(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලබා දිය හැකි සහන සම්බන්ධයෙන් ධනාත්මකව කටයුතු කරන බව යුරෝපා සංගමයේ නියෝජිතයෝ පිරිසක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට දැනුම් දුන්හ.
එම නියෝජිතයන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය ගැන සෑහීමට පත්වූ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
යුරෝපා සංගමය මෙරටට ලබාදෙන ජීඑස්පී ප්ලස් සහනය ඉදිරියටත් ලබා දෙන්නේ දැයි කරුණු සොයා බැලීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයෝ පිරිසක් අධිකරණ අමාත්‍ය අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යංශයේ දී ඊයේ(28) හමුවූහ.
එම සහනය ඉදිරියටත් ලබාදීම තීරණය කිරීම සඳහා මෙරටේ ප්‍රගතිය සමාලෝචනය කිරීම එම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය.
යුරෝපා සංගමය නියෝජිතයෝ එම සංගමය ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ආකල්ප ගැන මුලින්ම ප්‍රකාශ කළහ.
එසේම එම නියෝජිතයන් අධිකරණ ක්ෂේත්‍රයේ වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන් කරුණු විමසූ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
මෙහිදී අධිකරණ ඇමැතිවරයා අධිකරණ ක්ෂේත්‍රයේ සිදු කෙරෙන නීති ප්‍රතිසම්පාදනය, අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කිරීම, නඩු කටයුතු කඩිනම් විසඳීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම මෙන්ම අධිකරණ ශාලා වැඩි දියුණු කිරීම, ඊට සමගාමීව විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කිරීම ,ව්‍යවස්ථා සංශෝධනය ආදී කරුණු සම්බන්ධයෙන් යුරෝපා සංගම් නියෝජිතයන්ට කරුණු පැහැදිලි කළේය .
යුරෝපා සංගම් නියෝජිතයන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය ගැන සෑහීමට පත්වූ බවත් සියලු සහන සම්බන්ධයෙන් ධනාත්මක සලකා බලා ඉදිරියේදී කටයුතු කරන්නේ යැයි ඔවුන් ඉන් පසු දැනුම් දුන් බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නෙ , අධිකරණ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් දෙයි ඇට්ටි හැලෙන්නම පට්ටියේ ඉන්න හරකුන් 225ම අපි හින්දා තමයි යුරෝපා සංගමය ධනාත්මකව හිතන්නේ කියලා. රනිල්ගේ ගොට්ටන් කියයි පරිණතම දේශපාලුවා නිසා එසේ වුණු ලෙස, ගෝඨාගේ ගොට්ටෝ ටික කියයි අපේ ලොක්කා නිසා කියලා, පුතාණෝගේ සහචරයින් ටික කියයි නෑ අපි නිසා කියලා. අපරාදේ කියන්න බැහැ දියව් දියව් කළු මලයා නම් ම්ම්... කියන එකක් නැහැ.
මතකනේ අර චීන එන්නතේ කතාව පොඩ්ඩක් ඉවසල බලමු. මේ නිවේදනය ගැන යුරෝපා සංගමය මොකද කියන්නේ කියල
මේ අය අන්දන්න බෑ ගොයියෝ ... අපේ ලොක්කන්ගේ පැටිකිරිය හොඳට හදාරලයි කස්ටිය එන්නේ...
අපගේ යහපැවැත්ම සඳහා මානව හිමිකම් සමඟ කිසිදු සම්බන්ධයක් නැති යුරෝපීයයන් මත තමන්ගේම න්‍යාය පත්‍රයක් මත යැපීම අපට මහත් කණගාටුවට කරුණකි. අපි සැලසුම් කර විදේශයන් මත යැපීමෙන් මිදිය යුතුයි
බංගලියන්ගෙනුයි, චීන්නුන්ගෙනුයි හිඟා කන මේ නින්දිත උද්දච්ඡ ජාතියට මොනවටද යුරෝපා සංගමයෙන් ආධාර... "පිට කසාගන්න නියපොත්තක් නැති වුණාට" බලන්න ඕනෑ කටවල්වල තියන කයිවාරුව...? මේ විපරිත තක්කඩි ජාතියට ඔය සංගම්වල සහයෝගය ලබා නොදී වැදගත් දුප්පත් ජාතියකට ඔය සහන හෝ ආධාර ලබා දෙන්න. මොවුන්ට උදව් කරලා ඵලක් නැහැ. කෙලෙහිගුණ නොදත් මොවුන් කාපු පතේ පහරන තුප්පහි ජාතියක්...