(ඩයනා උදයංගනී)
ගෑස් මිලදී ගැනීම වෙනුවෙන් ඒකාබද්ධ සමාගමක් පිහිටුවා ජනතාවට පවතින මිලට වඩා අඩු මිලකට ගෑස් ලබාදීමට පියවර ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
ලිට්රෝ හා ලාෆ් යන ගෑස් සමාගම් ඒකාබද්ධ කර නව සමාගමක් පිහිටුවා රජයේ මැදිහත්වීම මත ඒකාබද්ධ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ඇති කිරීමෙන් තුළින් දැනට පවතින මිලට වඩා රුපියල් 125ක්, 130ක් පමණ අඩුවෙන් ගෑස් අලෙවි කිරීමේ හැකියාව ලැබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලා මල්ලෙන් ඒලියට පැන්නො
හොරා කාපු සුදු ළුණු ගඳක් එනවා
හාල් සීනි මිල අඩු කලා වගේ. හොඳයි.
පච කෙලින් නැතුව ඉන්න මන්ත්‍රීතුමා . ආණ්ඩුව අතින් ඔක්කොම ගිලිහී ගොස් අවසන්
මෙවැනි තීරණයක් ගැනීමට පෙර මේ පිළිබඳව ප්‍රමාණික දැනුමක් ඇති අයගෙන් විමසා තීරණය කිරීම සිදුකළ යුත්තකි. මෙහිදී එවැන්නක් සිදුවී ඇති බවක් නොපෙනේ.. (වියත් මගේ අදහස නොව), මන්ද ආයතන දෙක එකක් කිරීම තුලින් (merge) කිසි විටෙක පාරිභෝගිකයාට හොඳක් නොවනු ඇත. ව්‍යාපාරිකයන් තව දුරටත් බලවත් වීම තුළින් (තරගකරුවන් නොමැති වීම නිසා) මින් ඉදිරියට ගෑස් මිල පාලනය කල නොහැකි තත්වයක් උද්ගතවනු ඇත. සිදුවිය යුත්තේ තවත් ආයතන මේ සඳහා ඇති කිරීමයි.
පාරිභෝගිකයා ගැන සිතා කටයුතු කළොත් හොඳයි...