
(සුමිත් ප්‍රේමතිලක)
සෝමාලියානු ධීවරයන් සිව්දෙනකු ගැඹුරු මුහුදේ අතරමංව සිටියදී බේරුවල ධීවරයන් පිරිසක් විසින් බේරාගෙන ඇති අතර , ඔවුන්ගෙන් දෙදෙනකු බීනු 5 බහුදින ධීවර යාත්‍රාවෙන් බේරුවල ධීවර වරායේ ධීවර යාත්‍රා මධ්‍යම වැඩපොල අංගනය වෙත රැගෙන එන ලදී .
මෙසේ රැගෙන විත් ඇත්තේ 25 සහ 30 වියැති සෝමාලියානු ධීවරයන් දෙදෙනෙකි
ඉකුත් අගෝස්තු 8 දා බේරුවල ධීවර වරායෙන් මසුන් මැරීම සඳහා මුහුදු ගොස් සිටි ධීවරයන් පිරිසකට ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවර සිව්දෙනකු හමුව ඇති අතර , බෝට්ටු දෙකකට දෙදෙනා බැගින් නංවාගෙන ඇති අතර , අනෙක් දෙදෙනා නංවාගත් බහුදින ධීවර යාත්‍රාව ඉදිරි දින කිහිපය තුළ බේරුවල ධීවර වරායට ළඟාවීමට නියමිත බව වෙරළ ආරක්ෂක නිලධාරී කාර්යාලය පවසයි.
බහුදින ධීවර යාත්‍රාවේ පැමිණි මෙරට ධීවරයන් සිව්දෙනා සහ සෝමාලියානු ධීවරයන් දෙදෙනා හෙට දිනයේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව සදහන් වේ.
ඔවුන් හය දෙනා මේ වන විට බීනු 5 බහුදින ධීවර යාත්‍රාව තුළ නාවික හමුදාවේ වෙරළ ආරක්ෂක නිලධාරීන් භාරයේ රදවා සිටි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද අපි ආයේ සෝමාලියාවටම ආවේ ..... මීට ධීවරයින්...
මේ පිංකමට සහභාගී වුන ඒ ධීවර සහෝදරයෝ 4 දෙනාට බොහොම පින් .නැතිනම් සෝමාලියානු දෙන්නට වෙන්නේ බඩගින්නේ මැරෙන්න .
ඒ කියන්නේ ලාංකික ධීවරයෝ දින 50කට අධික කාලයක් ගැඹුරු මුහුදේ...?
සෝමාලියාව, ඉතියෝපියාව දැන් ලංකාවට වඩා දියුණුයි