:03 PM
දැනුත් ඉස්සර වගේම රණවිරුවන් දඩයම් කරනවා කියලා කියයිද?
Hafeel Thursday, 30 September 2021 03:23 PM
මෙයාගේ අවාසනාවට අද විමල් වීරවංශලා ආණ්ඩු පක්ෂයේ කටට ප්ලාස්ටර් අලවලා. නැත්නම් මේ මොහොතේ ඔන්න රණවිරු දඩයම කියමින් පාරට බැහැලා...
එරන් ගා Friday, 01 October 2021 06:16 AM
රත්නායක වගෙ, රන විරුවා කියල නිදහස් කරයිද දෙය් යො තමා දන්නෙ.