IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ගුවන් මගින්ට ලබන 1 වැනිදා සිට අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක්

(සුජිත් හේවාජුලිගේ සහ තිළිණි ද සිල්වා)

මෙරට පැමිණෙන දෙස් විදෙස් ගුවන් මගීන් සඳහා ලබන පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව මෙරටට පැමිණෙන දේශීය හෝ විදේශීය ගුවන් මගීන් එසේ ගුවන්ගත වන අවස්ථාවේදී කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයකු බවට තහවුරුවී නැති නම් මෙරටදී යළිත් කොරෝනා පරීක්ෂණ පරීක්ෂණවලට භාජනය නොවී සමාජගතවීමට ඔවුනට අවස්ථාව සැලසෙනු ඇත.

එසේම පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ විදේශිකයන්ට හෝ විදේශ සංචාරකයන්ට කොරෝනා පරීක්ෂණයකින් පසු ජෛව බුබුලක් යටතේ සිය හෝටලය වෙත යෑමට අවස්ථාව ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

තවද මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපොළේදි කොරෝනා පරීක්ෂණවලට භාජනය කිරීමෙන් පසුව ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුන් නිවෙස් කරා යොමු කිරීමට පියවර ගැනෙන බවත් ඉන්පසු දොළොස් වැනි දිනයේදී නැවත වරක් කරනු ලබන පී.සී.ආර් පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බවට තහවුරු වන්නේ නම් ඔවුනට සමාජගත වීමේ හැකියාව ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරාගනු ලබන හෝටලයකදී දින දාහතරක් නිරෝධායනයවී සමාජගත වීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ පවසයි .

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අදාලව නව චක්‍රලේඛයක්ද ඉදිරියේදී නිකුත් කරනු ලැබීමට නියමිතය.

සෞඛ්‍යය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව විසින් ගනු ලැබූ ලැබු තීරණයක් අනුව මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය හඳුන්වා දී ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමක් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වූ සාකච්ඡාවකදී මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කළේ‍ය.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය හා සංචාරක අමාත්‍යාංශයන්හි ඉහළ නිලධාරීහු සහ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු විවිධ සංවිධාන සංවිධානවල නියෝජිතයෝ පිරිසක්ද සහභාගී වූහ

 



අදහස් (12)

ගුවන් මගින්ට ලබන 1 වැනිදා සිට අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක්

Mangala Wednesday, 29 September 2021 08:17 AM

මෙතන අදහස් දෙකක් මුලින් කියනවා PCR අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ ආයෙ කියනවා PCR කරන්න ඕනෑ කියලා. දැන් එතකොට මොකක්ද ඇත්ත...?

:       7       11

AsokaThursday, 30 September 2021 10:52 PM

මංගල, කරුණාකර නැවත අන්තර්ගතය කියවා තේරුම් ගන්න...

:       0       1

Almeida Wednesday, 29 September 2021 08:37 AM

ඔයත් එක්කම කියන්න කවද්ද ඕක රිවස් කරන්නෙත් කියලා.. මොකද අපි ප්ලේන් එකෙන් බහිනකොට තව එකක් වෙලා තියෙයි. අපි දන්නවනේ ගැසට් ගහන්න ගිහිල්ලා..

:       2       18

amila Wednesday, 29 September 2021 10:55 AM

කරන්න පුලුවන්නම් හොඳ දෙයක් .ඒ උනාට මේ රජයේ තීරණ ක්‍රියාත්මක වෙන්නේ දවසයි දෙකයි .ඒකයි ප්‍රශ්නේ මොකද ඇත්තටම රට පාලනය කරන්නේ රජය නොවන නිසා

:       4       23

NuwanWednesday, 29 September 2021 12:09 PM

සහතික ඇත්ත... අර බඩාට ජරාව ලැබෙන්නේ ගුවන් මගීන්ව හෝටල්වල ගාල් කළොත් පමණයි...

:       0       0

hesa Wednesday, 29 September 2021 12:24 PM

විදේශිකයන් අප රටට විදේශ විනිමය නැවත ලබා ගැනීම හැකියාව ලැබෙන එකට සතුටුයි.. නමුත්.. "පූර්ණ එන්නත්කරණයට ලක්ව මෙරටට පැමිණෙන දේශීය හෝ විදේශීය ගුවන් මගීන් එසේ ගුවන්ගත වන අවස්ථාවේදී කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයකු බවට තහවුරු වී නැති නම් මෙරටදී යළිත් කොරෝනා පරීක්ෂණ පරීක්ෂණවලට භාජනය නොවී සමාජගත වීමේ හැකියාව ලැබෙන බවත් මෙහි සඳහන් වේ. මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපළේදී කොරෝනා පරීක්ෂණවලට භාජනය කිරීමෙන් පසුව ආසාධිතයකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුන් නිවෙස් කරා යොමු කිරීමට පියවර ගැනෙන බවත්, (ඒකත් හොඳයි..) නමුත් ඇයි? ඉන්පසු දොළොස් වැනි දිනයේදී නැවත වරක් ශ්‍රී ලාංකිකයින්ට පමණක්.. පී.සී.ආර් පරීක්ෂණයක්? එයිනුත්, නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරාගනු ලබන හෝටලයකදී දින 14ක් නිරෝධායනය වී සිටීමට.. තම පුද්ගලික වියදම් දැරීමක් නේද වෙන්නේ? විදේශීය රටවල පදිංචි, ඒ පැමිණෙන ශ්‍රී ලාංකිකයිනුත් විදේශ විනිමය නේද රැගෙන එන්නේ..? මට තේරුණු විදිය මේ.. නිවැරැදි නම් කියන්න කරුණාකරලා දන්න කෙනෙක්...

:       1       14

Mangala Wednesday, 29 September 2021 12:41 PM

වටෙන් ගිහින් ආයෙත් නහය මුලටම ඇවිත්. ඔය PCR දැන් මේ වෙදාලාගේ ගුරාලා ඉන්න රටවලත් කරන්නේ නැහැ. කාටද ඔය සල්ලි හම්බකරලා දෙන්නේ හැබෑටම...? මේ කතන්දර එකිනෙකට එකක් පරස්පරයි කියලා කාටවත්ම තේරෙන්නේ නැද්ද? කරුණාකරලා එන්නත් දෙකම ගහලා තියෙන අයව PCR නිදහස් කරන්න. එන්නත් ගහලා නැති විදේශිකයින් රටට ඇතුලුවීම තහනම් කරන්න. එන්නත් ගහලා නැති දේශීය අයට ගුවන්තොටුපලේදීම පලවෙනි එන්නත දෙන්න. ඔය PCR වලට යන කෝටිගණන් ජනතාවට සහන දෙන්න...

:       0       0

banda Wednesday, 29 September 2021 12:52 PM

එන්නත් දෙකම ගත්තු අපි කැමැතියි... අපි කැමැතියි අපි ඉන්න රටේදීම PCR එකක් කරලා ලංකාවට ඇවිත් නිදහසේ ගෙදර යන්න. නමුත් ලංකාවට ආවට පස්සේ මොන පිස්සුවක් කරයිද කියලා බය නිසා ලංකාවට එන්න දෙපාරක් හිතන්න වෙනවා.

:       0       1

පිටිගල මිලානෝ Wednesday, 29 September 2021 02:01 PM

යමු.. යමු.. අපි ඔක්කොම ලංකාවට... හෝටල්වල නැවතිලා රෙස්ටුරන්ට් වලින් කාලා රටටත් සෙතක් වෙන ගමන් අපිත් විනෝද වෙමු. මෙන්න ඒකට කාලය ඇවිල්ලා.!

:       5       8

Lakmal Wednesday, 29 September 2021 03:37 PM

කොරොනා වැක්සීන් එක ගහන්න බැරි අවුරුදු 12ට අඩු ළමයි ලංකාවට එද්දී මොකක්ද ක්‍රමවේදය? දෙමව්පියන් සම්පූර්නයෙන් එන්නත් කරණය කරගෙන ඉන්නේ...

:       0       4

ගමේ එකාලාFriday, 01 October 2021 02:56 PM

හමුදාපති හරි, සංචාරක ඇමතියා හරි තමයි ඒක ගැන දන්නේ...

:       0       0

Derby Saturday, 02 October 2021 04:17 PM

මේ විස්තර එක්ක ගැලීම් සටහනක් වගේ දෙයක් තියනවා නම් හොඳයි. තේරුම් ගන්න පුලුවන් කියන්න හදන එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ප්‍රසන්න රණවීර රිමාන්ඩ්
2025 මැයි මස 07 158 0

කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමක් වංචනිකව හොර ලේඛන සකසා විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනි දා තෙක් රිමාන


‘නව ගමනකට මුලපුරනවා‘
2025 මැයි මස 07 308 1

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් නව ගමනකට සමගි ජනබලවේගය මුලපුරන බව - විපක්ෂ න


මොනරාගල ප්‍රා.ස. ජය ජාජබට
2025 මැයි මස 07 156 0

මොනරාගල ප්‍රාෙද්ශිය සභාවේ සභිකයින් 20 දෙනාගෙන් සභිකයින් 11 දෙනකු ගේ බලය ජාතික ජනබලවේගය සතු කරගත්තේය.


කුලියාපිටිය නගරසභා වැඩිබලය විපක්ෂයට
2025 මැයි මස 07 624 0

කුලියාපිටිය නගර සභාවේ වැඩිබලය විපක්ෂයට හිමිව තිබේ. මුළු සභික ගණන 16කි. ඉන් ජාතික ජනබලවේගයට හිමිව ඇත්තේ සභිකධූර 6ක් පමණි.


මහව ජය මාලිමාවට
2025 මැයි මස 07 228 0


පොල්ගහවෙල බලය ජාජබයට
2025 මැයි මස 07 345 0

පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභික ධූර 41කින් සභික ධූර 23ක බලය දිනාගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. විපක්ෂ කණ්ඩායම්වලට හිමි වූයේ සභික ධූර 18කි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 917 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 229 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1284 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site