නාසා යැවූ යානය අඟහරු මතට නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද ප්‍රිසවරන්ස් රෝවර් යානය අද (19) අලුයම අඟහරු මතට සාර්ථක ලෙස පතිත කර තිබේ. 19 February 2021
බස්නාහිර පෞද්ගලික බස් රථහිමිවරුන්ට ලක්ෂ තුනක ණය අද සිට බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථ හිමියන්ට ලබාදෙන රුපියල් 350,000ක උපරිමයකට යටත් ණය මුදල ලබාදීමේ මූලික කටයුතු අද (19) සිට ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව මහතා පැවසීය. 19 February 2021
බලපිටිය ප්‍රා. සභාවේ විපක්ෂ නායකට මරණ තර්ජන රාත්‍රී කාලයේ යතුරු පැදි දෙකකින් පැමිණ බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අජිත් අසේල මහතාට (එ.ජා.ප) මරණීය තර්ජනය එල්ල කළා යයි කියන සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අද (19 ) පරීක්ෂණ ආරම්භ කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. 19 February 2021
දේශපාලනයේ ආදර්ශයට ගතයුතු ඉරාන්ගේ කතාව මෙරට සිටි කීර්තිමත්, රටට දැනෙන වැඩක් කළ වෛද්‍යවරයකු, ව්‍යවසායකයකු සහ තම හෘද සාක්ෂියට අනුව කටයුතු කළ ඍජු අදහස් තිබූ දේශපාලනඥයකු වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද ජීවතුන් අතර නැත. එහෙත් ඔහුගේ නාමය මෙරට වෛද්‍ය අධ්‍යාපන ඉතිහාසය තුළ නොමැකෙන සළකුණක් සනිටුහන් වී තිබේ. අභාවප්‍රාප්ත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පිළිබඳව බොහෝ කරුණු කාරණා පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ පළ විය. 19 February 2021
ගාල්ලේ පාසලක පන්තිකාමර 2ක් වසාදමයි ගාල්ල කලේගානේ පාසලක ඉගෙනුම ලබන දරුවන් දෙදෙනකුගේ පියා කොරෝනා ආසාදිත වීම හේතුවෙන් එම පාසලේ පන්තිකාමර දෙකක් අද (19) වසා දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස වසා දමා ඇත්තේ 01 වැනි ශ්‍රේණිය හා 05 වැනි ශ්‍රේණියයි. 19 February 2021
තීරු බදු රහිතව ගෙන්වූ ලක්ෂ 20ක දුම්වැටි ගුණසිංහපුර නිවාස සංකීර්ණයක තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 20ට අධික වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු පිටකොටුව ගුණසිංහපුර නිවාස සංකීර්ණය තුළ දී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය කියයි. 19 February 2021
හෝර්ටන්තැන්නේ කූඩාරම් අටවා 60,000ක් දඩ කති හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී එහි නීතිවිරෝධී ලෙස කූඩාරමක් සකස් කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුහට රුපියල් 60,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා නියෝග කළේය. 19 February 2021
පොලීසියෙන් යැයි කියා සිසුවෙකුගේ දුරකතනය කොල්ලකාලා තමන් පොලිස් නිලධාරීන් බව පවසමින් පාසල් දරුවෙකු රවටා ඔහු සතුව තිබූ රුපියල් 40,000 ක් පමණ වටිනා ජංගම දුරකතනයක් කොල්ලකෑ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද (19) හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය. 19 February 2021
හෙට කොළඹට වතුර කපයි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(20) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි. 19 February 2021
අරුග්ගොඩ සලිදුගේ කෝටි 2ක මත්ද්‍රව්‍ය බණ්ඩාරගමින් අල්ලයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ’’අරුග්ගොඩ සලිදු ’’ නැමැත්තාට අයත් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම දි අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය කියයි. 19 February 2021
අද කොරෝනා ආසාදිතයන් 501 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 243 දෙනෙකු අද රාත්රියේදී හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.10 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 19 February 2021
රවීගේ නඩුව ඇසීමට විනිසුරු මඬුලු දෙකක් යහපාලන රාජ්‍ය පාලන සමයේදී පැවැත්වූ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයට රුපියල් කෝටි ගණනක පාඩු සිදුකළ බවට එම රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ නඩු දෙක විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් විශේෂ මහාධිකරණ විනිසුරු මඩුලු දෙකක් අද (18) පත්කරන ලදී. 18 February 2021
රජයේ සේවකයන්ගෙන් රජයට කෝටි හයහමාරක පොල්ලක් වසර 08ක කාලයක් රජයේ නිලනිවාසවල පදිංචිව සිටි බලධාරින්ගෙන් රුපියල් මිලියන 64.6 ක නිවාස කුලී රජයට අයවිය යුතුව තිබූ බව වාර්තා වී තිබේ. 18 February 2021
කැස්බෑව අධිකරණය වහයි කැස්බෑව අධිකරණයේ සේවයේ නියුතු නීතීඥ අඹුසැමි යුවළකට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම අධිකරණයේ සාමාන්‍ය රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය (19) දා පැවසුවාය. 18 February 2021
හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ් රැඳවුම් බාරයේ තබා සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 3 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (18) නියෝග කළේය. 18 February 2021
පොලිස් නිලධාරීන් බව අඟවා කප්පම් ඉල්ලූ කල්ලියක් අල්ලයි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ ඒකකයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් බව පවසමින් බලපිටියේ පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස හිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලූ පොලිස් ස්ථානාධිපතිවරයෙකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු 5 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් අද (18) පස්වරුවේදී බලපිටියේ දි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අහුන්ගල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. 18 February 2021
පියාගේ ඝාතකයන්ට සමාව දුන්නා - රාහුල් ගාන්ධි කියයි සිය පියාගේ ඝාතකයන්ට සමාව දුන් බව ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතා ඉන්දියාවේ පුඩුචෙරිහිදී පැවැසීය. 18 February 2021
රිය අනතුරට ලක්වූ ආසාදිතයා රෝහලට ගෙන ගිය පොලිසියේ 5 ක් නිරෝධායනයට රාවතාවත්තේදී රිය අනතුකට ලක්ව මහ මග වැටී සිටි කොරෝනා ආසාදිතයකු රෝහලට ගෙන ගිය මොරටුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු පස් දෙනෙකු අද (18) ස්වයං නිරෝධානයට ලක් කළ බව පොලිසිය පවසයි. 18 February 2021
චමල්ට තවත් රාජ්‍ය ඇමති තනතුරක් රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 18 February 2021
හිජාස් හිස්බුල්ලා කොටුව අධිකරණයට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රැඳවුම් නියෝග මත සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අද(18) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. 18 February 2021
තෙල් ටැංකි රාජ්‍ය සමාගමකට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සමූහය ජනතාවට වගකියන රාජ්‍ය සමාගමක් විසින් පාලනය කෙරෙන අතර එහි කටයුතු රාජ්‍ය විගණනයට යටත් වනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 18 February 2021
දුම්රියේ ලක්ෂ 18 ක් සල්ලි පිල්ලි ගිහින් දුම්රිය ස්ථානවල අඩුපාඩු මිලදී ගැනීම සඳහා වාර්ෂිකව වෙන්කෙරෙන මුදලින් 2018 වසරේ එම දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 18 කට මිලදී ගත් භාණ්ඩ කිසිවක් දෙපාර්තමේන්තුවට ලැබී නැතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 18 February 2021
කෙරවලපිටිය කුණු කන්ද ගිනි ගනී වත්තල කෙරවලපිටිය කසල කන්දේ අද(18) හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලිසිය කියයි. 18 February 2021
ගම්මන්පිලට එරෙහි මුදල් නඩුව මාර්තු 22දා කැඳවයි රුපියල් මිලියන ගණනක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහි නඩුව ලබන මාර්තු 22 කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා අද (18) නියම කළේය. 18 February 2021
වතු අධිකාරීවරුන්ට පහරදී ගොම වතුරින් නාවති මස්කෙළිය පොලිස් වසමේ වතුයායේ වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දී එම දෙදෙනා ගොම වතුර වලින් නැව්වේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වතු යායේ වතු කම්කරුවන් 8 දෙනෙකු සැකපිට අද (18) අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසිය පවසයි. 18 February 2021
“හොඳ හිත නෙළුම් බුදු කුලුන” අගමැති සුරතින් විවෘත කෙරේ තිස්සමහාරාම, පොල්ගහවැලෑන, පන්නෙගමුව පාරේ පිහිටි හොඳ හිත සිතිවිලි මන්දිර පරිශ්‍රයේ ඉදිකළ අඩි 127ක් උස “හොඳ හිත නෙළුම් බුදු කුලුන” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (18) විවෘත විය. 18 February 2021
කළුතර සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ 20 කට කොරෝනා කළුතර සේරුපිට සිවිල් ආරක්ෂක කඳවුරේ 20 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතා පැවසීය. 18 February 2021
කාදිනල්තුමන්ගේ පෙත්සම ගැන කරුණු දක්වන්න පොලිස්පති -ආරක්ෂක ලේකම් 5වැනිදා කැඳවයි පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් පල්ලිවලින් සොයා ගත් 6000 කට ආසන්න කඩු තොගයක් මෙරටට ආනයනය කර බෙදා හැරීම පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් ලබන මාර්තු 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට අද (18) නොතීසි නිකුත් කළේය. 18 February 2021
‘2025 දී ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවෙන් සියයට 50ක් සපයනවා’ ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් 2025 වනවිට සැපයීමටත්, 2030 වනවිට ඩොලර් බිලියනයක අපනයන ආදායමක් ඉපැයීමටත් සහතික වන බව ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. 18 February 2021
රන්ජන්ගේ ජීවිතයට තර්ජනයක් ඇතැයි දිලිප් කියයි සිවු අවුරුදු සිරදඬුවමකට යටත්ව සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයා රඳවා ඇති අඟුණකොළපෑලැස්ස බන්ධානාගාරය තුළදී ඔහුට ජීවිත තර්ජනයක් ඇතැයි හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. 18 February 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026