(ඩයනා උදයංගනී)
සහල් මිල පාලන ගැසට් නිවේදනය අවලංගු කිරීමේ අරමුණ පාරිභෝගිකයන් සහ ගොවි ජනතාව ආරක්ෂා කරගැනීම බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
එමෙන්ම සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම වෙළඳ අමාත්‍යංශය මගින් අද (28) දිනයේම ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අලගියවන්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා සහභාගී වෙමිනි.
ඒ අනුව, කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 95 ක්, නාඩු සහල් කිලෝවක මිල 98ක්, සම්බා සහල් කිලෝවක මිල 103 ක්, කීරි සම්බා කිලෝවක මිල 125 ක්, ලෙස වූ උපරිම සිල්ලර මිල ගැසට් අවලංගු කර ඇතැයි ද අලගියවන්න මහතා පැවසීය.
රජය ගැසට් ගැසීම සිදුකරන්නේ පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීම වෙනුවෙන් බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒවා වෙළඳපල තත්වය තුළ වසරකට දෙකකට වඩා පවත්වාගෙන යාමට නොහැකි බව ද කීවේය.
සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කරන්නේ පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීමට මිස මෝල් හිමියා ආරක්‍ෂා කරන්නට නොවේ යැයි ද හෙතෙම පැවසීය.
වී මිල ඉහළ නංවා ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමට වත්මන් රජය කටයුතු කළ බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම 2020 වසර එක සහල් ඇටයක්වත් ආනයනය නොකළ වසරක් ලෙස සටහන් වූ බව ද කීවේය.
සහල් ආනයනය කළත් වී සඳහා පවතින සහතික මිල වෙනස් නොකරන බව ද අලගියවන්න මහතා පැවසීය.
සහල් මෝල් හිමියන් ගොවීන්ගෙන් අඩුවෙන් වී මිලදී ගත්තොත් ඉතිරිය වී අලෙවි මණ්ඩලය හරහා ලබාගැනීමට සූදානම් බව කී අමාත්‍යවරයා ගොවි ජනතාවත්, පාරිභෝගිකයාත් ආරක්‍ෂා කිරීම රජයේ අරමුණ බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ගැසට් එක ගැහුවේ එයාලා නැති කරන්න... නේද?
ගැසට් ගහනවා... රිවස් කරනවා..
ඔය ඇමතිකම දෙමු ඩඩ්ලිට. කයිවාරු නම් ගමකට. කෝ අනික් එක්කෙනා...? මෙතෙක් ආපු එක් ආණ්ඩුවකටවත් බැරි වුණා ඔය සහල් මාෆියාව නැති කරන්න. ලැජ්ජා නැතුව තව කියනවා පාරිභෝගිකයින් ආරක්ෂා කරනවලු..
මේවගේ ප්‍රශ්නයක් 5 පන්තියේ ළමයෙකුට දුන්නානම් හොඳින් විසදාවී
දැන් ඔය පරන කතාවල් නොකියා පැත්තකට වෙලා ඉන්න එක ඔයිට වඩා හොද නැද්ද? අඩුමිලට සහල් දෙන කතාවල් දැන් අවලංගුයි. සහල් මුදලාලිලාට මේක කරගෙන යන්න ඉඩදෙන්න උනා නේද? වෙන රටක නම් ඇමතිවරු ඉල්ලා අස්වෙනවා. ඒකට අපේ රටේ තනතුරු වල එල්ලෙන්න බලනවා මිසක් අස්වෙන එක දන්නෙම නෑ වගේ ඉන්නවා.
පාරිභෝගිකයා කෙසේවෙතත් දේශපාලකයින්ගේ ආරක්ෂාව නම් පවතිනවා
මෙයා මොනවා කියනවද කියලා මෙයාවත් දන්නේ නැහැ.
පාලකයන් කරන්නේ බිස්නස් ඖෂධ, සීනි, පොහොර වගේ ඔවුන්ගේ බලාපොරොත්තු රට සුද්ද කිරීමයි..
එතකොට මොන මගුලකටද ඔයි ඔය ගැස්ට්ටුව ගැහැව්වේ. ගැසට් ගැහැවුවොත් වැඩෙ අනාගන්නවා කියල තවම තේරුම් ගන්න බැරි වුනාද
කෘෂිකර්ම ඇමැති කෙනෙක් සහ දෙපාර්තමේන්තුවක් තියෙන්නේ රටින් හාල් ගේන්නද? ඕක වහලා දාන්න. අපරාදේ සල්ලි විනාශ කරනවා..
රටේ ඇතිතරම් හාල් තියෙනවා... එය කලමණාකරණය කරගන්න අසමත් බව නේද මේ කියන්නේ...?