(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විවිධ හේතු මත ඇසීමට නොහැකිවූ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න 40කට පිළිතුරු දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට (4) දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙම රැස්වීම අද(4)උදේ 10.00 සිට සවස 4.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.
මේ අතර පාර්ලිමේන්තුව හෙට (4) සඳුදා සිට ලබන 08 වැනිදා සිකුරාදා දක්වා දින පහක් රැස්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනත යටතේ නියෝගයක් අනිද්දා (5)උදේ 11.00 සිට සවස 4.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය
ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) 6 වැනි දා බදාදා උදේ 11.00 සිට සවස 4.30 දක්වා විවාදයට ගැනේ.
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම), සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) සහ සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් ලබන 07 වැනිදා බ්‍රහස්පතින්දා උදේ 11.00 සිට සවස 4.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකට නැති පිළිතුරු වැලකුත් ඇති