(යොහාන් භාසුර)
සහල්වලට සම්බන්ධ එක සමිතියක් යෝජනා කළ සහල් මිල රජයට පිළිගත නොහැකි බවත් රජය සද්භාවයෙන් පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කිරීමට උපරිම මිල ඉවත්කිරීම කිසියම් පාර්ශවයක් වැරදි ලෙස පාවිච්චි කරන්නේ නම් අනිවාර්යෙන්ම රජය ඊට මැදිහත් වන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට අද (28) පස්වරුවේ පැවසීය.
රජය ලබාදුන් නිදහස පාවිච්ච කර යම් පාර්ශවයක් සහල් මිල වැඩි කිරීමට කටයුතු කළ හොත් එයට මැදිහත් වීමට සිදුවන බව කී රාජ්‍ය අමාත්‍ය අලගිවන්න මහතා එක සමිතියක් ඉදිරිපත් කළ මිල රටේ සහල් මිල බවට පත්වීමට ඉඩ නොතබන බවත් සඳහන් කළේය.
එම සමිතිය නාඩු සහ කීරි සම්බා සඳහා ඉදිරිපත් කර ඇති මිල කෙසේවත් පිළිගත නොහැකි මෙන්ම සාධාරණ නොවන බවත් එක සමිතියක් එවැනි මිලක් තීරණය කරන්නේ නම් රජයක් සිටීමෙන් ඵලක් නොවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීරි සම්බා සමඟ ගනුදෙනු කිරීමේ ඔබේ අකාර්යක්ෂම ක්‍රමය ඔබ තේරුම් ගෙන තිබීම ගැන අපි සතුටු වන්නෙමු.
අනේ මේ මැදිහත් වෙලා නිකන් නෝන්ඩි නොවී ඉන්න. ඔබතුමාලට බැ ඒවා පාලනය කරන්න
එතකොට සීනි, සුදුළූණු වුන දේ මතක නැතේයි? ඒවත් උනේ මේ රජය කාලේ නෙවෙයිද ?
තව දුරටත් සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ බදු මුදලින් ගොවීන්ට රසායනික පොහොර හෝ කාබනික පොහෙර සදහා සහනාධාර ලබා නොදී, ගුණාත්මක සහල් ආනයනය කර සහන මිලට සාමාන්‍ය පාරිභෝගිකයන් හට ලබා දීමට රජය කටයුතු කළ යුතුය. සහල් මිල තීරණය කිරීම එක් පාර්ශවයකට හිමි වීමෙන් නුදුරේදීම සහල් මිල අහස උසට යනු ඇත. සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ ආදායම ඒ හා සමානව වැඩි නොවන බැවින් පරිබෝජනය සීමා කිරීමට සිදු වනු ඇත. එබැවින් බහුතරයක් වන සාමාන්‍ය පාරිභෝගිකයන් ගැන සිතා රජය යහපත් ප්‍රායෝගික තීරණයක් ඉතා ඉක්මණින් ගත යුතුය
මුදලාලිලාටත් යටත් ආණ්ඩුවක්
මුන්ගේ කයිවාරුව විතරයි, ලොකු ටෝක්ස් ඩඩ්ලිලා ඉදිරියේ බලුවෙනවා.. කෝ අපේ විරුවා..? තාම ඇමරිකාවේද?.
ආණ්ඩුවේ සියලුම වැඩපිළිවෙළවල් අසාර්ථකයි. දැං ඉතිං වෙන කරන්න දෙයක් නෑ ගෙදර යන්න...
අසමත් රජුගේ රට කෙරුවාව. පසුපස ගියරය නැත්නම් ඇපත් නෑ...
අනාගත්ත රජුගේ රජය තිබිලා වැඩක් නෑ මහජනතාවට... ඒක ඇත්ත කියලා තේරෙනවා නම් ලොකු දෙයක්. තම බැරිකම පිලිගෙන පැත්තකට වෙන්න ඕනෑ කියලා දැනගන්න ඕනෑ...
වැඩ බැරි ටාසන් සහ හොරු හතළිහ...