(නිමන්ති රණසිංහ)

කොළඹ නගර සභාවේ නාගරික භාණ්ඩාගාර නිලධාරිනියට සාපරාධී බිය ගැන්වීමක් සිදුකර අඩන්තේට්ටම් කළැයි කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මොහොමඩ් රම්සි මහතා කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (28) පොලීසියට පැමිණී නාගරික මන්ත්‍රීවරයාගෙන් එම ප්‍රකාශයට සටහන් කර ගැනීමෙන් පසු චෝදනාව කියාදී අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසයි.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.