
(නිපුන් ගරුක)
කොරෝනා වසංගතයෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා නොමිලේ බෙදා දීමට නියමිත “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම අද (28) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.
දේශිය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අග්‍රාමාත්‍යවරයාට නිල වශයෙන් මෙම “සුව ධරණී” ඖෂධ මංජුසාව පිළිගැන්වීය.
“සුව ධරණී” ආයුර්වේද ඖෂධ මංජුසාව පළමු අදියර යටතේ දිවයින පුරා පිහිටි සියලුම පූජනීය ස්ථානවලටත්, දෙවන අදියරේ යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මහජනතාවටත් නොමිලේ ලබා දීමට සැළසුම් කර තිබේ.
සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ප්‍රකාශය අනුව යමින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ අරමුණ ඇතිව බෙදාදෙන මෙම ඖෂධ මංජුසාව, සුව ධරණී ප්‍රතිශක්තීකරණ පානය, ගුඩුච්‍යාදී චූර්ණය සහ ඖෂධීය කැඳ වර්ගවලින් සමන්විතය.
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් දේශිය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ , ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට හරි පුලුවන්ද මට ඔප්පු කරල පෙන්නනවද මේකෙං අඩුගානෙ හෙම්බිරිස්සාවවත් හැදෙන එක වලක්වන්න පුලුවං කියල? වැක්සීන් එකෙං යන්තං ගොඩ දාගත්තා
ඔය ඇබිත්තක් සතියක් දෙකක් බීලා ඇතිද?
බැලූ බැල්මටම මේ කරනුයේ ප්‍රයෝජනයක් නැති දේකට සම්පත් නාස්ති කිරීමකි.
දැං ඉතිං මීට පස්සෙ අපේ රටේ කාටවත් ඉහෙං බහින ලෙඩක් හැදෙන එකක් නෑ.
එතකොට සුදර්ශනී පැණිය බීපු අය?
පළමුව එන්නත් ලබාගන්න. ප්‍රතිපල නොමැතිනම් දෙවනුව නොමිලේ දෙන ඖෂධ මංජුසාව ප්‍රයෝජනයට ගන්න
ධම්මික පැණිය බීලා වෙච්චි දේවල් මතක් වෙන කොට පුදුම බයක් හිතට දැනෙන්නේ
මිනිස්සුන්ට එදා වේල කන්න නැහැ
නොමිලේ දෙන්නේ කොහොමද? කවුද බරපැන දරන්නේ? අන්තිමට මහජන මුදල්මද කියලා අපිට කියන්න... දැනගැනීමේ අයිතියක් ඇති නිසා...
පෝලියෝ, වසූරිය, ගලපටලය, කක්කල් කැස්ස, මැලේරියාව, බරවා, ලාදුරු ආදී රෝග රැසක් ලංකාවෙන් සහ සමහර රෝග ලෝකයෙන්ම තුරන්කලේ ඔය කියන වෙදකමද? අඩුගානේ ඔය කියන වෙදකමේ හරිහමන් පණු බේතක්වත් තියෙනවද? ඒ කාලේ පණුවෝ හිරවෙලා කොච්චර ළමයි මැරුණාද? ඔය වෙද්දු පණු අමාරුවට දෙන්නේ (එයාලා බොන්නෙත්) වර්මොක්ස් හරි, ඇල්බෙන්ඩසෝල් හරි. ළිදෙන් වතුර බීලා ගඟට ආවඩනවා. රටට සල්ලි අහේනි වෙලාවේ කෝටි ගණන් සල්ලි විනාශ කරනවා. හරි විදියට නම් එයා ධම්මික පැණියෙන් රටම රවට්ටලා, ලෝකෙටම අපේ රට විහිළුවක් කළාට රටෙන්ම සමාව ගන්න ඕනෑ...
කෝවිඩ් 19 යනු වෛරස් ලෙඩකි. ඉන් ගැලවී සිටීමට නම් අත් සෝදා අදාල පරිදි ජීවත් විය යුතුයි. මේ මන්ජුසාවත්, කෝවිඩ් 19 නිවාරණයත් අතර සම්බන්ධයක් මා දකින්නේ නැත. මෙය මහජන මුදල් නාස්තියකි.
එයා ඒක බිව්වද කියලා දැනගන්න ක්‍රමයක් තියෙනවාද?
කොරෝනා සනීප කරන්න ආපු කුට්ටි අප්පු වෙදරාල පාර්ලිමේන්තුවට වැඩම කරලා විතරක් නෙමෙයි, කතානායකතුමා ඇතුලු තවත් තුමාලා, තුමීලාට පැණි පෙව්ව තුමාගේ මේ වැඩෙත් ඒකට දෙවෙනි නෑ. මේ වගේ වැඩ කරන මේ වගේ තුමාලා ගැන මිනිස්සුන්ට කොයි දේ කලත් දැන් විශ්වාසයක් නෑ.
කරුණාකර මහජන මුදල් නාස්ති කරන්න එපා.
මේ සුවධරණී ආයුර්වේද මංජුසාව දැනට මාස දෙකක් විතර තිස්සේ නොමිලේ මහජනතාව ට බෙදා දෙනවනෙ. ඔය ගම්පහ ආයුර්වේද වෛද්‍යවරුන් මේක මේ වෙනකොටත් ගෙවල් දාස් ගානකට ගෙවල් වලට දීලා ඇති. ... අලුතෙන් අගමැති ට පුදන්න දෙයක් නෙවෙයි .
මිථ්‍යාවේ අන්ක එක.....
රට හදමු ඩොට් කොම්. හරියට හරි මේ වෙලාවෙ තියන සීමිත සම්පත් නාස්ති කිරීම කිසි සේත්ම අනුමත කල නොහැක.
අනේ මෙහෙමත් ගොන් අලි ඉන්න රටක් .රටේ මහජන මුදල් නිරපරාදේ නාස්තිකිරීම මොවුන්ගේ පුරුද්දක් වෙලා .ඔයිට වඩා නරකද මුදලට අත්‍යවශ්‍ය ඖෂධ ගෙනත් දුන්නානම් .
මගේ ප්රශ්නය ඇයි මේ මහා යුග පුර්ෂයා පැත්තක් බාලා වගේ ඉන්නේ ?
සිල් රෙදි දෙවන කොටස... මේ වගේ නින්දිත පාලකයින් ලෝකේ කොහේවත් නැතිව ඇති.
කීයක්හරි ගසා කන්න මොකක්හරි උප්පරවැට්ටියක් හදාගෙන එනවා...
"සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය, ප්‍රකාශය අනුව යමින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ අරමුණු ඇතිව" මේ පැණිය සුරාබදු එකෙන්ම බෙදුවා නම් තමයි හොඳ...
මුලින් කරන්න ඕන දේ අන්තිමට කරන ලෝකයේ එකම රට.. තියෙන එන්නත් ඔක්කොම ගෙනැල්ලා අන්තිමට දේශීය මතක් වෙලා..
මේක එක අතකින් බලපුවාම අර බූරුවගෙයි තාත්තගෙයි පුතාගෙයි කතාව වගේ. දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යංශයක් කියලා එකක් තියෙන ඒකේ වැඩකට ඇතුව හරි, නැතුව හරි මොකක්හරි මංජුසාවක් හදන්න ඇති. එහෙමවත් හැදුවේ නැත්නම් අපේ රටේ මිනිස්සු කියන්නේ අමාත්‍යාංශයකුත් තිබිලා මුකුත් කළේ නැහැ කියලා. හැදුවාම කියන්නේ මේක මෙලෝ වැඩක් නෑ කියලා. මේ නමින් අමාත්‍යංශයක් තිබුණේ නැත්නම් කියන්නේ දේශීය වෙදකම බල්ලට දාලා ඒ් සම්බන්ධයෙන් අමාත්‍යංශයක්වත් නෑ කියලා. අමාත්‍යංශයක් හැදුවාම කියන්නේ මෙලෝ වැඩක් නැති දේවල්වලට මුදල් නාස්ති කරනවා කියලා.. මොලේ විකාරයි මේ රටේ ජීවත් වෙද්දි...
මීට වඩා හොඳයි, දුප්පත් මිනිස්සුන්ට වියළි ආහාර ටිකක් දුන්නා නම්... කීයක්හරි හොරකම් කරන්න තමයි බලන්නේ..
නොමිලේ දෙනවා නම් අපේ අයට කොරෝනත් කමක් නැහැනේ..
අගමැතිතුමාට එළියන්ත වයිට් වෛද්‍යාචාර්යතුමා සුදුසු බෙහෙත් දීලා ඇති...!
අපි නම් එන්නත ගැන පමණයි විශ්වාස කරන්නේ...
පැණි නාටකයේ දෙවැනි කොටස.. එළියන්තගේ මරණයෙන් වත් ඉගෙන ගනිව්.. මෝඩ දේශපාලකයිනි..