IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වයස 30ට අඩු 150ක් කොවිඩ් වැළඳී මරුට

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදනය වී වයස අවුරුදු 30ට අඩු 150 දෙනෙක් මියගොස් ඇති බවත් ඒ අතරින් 96 දෙනකු වයස අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අය බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.

එබැවින් වයස අවුරුදු 20ත් 30ත් අතර කාණ්ඩයේ පසුවන සියලු දෙනා කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම ඉතා වැදගත් බව ද අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

අවුරුදු 20ට වැඩි සියලු දෙනාට ලබාදීමට අවශ්‍ය එන්නත් මේ වන විටත් රට තුළ තිබෙන බවද සමිත ගිනිගේ මහතා කීවේය.

කොවිඩ් හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 85ක් පමණ 60ට වැඩි වයසේ පසුවන අය නිසා තරුණයින්ට ගැටලුවක් නැති බව ඇතැමුන් සිතුවත් එය එසේම වන බවට සහතිකයක් දිය නොහැකි බව ද හෙතෙම පැවසීය.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි



අදහස් (0)

වයස 30ට අඩු 150ක් කොවිඩ් වැළඳී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site