
(අමිල සම්පත් ශ්‍රී)
අතරමැදියන් ගේ පාලනයෙන් තොරව පළමු වතාවට මුන් ඇට මිලදී ගැනීම තිස්සමහාරාම වීරවිල සතොස ගබඩා සංකීර්ණයෙන් දී අද (29) සිට ආරම්භ කළේය.
කිසිදු අතරමැදියකුගේ මැදිහත්වීමකින් තොරව වීරවිල සතොස ගබඩාවට මුංඇට අලෙවිකිරීමට ගොවීන්ට හැකියාව ලැබෙන අතර මුං ඇට කිලෝවක් සඳහා රුපියල් 525 ක ඉහළ මිලක් ගෙවීමට ද සතොස ආයතනය තීරණය කොට තිබේ.
ඒ අනුව ගොවීන්ගෙන් මුංඇට මිලදී ගැනීමේ ආරම්භක අවස්ථාවට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ මහතා ඇතුළු කෘෂිකර්ම නිලධාරීහු රැසක් ද එක් වූහ.
තිස්සමහරාම ලුණුගම්වෙහෙර, සූරියවැව, කිරිඳිඔය කලාපයේ මේ වන විට අක්කර 13,620 මුන් ඇට වගා කර ඇති අතර එමගින් අපෙක්ෂික අස්වැන්න ප්‍රමාණය කිලෝ ලක්ෂ තිහකි
මේ දිනවල මුං අස්වනු නෙලමින් ආරම්භ වී තිබූ අතර ගොවීනට එම අස්වනු අලෙවි කර ගැනීම මහත් ගැටළුවක් වී තිබුණි.
ප්‍රදේශයේ අතරමැදි වෙළෙඳුන් රුපියල් 300 ක් වැනි ඉතා පහළ මිලකට මුං ඇට කිලෝව මිලදී ගැනීමට තීරණය කර තිබීමයි. එහෙත් වෙළඳපොලේ පාරිභෝගිකයන්ට මුං ඇට කිලෝවක් මිලදී ගැනීමට සිදුවන්නේ රුපියල් 800ක වැනි ඉහළ මිලකට වුවත් එමගින් අතරමැදියන් අයුතු ලාභයක් උපයන බවත් පැහැදිලි වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළුවන් බලපු ගොයියන් කෘෂිකර්මේ කළානම් මුං වලටත් ගම්මිරිස් වලට වෙච්චි සැන්තෑසිය තමයි වෙන්නේ...!!!
ඉතා හොඳයි. අතරමැදියන්ගෙන් තොරව ගොවීන්ට ඉහළ මිලක් ලබාදීමට කැපවන සියළු සතොස කාර්ය මණ්ඩලයට පින් සිදුවේවා...