(නිමන්ති රණසිංහ)
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (28) පස්වරුවේ මියගියේය.
කොවිඩ් ආසාදිතව අයි ඩී එච් රෝහලේ මාසයකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා, කෝමා තත්ත්වයෙන් සිටියදී කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත්තේ ඉකුත් සතියේ බව එම රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සති දෙකකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි සභාපතිවරයා අද (28) පස්වරුවේ මිය ගියේය.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් රංගජීව ජයසිංහ මහතා පත්වූයේ ඉකුත් 2018 වර්ෂයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා පොහොට්ටුවේද?
නිවන් සැප ලැබේවා
රටකට ගිය කලක් කෙනෙක් මැරුණම මැරුන කෙනාගේ පක්ෂේ මොකක්කද කියල අහන තැනකට .............
මෙයා එන්නත් 2ම අරගෙනද? නැතිනම් ධම්මික පැණිය විතරක් බිව්වද?
ඉපදෙන සෑම සත්වයෙක්ම යම් දිනෙක මොලොව හැර යනවා. එය ලෝක ස්වභාවයේ හැටි තමයි. නමුත් දැන් මියගිය පුද්ගලයා මොන පක්ෂයේද කියා අසන මෝඩ, තකතීරුවන්ද සිටින බව පෙනේ. මොවුන් නම් සාමාන්‍ය මිනිසුන් විය නොහැක. හරිම කණගාටුයි. සමාජය මෙතරම් පිරිහිලාද?
ඔබතුමාට අජරාමර උතුම් නිවන් සම්පත්තිය ලැබේවා... මතු උපදින කිසිඳු භවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා...
පක්ෂය කුමක් වුවත් සමාජයට පුද්ගලයකු අහිමිවීම ගැන දුක්වෙමි.