( තිළිණි ද සිල්වා )
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලෙබනනයේ රැකියා සඳහා ඇතුළුවීමට නැවත අවසර ලබා දී ඇති බව ලෙබනන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
එරට පැවති කොවිඩ් වසංගත තත්ත්වයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන්, මේ වසරේ මාර්තු මස සිට බලපැවැත්වෙන පරිදි වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලෙබනනයේ රැකියා සඳහා ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබුණි.
මේ වන විට ලෙබනනය තුළ කොවිඩ් වසංගතය පාලනය කර තිබෙන බැවින් නැවත එම අවසරය ලබා දී තිබෙන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ඕනෑම කොවිඩ් මර්දන එන්නතක අදාළ මාත්‍රා දෙකම ලබාගෙන ඇති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එම අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd