(නිමල කොඩිතුවක්කු)
ලංකාදීප, දිවයින කර්තෘවරුන්ට, එහි මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ට මෙන්ම තවත් මාධ්‍ය කිහිපයක මාධ්‍යවේදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස නියෝග කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම කුළුණ වන මාධ්‍ය අරඹයා එල්ල වූ පිළිකුල් සහගත තර්ජනය ඒ තර්ජනයටම අනන්‍ය වූ පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙවැනි තර්ජනාත්මක කැඳවීම් සිදු කිරීමේ අයිතියක් රහස් පොලිසියට නොමැති බවත් එවැනි කැඳවීමක් සිදුකිරීම මාධ්‍යවේදීන්ට කළ අපහාසයක් මෙන්ම ඔවුන්ගේ මාධ්‍ය භූමිකාවට සිදුකරන ලද බරපතළ අනිසි තර්ජනයක් සේ සලකන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
"මාධ්‍ය නිදහසට බරපතළ තර්ජනයක් එල්ල කරමින් ලංකාදීප, දිවයින කර්තෘවරුන්ට, එහි මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ට මෙන්ම තවත් මාධ්‍ය කිහිපයක මාධ්‍යවේදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස නියෝග නිකුත්කොට ඇති බව වාර්තා වේ.
ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති නිදහස සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14(1)වගන්තියේ පැහැදිලිව දක්වා ඇති අතර එවැනි රටක මාධ්‍ය භූමිකාවට මෙවන් තර්ජන එල්ල කිරීමට කිසිවකුට හැකියාවක් නැත.
අදහස් දැරීමේ හා පළ කිරීමේ නිදහස පිළිබඳ අයිතිය හැමදෙනාම සතු අයිතියක් බව මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මගින්ද, සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින්ද, මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මුතිය මගින් ද, ඉතා පැහැදිලිව පිළිගෙන තිබේ.
රටේ පවතින දූෂණ වංචා පිළිබඳව හෙළිදරව් කිරීම මාධ්‍ය සතු වගකීමක් වන අතර ,ඒ වගකීම ඉටු කරන මාධ්‍යවේදීන්ව රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමට හෝ ,ඔවුන් ඉලක්ක කරගෙන තර්ජන එල්ල කිරීමට හෝ , ඔවුනට බලපෑම කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බව අවධාරණය කළ යුතුය.
තොරතුරු දැනගැනීමේ පනත සක්‍රීයව පවතින අවස්ථාවක්ව තිබියදී කිසිසේත්ම මේ ආකාරයේ කැඳවීම් කිරීම කළ නොහැකි අතර, එවැනි ආවරණයක් නොතිබියදී වුවත් මාධ්‍යවේදීන්ට මෙවැනි තර්ජනාත්මක කැඳවීම් සිදු කිරීමේ අයිතියක් රහස් පොලිසියට නැත.
එවැනි කැඳවීමක් සිදුකිරීම මාධ්‍යවේදීන්ට කළ අපහාසයක් වන අතර ඔවුන්ගේ මාධ්‍ය භූමිකාවට සිදුකරන ලද බරපතළ අනිසි තර්ජනයක් සේ ද අපි සලකමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකටනේ ඩලස් සමාව ඉල්ලුවේ... අනිත් එක ආණ්ඩුව දන්නේ නැහැ සී.අයි.ඩී. එක ආපු එක...
මේ වනවිට රටේ පාලනය රාජපක්ෂලා වෙතින් ගිලිහී ගොස්... ඇති බව පැහැදිලිය.
තාත්තාගේ කාලේ නම් ඔහොම ඔෆිස් වලට ගියේ නෑ දවල් දවසේ. රෑට කෙලින්ම ගෙදරට ගියා විතරයිනේ. රිචර්ඩ් ද සොයිසාගෙන් ඇහුවා නම් කියාවි...
රිචඩ් දී සොයිසා ගැන අහල බැලුව නම් !!
ආන්ඩුව ගැසට් රිවස් කරලා වාර්තාවක් තියනවා.මෙයා මාද්‍ය නිනිවේදන නිකුත් කරලා වාර්තාවක් තියෙනවා.තකට තක.
මට හිතෙන්නේ මෙහෙම. පොලීසි ගිහින් වැඩක් නැහැ කළයුතු දේ නොකොට. හොරු අල්ලනවා වෙනුවට මාධ්‍ය පැත්තට හැරෙව්වා වැඩේ. රටේ සෞඛ්‍ය තත්වය දඩමීමා කරගෙන දමා ගත් හදිසි නීතිය අද ක්‍රියාත්මක වෙන්නේ වෙනත් ආකාරයකට බව ඉතා පැහැදිලියි.මේ ප්‍රයෝජන ගන්නේ හදිසි නීතියෙන් හා 2/3 කේ බලයෙන්. හරිම කණගාටුයි රට පත්වෙමින් තිබෙන තත්ත්වය ගැන.
පක්ෂ විපක්ෂ හැම දේශපාලුවකු ගෙන්ම රට බේරා ගැනීමට ජනතාව වශයෙන් එකමුතුව කටයුතු කරමු. තවත් මොවුන්ට රැවටෙන් නැතුව. ඉගෙනගත් ,තරුණ, බුද්ධිමත් නායකයන්ට දැන්වත් මනාපය ලබා දෙන්න මතක තබා ගනිමු.
මේ පරණ මහල්ලු ඔක්කොම එකයි .හොරා කන්න බලන් ඉන්නේ .තවත් මොවුන්ට නොරැවටෙමු .
පුතාණෝගේ තාත්තාගෙන් අහලා බලලා කියන්න. කොහොමද මාධ්‍ය නිදහස තිබුණේ කියලා... අනේද කියන්නේ... මෙයාලා මැරිලා ඉපදිලා වගේනේ...
මොවුන්ගේ සංදර්ශන